IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


තිස්ස අත්තනායකට නඩු

කූඨ ලේඛන සැකසීම යටතේ  හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායකට එරෙහිව නීතිපතිවරයා අද (9) කොළඹ මහාධිකරණයේ  අධි චෝදනා ගොනු කළේය.

2014 දෙසැම්බර් මාසයේ දී එකල පොදු අපේක්ෂකයාවූ මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනපතිගේ හා එකල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදූ ලේඛන මාධ්‍යයට පෙන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

 



අදහස් (0)

තිස්ස අත්තනායකට නඩු

ලංකා Sunday, 11 September 2016 02:30 AM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

ධනුෂ්ක රොෂාන් Friday, 09 September 2016 02:38 PM

අත්සන කාගේ වුනත් ලේඛන වල තිබුන ඒවා ඇත්ත වුනා (බ)

:       0       0

ප්‍රියන්ත විමලගුණ Friday, 09 September 2016 02:32 PM

ලේඛනයේ මොනාද තියෙන්නේ කියන්න. දැන් තමයි ඔකේ ඇත්ත නැත්ත බලන්න පුළුවන්. (බ)

:       0       0

යෙනුර Friday, 09 September 2016 02:42 PM

කොහොම වුනත් ඒ කූට ලේඛන වල තිබුන දේවල් අද ඇත්ත වෙනවා වගෙයි පෙනෙන්නේ. ඔය විදිහටම රණවක ලොක්කටත් නඩු පැවරුවොත් නරකද? (බ)

:       0       0

කමණි Sunday, 11 September 2016 03:31 AM

මේ ශතවර්ෂයේ හොඳම ඉල්ලන් කෑම! (නි)

:       0       0

උපුල් Saturday, 10 September 2016 08:04 AM

අපරාදේ නිකන් ඉල්ලන් කෑවා (නි)

:       0       0

උද්දික Saturday, 10 September 2016 08:10 AM

ව්‍යාජ ලේඛන කෙසේවෙතත් වර්තමානයේ වෙන දේවල් නම් ඇත්ත. (නි)

:       0       0

කමල් Sunday, 11 September 2016 03:55 AM

අනෙක් අයටත් පාඩමක් වීමට දඩුවම් කරන්න. (නි)

:       0       0

අර්ජුන Friday, 09 September 2016 03:46 PM

කන්න දුන් අත සපාකාපු එකේ ප්‍රතිඵල (අ)

:       0       0

චතුරි Friday, 09 September 2016 04:12 PM

රජතුමාව සනසන්න තම පක්ෂයත් පාවා දුන්නා. රජතුමාටත් දවල් තරු පේනවා ඇති දෙන දඩුවම් දැක්කහම. දැන් තමයි නියම රජ්ජුරුවෝ පහළවෙලා ඉන්නේ. රාජ අණත් ඒ විදියටම ඉෂ්ට වෙනවා. වශී නැහැ. පේන බලන්නේ නැහැ. කපුවෝ නැහැ. නමුත් ප්‍රතිඵල ටිකක් ප්‍රමාදයි (නි)

:       0       0

ඉමාක් Saturday, 10 September 2016 09:12 AM

මොනවා වුණත් ඒ දේවල් ඔක්කොම ඇත්ත වුණා. අපේ මිනිසුන්ට රටට වඩා බඩ ලොකු වුණා. (නි)

:       0       0

චන්න බුවනක Friday, 09 September 2016 04:43 PM

එයා කියපු දේ ඇත්ත වෙන්න වගෙයි යන්නේ. (නි)

:       0       0

අනිල් Friday, 09 September 2016 04:44 PM

හැබැයි අපිට පෙනෙන හැටියට නම් ලේඛනයේ තිබුන හැම දෙයක්ම ඇත්ත වුණා. එකක්වත් බොරුවක් වුණේ නම් නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 September 2016 04:43 PM

දැන් ඉතින් අප්පච්චි එයිනේ බේරගන්න. බලාගෙන ඉන්න. (නි)

:       0       0

රූපසිංහ Friday, 09 September 2016 05:00 PM

මේ වගේ දේවල් මොනවාද? ඇයි ඔය රෙදි අස්සේ හංගගෙන ඉන්නේ අපරාධකාරයෝත්. ලොකු ලොකු පරිපාලන තනතුරුත් දීලා. කරපු හොරකම් අසාධාරණකම් හෙළිවෙනවාට කන්න දුන් අත සපා කාලා අද ලොකු ලොකු තනතුරු ලබාගෙන ඔය ඉන්නේ බොහොම හොඳට. කෝ ඒවාට නඩු. (නි)

:       0       0

චන්න Friday, 09 September 2016 05:41 PM

පැත්ත මාරු කළාට අවාසියක් වුණේ නැහැනේ. ටිකක් වියදම් කරලා නඩුවෙන් ගොඩයන්න (නි)

:       0       0

ගඟන Friday, 09 September 2016 05:52 PM

පවු අප්පා. අවුරුදු බර ගණනක් යූඑන්පී එකට වතුර ඇදල ඇදලා පැන්නා. අපි මෙයාට සමාවක් දෙමු. (නි)

