ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට උත්සහ කළ තවත් බංගලිදේශ ජාතිකයෝ 9 දෛනක් අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 20 වෙනිදාද මේ අයුරින් මලයාසියාව බලා යාමට පැමිණි බංගලිජාතිකයෝ 6 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පිරිස පසුගිය 14,15,16 යන දිනයන්හි තම නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් භාවිතාකරමින් බංගලි දේශයේ සිට ශ්‍රී ලාංකාවට පැමිණ මීගමුව ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
මොවුහු ඊයේ අළුයම ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 318 දරණ ගුවනයානයෙන් මලයාසියාව බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ගුවන් ප්‍රවේශ පත් කවුළු වෙත තම ගුවන්ගමන් බලපත් ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කර ඇත. එම අවස්ථාවේ ඔවුන්ගේ වීසා ව්‍යාජ බව දැනගත් ගුවන් සේවා කාර්්‍ය මන්ඩල නිලධාරීන් විසින් මෙම පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණවලින් අනතුරුව මෙම කණ්ඩායම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව බංගලි 9 යකට මලයාසියා පාර වරදී