(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මේ අනුව රට නැවත විවෘත කෙරෙන්නේ ලබන 13 වැනිදා අලුයම 4.00ටය.
නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා ( 6 ) වැනිදා සඳුදා ඉවත් කිරීමට මුලින් තීරණය කර තිබිණ.
දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය මස 20 වැනිදාය.
මේ අනුව රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය අද(4) වනවිට ක්‍රියාත්මක කර ඇති දින ගණන 16කි.
රටපුරා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් සතියක කාලයක් රට වසා තබන්නැයි වෛද්‍ය විශේෂඥයන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ඊයේ පෙන්වා දී ඇත. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ රැස්වී ඇත්තේ "සූම්" තාක්ෂණය ඔස්සේය.
කොවිඩ් අවදානම හේතුවෙන් කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ මෙලෙස පැවැත්වුණේ පළමු වතාවටය.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තව සතියක් රට වහයි
නිහඬ බව සුරකිමු... Friday, 03 September 2021 12:50 PM
ආගමික ස්ථානවලින් සිදුකරන "ලවුඩ්ස්පීකර් හිරිහැරය" දැන්වත් නවත්වන්න. ඇඳිරිනීතිය නිසා නිවෙස්වලට වෙලා ඉන්න අයට වගේම කොරෝනා රෝගීන්ටත් මහ පාන්දර සහ සවස් කාලයට ඒ ලවුඩ්ස්පීකර් ශබ්දය හරිම හිරිහැරයක්...
මහසෙන් Friday, 03 September 2021 12:50 PM
අනේ මන්දා මෙහෙම නිරෝධායන ඇඳිරි නීතියකුයි, අත්‍යාවශ්‍ය සේවාවනුයි. පුදුම අත්‍යාවශ්‍ය සේවා ටිකක් ලංකාවේ තියෙන්නේ... මේක නිකන් අරියාදුවට කරන වැඩක් වගේ. මෙහෙම වහලා ඵලක් වේද..?
සමන්ත Friday, 03 September 2021 01:06 PM
දැන් ඔය මොන රටද තව සතියක් වහන්නේ... එහෙම කිව්වාම කන්ෆියුස් වෙනවනේ...
thushara Friday, 03 September 2021 01:32 PM
අවුරුද්දට නොනගතය තියෙන වෙලාවට මීට වඩා මිනිස්සු ගෙවල් වල ඉන්නවා
pakeer Friday, 03 September 2021 01:53 PM
හොද තීරණයක් මේ වෙලාවෙ
යෝගා Friday, 03 September 2021 02:01 PM
දොස්තරලා ජනාධිපතිවයි රටයි නන්නත්තාර කරලාම දායි වගේ.
Praba Friday, 03 September 2021 02:03 PM
ඇඳිරි නීතිය? විහිළු කරනවද මන්දා...!!!
Akila Friday, 03 September 2021 02:11 PM
ඇඳිරි නීතිය කියලා රජයට අාදායම් එන සේවාවන් විතරයි වහන්නේ..., අනිත් අය ඔක්කොම වැඩ...
dewa Friday, 03 September 2021 03:09 PM
මට කියන්න තියෙන්නේ, මෙහෙ අන්දරේ නීතිය නම් 2021 ඉවර වුණත් තත්වය මෙහෙම වේවිදෝ...
Nimal Friday, 03 September 2021 03:26 PM
යෝගා වෙත, ඔබතුමා ඉස්පිරිතාලයකට ඇවිත් පොඩ්ඩක් බලන්නකෝ... කවුද නන්නත්තාර වෙලා තියෙන්නේ කියලා පෙනෙයි... ඔක්කොම රෝහල් කොරෝනා ලෙඩ්ඩුන්ගෙන් පිරිලා... එයින් සමහරක් පණ අදිනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩි දෙනෙකුටත් කොරෝනා හැදිලා.. ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට කොරෝනා හැදුණත්, ඔබව පරීක්ෂා කරන්න වෙන කවුරුත් ළඟට එයිද? වෛද්‍යවරයෙක් හෝ හෙදියක් හැර... එතකොට ඔබට තේරෙයි වෛද්‍යවරු නැතිනම් ඔබත් නන්නත්තාර වෙලා තමයි කියලා..
කල්පFriday, 03 September 2021 05:51 PM
නිමල් මහතා හරි. රෝහල්වල වැඩ කරන අපේ යාළු මිත්‍රයො කථාකරන වේලාවල කියනවා රෝහල්වල පවතින තත්වය. මෙහෙම නොකලොත් නන්නත්තාර වෙන්න පුළුවනි කියලයි අපි හිතන්නෙ. නිහඩ බව සුරකිමු කියන කෙනාට කියන්න වෙන්නේ නිවසට වෙලා ගොළුවො බිහිරො වගේ ඉන්නේ නැතිව ආගමික වැඩකවත් යෙදෙන්න කියලයි.
බෙම්පි සිමොඤ්ඤාSaturday, 04 September 2021 06:20 AM
ආගම කියන්නෙ මිනිස්සුන්ගේ ජීවිතයේ ප්‍රධාන දෙයක් නෙවෙයි. මිනිහෙක් උපදින්නෙ ආගමක් එක්ක නොවෙයි. අද ආගමික වතාවත් කියලා කරන්නෙ මිනිස්සුන්ව හූරගෙන කන එකයි . ඒ මදිවට හෙල වෙදකම අල්ලගෙන ඒකෙනුත් ගාණක් හොයා ගන්න බලනවා.
