IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තව වීඩියෝවකින් ලංකාවට ලෙඩ දමයි

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මරාදැමූ බව සඳහන් වීඩියෝ පටය සත්‍ය බව බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය කියයි. ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් ගැන ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල සහායෙන් යෝජනාවක් සම්මත කැර ගැනීමට යද්දී නිකුත් කළ මේ දෙවැනි වීඩියෝව බොරුවකියි ශ්‍රී ලංකාව කියයි. චැනල් 4 රූපවාහිනිය කියනුයේ අධිකරණ වෛද්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය ඩෙරික් පවුන්ඩර් එම වීඩියෝව පිරික්සා එය සැබෑ වීඩියෝවක් බව පැවැසූ බවයි.  මිනිත්තු පනහක මේ වීඩියෝවෙන් යුද අපරාධ ගැන අලූතින් සාක්කි ඉදිරිපත් කරන බව එහි නිෂ්පාදක මැක්රේ පවසයි. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා මෙසේ කියයි. මානුෂීය මෙහෙයුම අවසන් සමයේ ලංකා රජය බාරයට පත්වූ ප‍්‍රභාකරන්ගේ මව සහ පියාට අප රැකවරණය දුන්නා. කොටි නායකයන් වන සුසෙයිගේ සහ තමිල් සෙල්වන්ගේ දරු පවුල් වලට ලක් රජය දැනටත් රැකවරණය ලබා දෙනවා. චැනල් 4 රූපවාහිනිය පෙරදී කළ අයුරින්ම නැවතත් පදනම් විරහිත චෝදනාවක් කර තිබෙනවා. කොටි නායකයන්ගේ දරු පවුල් වලට තවමත් රැකවරණය දෙන අප ප‍්‍රභාකරන්නේ බාල පුතා මරා දැමීමට ඇති පදනම කුමක්ද? එය යුද්ධයේදී වු දෙයක් මිස හිතා මතා කළ දෙයක් නොවේ. මෙම වීඩියෝවේ අලූත් දෙයක් නැහැ. හෝද හෝදා මඬේ දැමීමක් පමණයි.



අදහස් (0)

තව වීඩියෝවකින් ලංකාවට ලෙඩ දමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 946 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 316 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 218 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2271 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3172 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2266 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36907 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24347 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site