ගිය තිස් වසරේදී උතුරු නැගෙනහිරින් තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට දාව ළමයින් 24,000 ක් උපත ලබා ඇතත් ඉන් ඉන්දියාවේ පුරවැසි භාවය හිමිව ඇත්තේ දරුවන් 8000 කට පමණක් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
පවතින නීති රීති යටතේ ඉන්දීය සරණාගත කඳවුරුවල උපදින ලාංකික දරුවන් වසරක් ඉක්මයන්නට පෙර චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ ලියාපදිංචි විය යුතු බව දෙමළ සරණාගතයින් පුනරුත්ථාපන සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රා හසන් මහතා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පවසා ඇත.
දකුණු ඉන්දියාවේ අවතැන් කඳවුරුවල උපන් 16,000 කට ආසන්න තවත් ලාංකික දෙමළ දරුවන් තවමත් සරණාගත තත්ත්වයේ පසුවන බවද ඔහු කියයි.
දකුණු ඉන්දියාවේ සිටින ලාංකික සරණාගතයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමුවෙන්ම මෙම දරුවන්ගේ උපත ලියාපදිංචි කළ යුතු බවත් ඉන්පසු ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගත යුතු බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ වාර්තාවේ සඳහන්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව ප්‍රශ්නයක් ටිකින් ටික මෝදුවේ
ඉන්දික Tuesday, 03 February 2015 02:52 PM
ඉන්දියාවට දැන් ටික ටික තමුන්ගේ ඉත්තෝ වැඩි කරගන්න පුළුවන් උතුරේ. අවුලක් නෑ. බඩු මිල අඩු කලානේ. අපිට කොත්තමල්ලි බි බී ඉන්න පුළුවන්. (නදී)
දහම් Tuesday, 03 February 2015 04:24 PM
අනේ මං නම් ඕවා ගැන හිතන්නෙ නෑ. අපිට පෙට්‍රල්, කොත්තමල්ලි අඩු කරලා දුන්නනේ. තව ටිකක් බඩු මිල අඩු කලා නම් ලංකාව ඉන්දියාවට දුන්නත් මට මොකෝ. (නදී)
සේනාදීර Tuesday, 03 February 2015 05:03 PM
සිංහලුන්ට තව කන්න ඩිංගක් දැම්ම නම් ඕක කර ගන්න එක කජ්ජක් ද? (නදී)
නලින් Tuesday, 03 February 2015 05:25 PM
අරාබිය පැත්තෙත් බලන්න. එහෙත් ඉන්නවා නම් ගෙන්නා ගන්න. (නදී)
සරත් Tuesday, 03 February 2015 06:17 PM
දහම් ඔයාගේ කටේ හාල් මැස්සෝ දමන්න වටිනවා කියන කතා වලට (නදී)
අනුර Tuesday, 03 February 2015 06:29 PM
සිංහලයා මෝඩයා කැවුම් කන්ඩ යෝදයා (නදී)
මුරලි Tuesday, 03 February 2015 11:26 AM
අපිට අඩුවකට තිබ්බේ ඔච්චරයි .....ඉන්දියාවෙන් අායෙත් කල්ලතෝනි ටිකක් එවයි. (නදී)
ප්‍රනාන්දු පැරිස් Tuesday, 03 February 2015 09:44 PM
ඉන්දියාවේ පිදුරු ලාබයි. බදු අඩු කර පිදුරු ගෙන්වමු. ජිවන වියදම සැලකිය හැකි ප්‍රමාණයකින් අඩු කර ගත හැකියි (නදී)
ප්‍රනාන්දු පැරිස් Tuesday, 03 February 2015 09:59 PM
මව් පිය බාවය තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ පරික්ෂාවද කල යුතුයි (නදී)
නිමල් ලලිතා Tuesday, 03 February 2015 11:38 PM
මුරලි,සාමා,ඉන්දික ඔබේ අදහස් වලට මමද එකඟයි. සිංහල අපි දේශපාලන වශයෙන් බෙදී මරා ගන්න සිංහල නායකයන්ට ඡන්දය දෙමු. (නදී)
සාමා Tuesday, 03 February 2015 12:19 PM
ඔන්න නියම අාතල් එකක් ඊළඟට හෙට අනිද්දා ඔය 16000 අාවහම ඒ ගොල්ලෝ ලොකු මහත් වෙන්නේ ඉන්දියාවේ උපන් බව හිතේ තියාගෙන. සෙට් එක තව දරුවෝ හදපුවහම ඔක්කොම එකතු වෙලා කියයි ඒ ගොල්ලෝ ඉන්න පැත්ත ඉන්දියාවේ කෑල්ලක් කරන්න කියලා (නදී)