IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තව බිත්තර මිලියන 42 ක් ගේන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබාදීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය වෙළඳපොළෙහි බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අප්‍රේල් 30 දින දක්වා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට ඉකුත් දෙසැම්බර් 18 දින පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව මේ වන විට බිත්තර මිලියන 18ක් පමණ ඇනවුම්  කර තිබෙන අතර උත්සව සමයේ අවශ්‍යතා සඳහා තවත් බිත්තර මිලියන 42 ක් පමණ ආනයනය  කළ යුතුව ඇති බවට ගණනය කර තිබේ.

එම බිත්තර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් කඳවා ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාල ප්‍රසම්පාදන ප්‍රදානය  කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



අදහස් (4)

තව බිත්තර මිලියන 42 ක් ගේන්න කැබිනට් අනුමැතිය

Kumara Tuesday, 19 March 2024 11:58 AM

දැන් රටේ බිත්තර නිෂ්පාදනයත් ඉවරයි. අඩුවට බිත්තරත් නෑ. රනිලගෙ කටේ නරිවාදම නම් බලන්න ඕන​.

:       0       0

Hafeel Tuesday, 19 March 2024 01:14 PM

තත්වය මෙසේ තිබෙද්දී ජනාධිපතිත්, මහ බැංකු අධිපතිත් පුන පුනා කියනවා... රටේ ආර්ථිකය දැන් දියුණු වෙමින් පවතිනවා කියලා සහ ඩොලර් සංචිතයත් ඉහළයි කියලා... රටේ ආර්ථිකය දියුණු වෙන්නේ රටේ දේශීය නිෂ්පාදනය වැඩි කරමින්, රටට විදේශ විනිමය එන්න ඕනේ. නමුත් මෙතැන රටට අවශ්‍ය බිත්තර රට තුළ නිෂ්පාදනය කරන්න බැරිව, කොහොමද කියන්නේ රටේ ආර්ථිකය දියුණුයි කියලා?

:       0       0

Bandara Tuesday, 19 March 2024 08:11 PM

ආනයනය සීමාසහිතව කරන්න , මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණය මුදල් වලින් බිත්තර නිෂ්පාදකයෝ වැඩි කරන්න.

:       0       0

chinthaka Tuesday, 19 March 2024 11:44 PM

එක බිත්තරයකින් ශත 50ක් හොර ඇමැතියාට...!!! ළඟදීම කාපු බිත්තර වමාරන්න ලැහැස්ති වෙලා ඉඳපන්න ඇමැතියෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 579 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 65 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 443 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 539 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 722 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1015 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site