IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තිස්සටත් කැලෑ පළුාවෝ පනිති

තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී

දේශගුණික සුහුරු ව්‍යාපෘතිය යටතේ වැව් ප්‍රතිසංස්කරණය කරන බව පවසමින් යාල ජාතික උද්‍යානයට යාබදව වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ මහ වන සංහාරයක් සිදුවන බව ගොවීහු කියති.

පළු,  වීර,  මයිල ආදී ඉපැරණි  ගහකොළ පෙරළා දමමින් අඩි තිහක් පමණ පළලට මාර්ගයක් ද ඉදිකර ඇතැයි ගොවීහු පවසති.

අක්කර තුන හතර මායිම් කර බැකෝ යන්ත්‍ර ද යොදා ගනිමින් මෙම පාරවල් සාදා ඉඩම් මායිම් කර ඇති ආකාරය එහි  ගිය අපට ද දැකගත හැකි විය.

වන සතුන්ගේ නිජ භූමියක් වන යාල වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ කුඩා වැවක් වන කරපුඩංගෙ වැව ඇතුළු කුඩා වැව්  කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබූ අතර එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ඒ ආශ්‍රිතව මහා වන සංහාරයක් සිදු කර ඇති බව එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

ඊට අමතරව වැවෙන් හාරා ඉවත් කළ පස් වැවට ජලය ගලා  බසින ආරවල් හරස් කරමින් එක් එක්කෙනා මායිම් සලකුණු කර ගත් ඉඩම්වල ගොඩ ගසා ගෙන ඇති ආකාරයක් ද දැක ගැනීමට හැකි විය.

වැවේ ඉදිකිරීම් කටයුතුවල නිරත කොන්ත්‍රාත් සමාගමේ උසස් නිලධාරීයකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කීය. වන සංරක්ෂණ නිලධාරීන්ගේ අවසරය මත මෙම ව්‍යාපෘති සිදුකරන බවත් වනාන්තර හෙළි පෙහෙළි කිරීමට අවසර ලබා දී ඇති බවත්ය.

ලු‍ණුගම්වෙහෙර වනසංරක්ෂණ බීට්ටු වන නිලධාරිවරයාගෙන් කරුණු දැන ගැනීමට ඔහු  දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප විටක් උත්සාහ කළ ද එය අසාර්ථක විය.

හම්බන්තොට දිස්ත්‍රික් වන සංරක්ෂණ  දිසා වන නිලධාරී ඩබ්ලිව්.ටී.එස්. සමරසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ වැව හාරන සීමාවේවත් ඉපැරණි ගහකොළ කිසිවක් ඉවත් කිරීමට අවසර නැති බවය. අලි ඇතුන් බොහොමයක් මෙම ලඳු කැළෑ ආශ්‍රිතව ජීවත් වන අතර වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ වැව් ප්‍රතිසංස්කරණය කර පුළුල් කිරීමෙන් රන්මිණිතැන්න යෝධකණ්ඩිය ආදී ප්‍රදේශවල අලි මිනිස් ගැටුම තව තවත් වැඩිවන ද බව ඔහු කීවේය.  තමා  මෙම ක්‍රියාවට මුල සිටම දැඩි ලෙස විරුද්ධ බවද සඳහන් කළේය.

වන සතුන්ට ජලය ලබා ගැනීමට ස්වාභාවිකව පිහිටා ඇති මෙවැනි කුඩා වැව් වරින් වර පිළිසකර කිරීමෙන් ස්ථිර ගොවි බිම් නිර්මාණය වන අතර මේ හේතුවෙන්  අලි ගම් වැදීම පාලනය කර ගත නොහැකි බව ද සමරසිංහ මහතා කීය.

මේ පිළිබඳව ප්‍රදේශයේ පාරම්පරික ගොවි මහතුක වන කේ.ජී. නිමල් මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

කපුඩංගෙ  වැවෙන් පෝෂණය වන්නේ කුඹුරු අක්කර හතක් පමණ. ඒ අක්කර  හතට  දැනටත් ජලය ප්‍රමාණවත් එසේ තිබියදී  රුපියල් කෝටි හතහමාරක් වියදම් කර වැව හාරනවා.  ලෝක බැංකුවෙන් ලබා දෙන ණය මෙලෙස අවභාවිත කර හිතවතුන්ට ගලා යෑමට ඉඩ හැරීම සමස්ත ජාතියටම කරන විනාශයක්.

ගොවි මහතකුවන එන්.පී. ජයසිරි මහතා මෙසේ සඳහන් කළේය.

මෙම වැව ඉදිකිරීම සඳහා කිහිප දෙනකු එකතු කර කුඩා ගොවි සංවිධාන හදාගෙන අදාළ ආයතනවලින් අනුමැතිය  ලබාගන්නවා.

වැව් ඉදි කරන අතරතුර වැව ආසන්නයේ ඇති වනාන්තර හෙළි පෙහෙළි කර විකිණීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වනවා. ඊට හොඳම උදාහරණයක් ලෙස මේ වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති වන සංරක්ෂණ කලාපයේ ඇති වැව් අවට ඇති ඉඩම් සියල්ල සල්ලි තියෙන අය මෙන්ම දුර බැහැර ප්‍රදේශවල අය අල්ලා ගෙන තිබෙනවා.