යෝගා Friday, 03 September 2021 06:39 PM
වෙනත් රටවල් නිවෙස් ප්‍රතිකාර, දේශීය වෛද්‍ය ක්‍රම සම්බන්ධ කර ගැනීම තුළින් මේ අසීරු අවස්ථාව කළමනාකරණය කළේ බොහෝ කලින්. අලුතින් හිතන්න අකමැති අපේ අයට තියෙන පහසුම විසඳුම රට වහන්න කියන එකයි... තමුන්ගේ දුක කියලා අඬන එකයි.
PrabaFriday, 03 September 2021 09:57 PM
කොරෝනා හැදිලාම බලන්න ඕනේ ඇඬියාව ගැන. කොයි වෙලාවේ හුස්ම ගන්න ප්‍රශ්න එයිද කියලා බයයි. කාට කියන්නද? ඉස්පිරිතාල පිරිලා. මැරෙන්නේ හැටට වැඩි අයලු. එතකොට හැටට වැඩි අයට කාගේ පිහිටක්ද? ලෙඩක් හැදූණත් ඉස්පිරිතාලෙකට යන්න බයයි.
mihira Friday, 03 September 2021 05:43 PM
මොන රට ගැනද මෙතුමා මේ කියන්නේ අපට පැහැදිලි නෑ.
Kcn Friday, 03 September 2021 06:39 PM
සද්දෙට උදේ හවස පිරිත් දාලා බැරි වෙයිද මේ වසංගතය නවත්තන්න සර්...? අර මොකද්ද මහනුවරක කළාලුනේ...
de silva Friday, 03 September 2021 07:05 PM
දමන පිරිතක් උදේ 6න් පස්සේ දමාගන්න. උදේ 4 වෙනකොට ලවුඩ්ස්පීකර්වලින් පිරිත් දාලා අපට නිදා ගන්න නැහැ.. මේක හරිම කරදරයක්...
akilaFriday, 03 September 2021 10:41 PM
ඔය ප්‍රශ්නේ විසඳන්න හරි ලේසියි. ප්‍රදේශයේ අනිත් ගෙවල් එක්ක ඔය ගැන සාකච්ඡා කරන්න... බහුතරයක් අකමැති නම් එම ආගමික ස්ථානයට ගොස් ඒ බව පවසා එය නවත්ත ගන්න.. බහුතරයක් කැමති නම් ඔබතුමා වෙන ප්‍රදේශයක පදිංචියට යන්න...
Lal Friday, 03 September 2021 07:51 PM
සම්පූර්ණ ඇත්ත... ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් දාගෙන කරන මළ අඳෝනාව මළ කරදරයක්... වැන්දත්, හිඟන්නන් වගේ යැද්දත්, කොරෝනා වසංගතය වැඩිවුණා මිස අඩුවුනේ නෑ. මේ කාලකණ්ණින්ට මෙය නොතේරෙන එක තමයි ප්‍රශ්නේ...
Roshan Friday, 03 September 2021 08:18 PM
මේක තනිකරම බොරුවක්.. හලාවත - කොළඹ පාරේ වෙනදා වගේම වාහන. වෙනදා වගේම සෙනග... වෙනදා වගේම කඩඇරලා බඩු දෙනවා. මේක තනිකර බොරුවක්...
Sriland Friday, 03 September 2021 08:39 PM
කණගාටුවෙන් වුණත් කියන්න වුණේ ඉතාම ගොන් තීරණයක්... ආණ්ඩු පෙරළන්න බලන් ඉන්න අයට සුබ නිමිත්තක්... ජයවේවා..!!!
asanka Friday, 03 September 2021 11:29 PM
දැන් අපි මෙච්චර කැපකිරීම් කරලා මේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වා ගත්තා කියමුකෝ ඊට පස්සේ තව මාස දෙක තුනක් ගිහිල්ලා රට වහන තරමට පැතිරීම වැඩි උනොත් මොකද කරන්නේ? මීට කලිනුත් රට වහුවානේ පලක් උනාද? මෙහෙම වැහවූවොත් අපේ රට අනිවාර්යෙන්ම කඩාගෙන වැටෙනවා එම නිසා අපේ වගකීම මොකක්ද කියා දැනගෙන වැඩ කරමු. කවදාවත් කොවිඩ් 19 අපේ ලගට එන්නේ නැහැ, අපි තමයි ඒ ලෙඩේ හොයාගෙන යන්නේ.
Sk Saturday, 04 September 2021 08:24 AM
එක පාරටම සති 03ක් වහනවා කියන්න ඇති... නිකන් බොරුවට සතිය සතිය අදිනවා. මොකද සිකුරාදා දවල් වනවිට අපි දන්නවා දැන් තව සතියක් වහනවා කියලා...
Sisira Saturday, 04 September 2021 08:26 AM
එයාලා වහනවා... අපි බඩගින්නේ මැරෙනවා... ඇරියොත් කොරෝනා හින්දා මැරෙනවා. වැහුවාම දවස පිරිමහගන්න බැරුව මැරෙනවා.
y.m.priyaSaturday, 04 September 2021 02:19 PM
හිතන්න, කල්පනා කරන්න බැරි පුද්ගලයින්ට රටක් බාර දුන්නාම මෙහෙම වෙනවා. ලෝකයේ කිසිම රටක නැති කොරෝනා ප්‍රශ්න අද අපේ රටේ... මේ පවුල්වාදය නිසා කිසිම රටක් අපිට ලැබිය යුතු උදව් උපකාර දෙන්න කැමැති නැහැ.. කණගාටුයි...!!!
Sunil Perera Saturday, 04 September 2021 12:14 PM
වර්තමාන තත්වය සහ කාලය ඩෙංගු වලට එරෙහිව ක්‍රියාශීලීව ක්‍රියා කිරීමට හොඳම අවස්ථාවයි.