IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තව සක්විත්තෙක් රිමාන්ඩ්

නීති විරෝධි මූල්‍යායතනයක් පවත්වාගෙන යමින් අම්බලන්තොට පැත්තේ හාර දහසකට අධික පිරිසකගේ තැන්පතු වංචා කැළැයි සැකපිට පල්ලේමලලේ එම් ජයසිංහ සෝමලාල් (32) හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ලබන හතර වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැන්වූයේ ඔහු කොට්ටාවේ නිවසකින් අත්අඩගුවට ගත් බවයි.

වංචා කළැයි කියන මුදල රුපියල් කෝටි  15ක් පමණ වන බව ද, රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා ජීප් රියක් හා වෑන් රියක් ද අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

 මෙම පුද්ගලයා කොට්ටාව හා කතරගම සුපිරි වෙළෙඳසල් කිහිපයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද මෙම පුද්ගලයාට එරෙහිව පැමිණිලි කිරීමට 4000කට වැඩි පිරිසක් පොලිසියට පැමිණ ඇති බවත්, එයින් පැමිණිලි 300ක් ලියාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

තංගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, කොස්තාපල් මංජුල, රොහාන් හා උපුල් මොහු අත්අඩංගුවට ගැනීමට සහාය වූහ.

         



අදහස් (0)

තව සක්විත්තෙක් රිමාන්ඩ්

රිද්ම Tuesday, 24 June 2014 10:30 AM

තවත් කොතෙක් කලකට ලාංකික අසරණ එවුන් මෙවැනි වංචාවන්ට අහුවෙන්නද? නීතිය වෙනස් කර මෙවැනි වංචනිකයන්ට මරන දණ්ඩනය ලබාදෙන්න. (ස)

:       0       0

මධුශංක Tuesday, 24 June 2014 10:48 AM

මේකට කාටවත් බැනල වැඩක් නැහැ නේ. මේක මේ මිනිස්සුන්ගේ මෝඩකම. මහා බැංකුව කොච්චර දැනුවත් කරනවද මේවට අහු වෙන්න එපා කියල. එත් මිනිස්සු ඒ මෝඩ වැඩේ කරනවා ...(ස)

:       0       0

මහී Tuesday, 24 June 2014 06:31 PM

සක්විතිලට අහුවෙන අය රිමාන්ඩ් කරන්න (අ)

:       0       0

නීල් Tuesday, 24 June 2014 11:57 AM

නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් දැනුම්වත් කළා. ඒත් ගොඩක් මිනිස්සු අහුවෙනවා (නදී)

:       0       0

අබේසිංහ Tuesday, 24 June 2014 12:01 PM

මේ තරම් දැනුවත් කර තියෙද්දිත් මේවාට සල්ලි දෙන අයට පොල්පිති වලින් තලන්න ඕනා. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 June 2014 12:24 PM

මහා බැංකුවෙන් මෙච්චර දැනුවත් කරද්දීත් පොඩ්ඩක් මේ මිනිස්සුත් ඔලුව පාවිච්චි කරන්න එපැයි. වැඩි තණ්හාවට ගියාම තියන දේත් නැති කර ගන්නවා ඕකෙන්. (ස)

:       0       0

අචී Tuesday, 24 June 2014 12:40 PM

තව ඉන්නවා , තව ඉන්නවා (නදී)

:       0       0

ඇල්බට් Tuesday, 24 June 2014 12:41 PM

ඇයි මධුශංක සිගරට් බොන්න එපා කිය කියා විකුනන්නේ? (නදී)

:       0       0

සෑම් Tuesday, 24 June 2014 12:51 PM

මමත් මධුශංක ගේ අදහසට එකඟයි. විස්වාස කරන්න බැරි තරම් වාසි ගොඩක් තමන්ගේ තැන්පතුවලට ලැබෙනවා නම් ඒක විශ්වාස නොකළ යුතුයි.(නදී)

:       0       0

ටෙනිසන් Tuesday, 24 June 2014 12:53 PM

තණ්හාය ජායතී සෝකෝ. දුවන්න තව,තව හයියෙන් දුවන්න. මදුශංක කීව වගේ මහා බැංකුව දැන්වීම් සදහා කොච්චර වියදම් කරනවද. කෝ ප්‍රතිපල. (නදී)

:       0       0

නිරාන් Tuesday, 24 June 2014 12:54 PM

මේකට වගකියන්න ඕනේ අදික තන්හාවෙන් පෙලෙන මේ මේගොල්ලොයි. උණු තෙල් තාච්චියට අත දැම්මොත් පිච්චේනවා (නදී)

:       0       0

මංජු ශ්‍රී Tuesday, 24 June 2014 01:02 PM

ජපනෙත් ඉන්නවා සක්විති රවී කියල. ලංකාවෙන් ජපානෙට වීසා හදල දෙනවා කියල සල්ලි අරගෙන මෙහාට වෙලා හැංගිලා ඉන්නවා. ලංකාවට හොරෙන් තමයි යන්නේ එන්නේ. (ස)

:       0       0

සුමනා මානවඩුව Tuesday, 24 June 2014 01:20 PM

මෝඩ මිනිස්සුන්ට කොච්චර කීවත් අහන්නේ නැති නිසා පොලීසියට තියෙන්නේ ඔය පැමිණිලි බාර නොගෙන ඉන්න. (නදී)

:       0       0

ශිහඩ් Tuesday, 24 June 2014 01:42 PM

තණ්හාය ජායති සෝකෝ, කියන්න තියෙන්නේ මේවගේ අහුඋනු අයට. (ස)

:       0       0

නෙලුම් Tuesday, 24 June 2014 04:43 PM

මහ බැංකුවෙන් මේ ගැන කට රිදෙනකන් කියලා ඇති . ඒත් මිනිස්සු අහුවෙනවා. මහබැංකුවේ ලියා පදිංචි මුල්‍ය ආයතන ලැයිස්තු ගත කර පුවත් පත් වල නිතර පල කරනවා. කොච්චර දැනුවත් කලත් වැඩක් නැහැ .(ස)

:       0       0

ටිරෝන් Tuesday, 24 June 2014 09:57 AM

මේවට අහුවෙන මිනිස්සු ඉන්න රටක තමා අපි ජීවත් වෙන්නේ (දී)

:       0       0

මංජූශ්‍රී Tuesday, 24 June 2014 05:30 PM

තවත් එකෙක් ජපනෙත් ඉන්නවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 4 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 15 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 168 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 568 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2905 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1506 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site