ගොවි මහතකුවන බී.එම්. මදුශාන් මහතා මෙලෙස අදහස් පළ කළේ ය.

හේනක් පිටියක් කරගන්නවත් ගහක අත්තක් කපන්න දෙන්නෙ නෑ. අල්ලන් ගිහිල්ලා නඩු දානවා. ඒත් වන සංරක්ෂණ නිලධාරීන් මේ වන සංහාරය සිදු වන බව දැන දැන නීතිය ක්‍රියාත්මක නොකිරීම කනගාටුවට කරුණක්

ලු‍ණුගම්වෙහෙර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්. ජාලියගොඩ මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

මේ මහා වන විනාසය නවතා ලෝක බැංකුවෙන් ලබා දෙන ණය ඵලදායි ව්‍යාපෘති සඳහා යෙදවිය යුතුයි. හෙක්ටෙයාර අනු  හතරක් තියෙන පන්නෙගමුව වැව අවුරුදු විස්සකින් ප්‍රතිසංස්කරණය කරලා නෑ. ඒ වැව් ගොඩවෙලා කැලේ වැවිලා. කැලේ තියෙන වැවක කුඹුරු අක්කරේකට කෝටියකට වැඩි මුදලක් වියදම් කිරීම ජාතික අපරාධයක්. කෘෂිකර්මාන්තයේ නංවන්න ලෝක බැංකුවෙන් ලබා දෙන ණය ප්‍රධාන වැව්වල ජල ධාරිතාව වැඩි කරන්න යොදවනවා නම් ඉතා ඵලදායක වෙනවා යැයි ඔහු කීවේය.

මේ පිළිබඳව තිස්සමහාරාම වැඩබලන ප්‍රාදේශීය ලේකම්, හම්බන්තොට  ඉඩම් කොමසාරිස් චන්දන රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කැට්කේට් ක්‍රමය යටතේ වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති බවය. ගහකොළවලට සහ වන සතුන්ට හිරිහැර නොවන පරිදි එම කටයුතු සිදු කිරීමට උපදෙස් දී  ඇති කී හෙතෙම ඉඩම් ඇල්ලීමට කිසිදු පුද්ගලයකුට අවසර නොමැති බව සඳහන් කළේය.

ඒ පිළිබඳව වහාම සොයා බැලීමට කටයුතු කරන බව ද ඔහු කීවේය.

මේ අතර ලෝක බැංකු ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන බව ද බලධාරීහු පවසති.



අදහස් (4)

තිස්සටත් කැලෑ පළුාවෝ පනිති

C.K.Lankaputhra Tuesday, 05 September 2023 06:33 AM

මේවා ඔක්කොම ඉතින් දකුණට අදිපති මැඩමූලන්ස් දේව දේශපානය යටතේ සිදුවෙනවා ඇරුනුකොට වෙන දෙවි කුක්කන්ට ඕන විදිහට ඔය පලාතේ කටයුතු කරනවා බොරු. වැරදීමකින් හරි එහෙම කෙනෙක් ආවොත් වෙනෙ දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

:       0       2

Nimal Tuesday, 05 September 2023 06:47 AM

මේ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම සිදු වූයේ ටෙන්ඩර් වංචා සහ මහා පරිමාන දූෂණ පමනයි .යන යකා කොරහත් බිඳගෙනයි යන්න හදන්නේ

:       1       2

Akila Tuesday, 05 September 2023 06:55 AM

පොහොට්ටුවේ හොරුන්ගේ ගෝලයෝ රටට ,රටේ සම්පත් වලට කරන විනාශය තව එහෙමමයි , රනිල් ඉන්නකන් මේ රටේ කිසිම සිස්ටම් චේන්ජ් එකක් වෙන්නේ නැහැ කියන එකට මේක හොඳ උදාහරණයක්

:       1       3

රාජේශ් ඛන්නා Tuesday, 05 September 2023 08:36 AM

දුර නොපෙනෙන ළඟ සිටින අලි පමණක් පෙනෙන මෙවැනි නිලධාරීන් සහ ගොවියන් එදත් හිටිය. අදත් ඉන්නවා.ඒ අය කියපු දේ පමණක් ම ඇසුවා නම් අද මහවැලි සී කළාපය ඇතුළු මහවැලි යෝජනා ක්‍රමයම නැහැ. හෙබරව සිට යක්කුරේ හරහා මනම්පිටියටම දැන් පවුල් කි දාහක් පදිංචිවෙලාගොවිතැන් කරමින් ඉන්නවද? මහා වනාන්තර එළිපෙහිලි කරලා තමයි මේ ජනාවාස ඇති කළේ. වන අලි ප්‍රශ්ණය සම්බන්ධයෙන් ද මේ වන විට කෙටුම්පත් සැකසෙමින් පවතින බව නොදැනීම ගැන කණගාටුයි. වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු ක්‍රම වේදයක් තිබේ. ප්‍රමාණයෙන් කුඩා වීම ම අත හැරීමට හේතුවක් නොවේ. සංවර්ධනය මුවාවෙන් හරිහම්බ කරන්නන්ට නීතියෙන් දඬුවම් කළ යුතුමය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 790 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1694 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 668 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4021 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3043 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 5222 5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26078 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site