මුහුදු මගින් හොරෙන් ඕස්ටේ්රලියා යන්නට තැත් කළ 41 දෙනෙක් වෙන්නප්පුව වයික්කාල කම්මල පෙදෙසේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. මොවුන් මීගමුව, වෙන්නප්පුව, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, පරන්තන්, වවුනියාව පදිංචි තරුණයන් බවද පොලිසිය පවසයි. ඔවුන් සිටි හෝටලය හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තව පිරිසකට ඕස්ටේ්රලියා යන්නට බැරිවෙයි.
කොරෙයි නාවලගේ ජුදේ යොහාන් Monday, 06 August 2012 10:46 AM
හැමදාම මොකක්ද මේ ඔස්ට්‍රලියව. ඉස්සර බෝම්බ පුපුරනවා වගේ. අද ඔස්ට්‍රලියව මේක විහිලුවක්ද ? (දී)
ජනක Monday, 06 August 2012 10:53 AM
මේවා කරන අයගේ ඡායාරූපයි පළ කරන්න ඕනෑ. (නි)
පාලිත Monday, 06 August 2012 11:16 AM
මොනවටද මෙච්චර එහෙටම යන්න දගලන්නේ? මොනවද එහේ තියෙන්නේ? (නි)
රකිත Tuesday, 07 August 2012 09:05 AM
සඳුන්, ඇයි ඔච්චර දුක් විඳ විඳ ඉන්නේ එන්නකෝ ආසියාවේ ආශ්චර්ය බලා ආපහු.. (දී)
සනෝජ් Monday, 06 August 2012 12:42 PM
මෝඩ වැඩ නොකර ලංකාවට වෙලා ඉන්න. එහෙ හොදට ඉගෙනගෙන ඉන්න අයත් ඉන්නේ අමාරුවෙන්. (නි)
පාලිත Monday, 06 August 2012 12:52 PM
නිදහස් ලංකාවට වෙලා ඉන්නකෝ. මොකෝ එහේ වැඩ නැතුව පඩි දෙනවද? (නි)
සදුන් Monday, 06 August 2012 01:34 PM
ඔස්ට්‍රේලියාවෙ හොද රස්සාවක් හොයා ගන්න හරි අමරුයි. පිටරටින් එන අයට ලේසියෙන් ජොබ් එකක් හොය ගන්න බැ. ලන්කාවෙන් එන උපාධිධාරීන් ගොඩක් අය කරන්නෙ මෙහෙ ටොයිලට් හොදන එක. ඒක තමයි ඇත්ත. මෙහෙ පුරවසිකම ගත්තම ආණ්ඩුවෙන් දෙන ඩොල් එකෙන් සතියක් වත් ජීවත් වෙන්න බැ. සල්ලි හම්බ උනාට සැහෙන දුක් විදින්න ඔනේ. ඇවිල්ලම බලන්නකො..(වි)
මොහමඩ් Tuesday, 07 August 2012 12:03 PM
ලංකාවේ අයට ඕස්ට්‍රේලියා පොළොවේ පය තබන්න විතරයි ඕනෑ. ඉතිරි ටික පුරුදු පුහුණු කරලා තියෙන්නේ. රැකියා නැතත් ජීවත් වෙන්න පුළුවන් පුහුණුවක් සහ සහජ හැකියාවක් ලාංකිකයන්ට තිබෙනවා. එහෙ රැකියා නැහැ කියන එක පිළිගන්නත් බැහැ. ගිය මාසය තුළ ලංකාවේ පමණක් කීදාහක් හොරෙන් යන්න ගිහිල්ලා ඇල්ලුවද? කීදාහක් යන්න ඇත්ද? අනෙක් රටවලින් කොච්චරක් එහෙට ඇතුළු වෙනවාද කියල කවුද දන්නේ? මේක ඊයේ පෙරේදා සිදුවන එකක් නොවෙයි නේ. (නි)