IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තව ලොක්කෝ දෙන්නෙක් පොලිසියේ

ගිය රජය කාලයේ හෙජින් ගිවිසුම   රජයට ඩොලර් මිලියන 200ක (රුපියල් කෝටි 2640) පාඩුවක් සිදුවුණැයි කියමින් ලද පැමිණිල්ලක් මත තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වා දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යටතේ පැවැති දිවි නැගුම ව්‍යාපෘතියට අදාළව 2014 වර්ෂයේ නොවැම්බර 21 වැනි දා පැවැත්වූ ජාතික සම්මේලනයට රුපියල් මිලියන 63ක් (රුපියල් කෝටි 831.6) වැය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත එම ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ආර් කේ රණවක ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගත් බව ද ඔහු පවසයි.

කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදි කිරීමේ දී ඩොලර් මිලියන 122ක (රුපියල් කෝටි 1610.4) අක්‍රමිකතාවක් සිදුවූ බවටත්, 2006 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා හතරක් මිලදී ගනිද්දී ලක්ෂ 145ක් වංචාවක් සිදුවූ බවටත් ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

තව ලොක්කෝ දෙන්නෙක් පොලිසියේ

නයනා Friday, 13 March 2015 05:09 PM

පොඩි චෝදනා නම් නැහැ.හැම එකම මිලියන ගණන් වලින්! (නි)

:       0       0

සෑම් Friday, 13 March 2015 09:01 PM

අසන්ත ඕ ලෙවල් වලින් පස්සේ ක්‍රිකට් ගැහුවා මිසක් ඉන් එහාට ඉගෙන ගත්තේ නැහැ. ඒක කෙනෙක්ව පහත් කර සැලකීමක් නොවේ. තමන්ගේම උනන්දුවෙන්,අත්දැකීමෙන් ඉහලට යන්න කිසිම බාධාවක් නොතිබිය යුතුයි. ඩී එස් කියන්නෙත් ඉස්කෝලේ ගිහින් හරියට උගත් කෙනෙක් නොවේ. පාසැල් නොගිහින් කැලේ පැන්න නිසයි එතුමාට කැලෑ ජෝන් කිව්වේ. නමුත් කාගේ හෝ දේශපාලන බලපුළුවන්කාර කමකට නුසුදුස්සන් වගකිව යුතු තනතුරු වලට පත්කර සිදුකරන පාඩු වලට ඔවුන්ව ඒ තනතුරට පත්කළ අයත් වගකිව යුතුයි.(නදී)

:       0       0

සෑම් Friday, 13 March 2015 09:01 PM

කාගේ හෝ දේශපාලන බලපුළුවන්කාරකමකට නුසුදුස්සන් වගකිවයුතු තනතුරු වලට පත්කර සිදුකරන පාඩු වලට ඔවුන් ඒ තනතුරට පත්කළ අයත් වගකිවයුතුයි. (නි)

:       0       0

පිටිගල Saturday, 14 March 2015 04:01 PM

හැම දෙනා ගෙන්ම පැය හයක්, හතක්, අටක් හෝ දහයක් නැත්නම්, දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත්තා මිසක තවම නම් කිසි කෙනෙක් නීතිය ඉදිරියට ගෙනිච්ච බවක් නම් ආරංචි නැහැ. සමහරු පැනලා ගිහින් (නදී)

:       0       0

නිශා Saturday, 14 March 2015 01:28 AM

වංචා දූෂණ වලට සම්බන්ධ අයට නිසි දඬුවම් දෙනවාට ලංකාවාසී කිසිම පුද්ගලයකු අකැමති නැහැ. එහෙම අකැමති නම්, ඔහුද එම වැරදි වලට සම්බන්ධ හෝ ඒවායින් ප්‍රතිලාභ ලැබූ හෝ අනුබල දුන්, නැත්නම් කෙසේ හෝ ඒවාට සම්බන්ධ අයෙකි. සාධාරණ සමාජයකට කැමති ලක්ෂ 64ක් ඉන්නවා. ඉඩදිය යුත්තේ වැඩිදෙනාගේ කැමැත්තට, අභිලාශයට. (නි)

:       0       0

නුවන් Saturday, 14 March 2015 01:37 AM

වැරදි කර ඇත්නම් කිසිදු ගැළවීමක් දෙන්න නම් එපා (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 14 March 2015 03:27 AM

අපේ ( මහජනතාවගේ) මුදල් සොරකම් කල, ඔවුන්ගේ සහ පවුලේ අයගේ සුභ සිද්ධියට පමණක් භාවිතා කල දූෂිතයින්ට, සහ වංචනිකයින්ට තරාතිරම නොබලා නිසි දඬුවම් දිය යුතුයි. මේවට සම්මාදම් වෙච්ච සහ අනුබල දුන්නු අයනම් කියයි වෛරී දේශපාලනය කියලා. එහෙම නැතිනම් පලිගැනීම් කියලා. බුද්ධිමතා ඒවාට ඇහුම්කන් දෙන්ට සුදානම් නැහැ. රටේ නීතියට අනුව වැරදි කරුවන් යයි ඔප්පු උවහොත් දැඩි දඬුවම් දිය යුතුයි. (නදී)

:       0       0

රෝෂාන් Saturday, 14 March 2015 04:22 AM

ජනරල් සරත් ෆොන්සේකා අවුරුදු 2ක් හිරේ දැම්මනම් නොකරපු දෙකට මිලියන ගණන් ගසකාපුවට සියලු දේපොළ රාජ සන්තක කරලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.(ම)

:       0       0

සිල්වා Friday, 13 March 2015 02:40 PM

ඉතාම හොද වැඩක් වංචා දුෂණ වලට සම්බන්ද හැමකෙනාම තරා තරා තිරම නොබලා නිතිය ඉදිරියට ගෙන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 25 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 232 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 415 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 496 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 300 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 168 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site