IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තව බෑගයක දාරෙ පුරා රත්තරන් කම්බි

රුපියල්  විසි හතර ලක්ෂ හතලිස් පන්දහසක් වටිනා රත්තරන් කම්බි තුනක් නීති විරෝධී ලෙස මෙරටින් පිටකිරීමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික කාන්තාවකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කළ රේගුව එම රන් කම්බි තුන රාජසන්තක කළේය.

මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එ.කේ.ජී.එල්.එස් පෙරේරා මහතා විසින්  සිදු කළේය.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකාරිය හතලිස් හත් හැවිරිදි වියේ පසුවන පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි.

ඇය මෙම රන් කම්බි  තම ගමන්මල්ලේ දාරයේ සගවාගෙන යාමට උත්සහ දරා ඇත. රන් කම්බි වල බර ග‍්‍රෑම් හාරසිය අසූ අටකි.

ඇය ඉන්දියාවේ කොචින් නුවර බලා යාමට ඊයේ සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් ඇයව රේගුවට බාර දී ඇත.

ඇය රේගුවට පවසා අදාල ගමන් මල්ල බඩු ගෙන ඒම සඳහා වෙනත් අයෙකු විසින් තමාට ලබා දුන් බවයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්සක සරත් නෝනිස් මහතාගේගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක    එ.කේ.ජී.එල්.එස් පෙරේරා මහතාගේ මෙහෙයවිමෙන් රේගු අදිකාරී එස්.යූ.කේ කරුණාසේකර, සහකාර රේගු අධිකාරීවරුන් වන ජනිත විමලදාස, ඉන්දු සිරිසේන, බුද්ධි සිල්වා, රවිඳු විජේවර්ධන, සුසන්ත අබේවර්ධන යන නිලධාරීහු සිදු කළහ.

 



අදහස් (0)

තව බෑගයක දාරෙ පුරා රත්තරන් කම්බි

බන්දුල - කටාර් Friday, 01 November 2013 02:41 PM

හංගන්නේ නැතිව නම් ගම් ඇතිවම පල කරන්න. කවුරු කෙරුවත් නීති විරෝධියිනේ. (ස)

:       0       0

පර්සි බණ්ඩාර Friday, 01 November 2013 02:54 PM

හැමදාම ලංකාවෙන් දැන් රත්රන් පිට කිරීම ජාවාරමක් කරගෙන. ඉන්දියානුවන් පකිස්ථානුවන් සහ අපේම ලාංකිකයන් මේවා පිටුපස සිට මෙහෙයවන අයව සොයා දඬුවම් කල යුතුය. රේගු නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය අගය කල යුතුය. (ස)

:       0       0

ගනේගොඩ Friday, 01 November 2013 04:30 PM

රේගූ නිලධාරී මහත්වරුන්ගේ කාර්යක්ෂම සේවාව ඉතාමත් ඉහලින් අගය කරමු. (ස)

:       0       0

මහී Friday, 01 November 2013 11:54 AM

ඔය දේවල් දැන් හැමදාම වෙනවා.අපේ රටේ කවුද ඕවට උදව් කරන්නේ කියලා එයාලටත් දඩුවම් කරන්න ඕනේ.එත කොටවත් ටිකක්වත් ඕව අඩු වෙයි නේද.රටේ තියෙන සම්පත් නේද මේ හොර රහසේ මොවුන් එලියට යවන්නේ. (ස)

:       0       0

උපාලි Friday, 01 November 2013 02:07 PM

මේ කම්බි රෝල් කරන්න අමාරු ඇති. නැත්නම් බැග්වල දාර අස්සේ ඔබන්න යන්නේ නැහැනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3162 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ගාල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 14 0


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 46 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 59 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 68 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 239 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 230 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site