:       0       0

හේමන්ත Friday, 09 September 2016 07:03 PM

ඔන්න එදා කළ දේවල්වල ප්‍රතිඵල (නි)

:       0       0

පද්මිණි Friday, 09 September 2016 07:36 PM

ජනතාව බුද්ධිමත් නිසා එදා ගැලවුණා. මොහු කළේ සුළුපටු ද්‍රෝහී ක්‍රියාවක්ද. (නි)

:       0       0

සෑම් Friday, 09 September 2016 08:59 PM

දේශපාලනයේ ඉක්මනින් ඉහළයාමේ ආශාව, මිල මුදල්, වරප්‍රසාද වලට ඇති අසීමිත තණ්හාව ආදිය නිසා අන්ධවුණාම මෙහෙම දේවල් වෙනවා (නි)

:       0       0

ද සිල්වා Saturday, 10 September 2016 10:24 AM

අල බහිනතුරු ඉවසගෙන ඉඳලා අල තැම්බෙනකම් ඉවසන්න බැරිවුණානේ? තව මාසයක් ඉවසගෙන හිටියා නම් කොහොමද? (නි)

:       0       0

සිරිසේන Friday, 09 September 2016 11:37 PM

හොඳ වැඩේ. දවසකට හරි හිරේ දැම්මොත් හොඳටම ඇති. (නි)

:       0       0

බුද්ධික Friday, 09 September 2016 11:42 PM

දණ්ඩ නීතියට අනුව වගන්ති කීපයක් යටතේ වැරදිකරු වන්නට පුළුවන්. කූට ලේඛන සඳහා වසර පහක සිරදඬුවම් හෝ දඩයක් හෝ ඒ දෙකම දෙන්න පුළුවන්. ඊට අමතරව මැතිවරණයේදී ඡන්ද වලට බලපෑමක් වුණ නිසා දඩයක් නියම වෙන්නට පුළුවන්. සමහරවිට ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා පනත යටතේ වැරදිකරු වන්නටත් පුළුවන් (නි)

:       0       0

ටෙෂාන් Saturday, 10 September 2016 12:42 AM

මදැයි කරගත්දේක හැටි? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Saturday, 10 September 2016 12:42 AM

ඉහළටම යන්න වාසනාව තිබුණු කෙනෙක්. කර්මඵල විපාකය පළදුන්නා (නි)

:       0       0

දිනේෂ් Saturday, 10 September 2016 01:12 AM

මේවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා (නි)

:       0       0

රොහාන් Saturday, 10 September 2016 12:29 PM

එ.ජා .ප.ය වෙනුවන් කොපමණ දරදිය ඇදපු මහලේකම් කෙනෙක්ද? මීට කලින් ගිහින් ආ අය ඔය අගේට ජයට ඉන්නේ (නි)

:       0       0

සුසිල් Saturday, 10 September 2016 01:35 AM

යහපාලන ආණ්ඩුව අධිවේගයට අවතීර්ණ වූ වගයි. ඔහොම යමු. ඔහොම යමු (නි)

:       0       0

අබය Saturday, 10 September 2016 02:17 AM

පවු අහිංසකයා! දැන් කාගේ පිහිටද? (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 10 September 2016 03:21 PM

ලංකා දේශපාලන ඉතිහාසයේ විහින් නැතිවුණ, අඩුම කලක් අමාත්‍යකමක් දරපු, තමන් සිටි චරිතය ගොඩනඟාගත් පක්ෂය පාවාදුන් එකම කෙනා මෙයා. මේවා හොඳ පාඩම් (නි)

:       0       0

සුරනිමල Saturday, 10 September 2016 02:22 AM

පව් දැනටමත් මෙයා මනසින් විඳවනවා ඇති. හිටියා නම් දැන් බලගතු කැබිනට් ඇමතියෙක්නේ. ලක්ෂ තුන්සියේ හයසියේ කාර් හීනෙන් පේනවා ඇති. (නි)

:       0       0

පද්මිණි Sunday, 11 September 2016 04:30 AM

ලක්ෂාන්, යමක් දිහා නිවහල් මනසින් බලන්න . මම නම් ඉන්නේ ප්‍රංශයේ. චතුරි ඉන්නේ ඇමරිකාවේ. (ර)

:       0       0

නිමල් ලලිත Saturday, 10 September 2016 02:21 AM

කූඨ ලේඛන කෙසේවෙතත් එදා කියපුවා ඇත්ත බවක් නම් පෙනෙනවා (නි)

:       0       0

සුසන්ත Saturday, 10 September 2016 03:34 PM

ලේඛනයේ කූට බව මොනවට පේනවා එ්කේ තිබුන බොහොමයක් දේ දැනටම සැබෑවී ඇති සැටියෙන් සහ අනිත් ඒවත් හැබෑවෙමින් පවතින හැටියෙන්ම! (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 10 September 2016 03:09 AM

එතුමා පෙන්වපු දේවල් තමා අද සිද්ධ වෙන්නේ. ඒක බොරුවක් වෙන්න බැහැ. එතකොට කූඨ ෆොටෝ හදපු අයට මොනවද වෙන්නේ. දෙකම එක හා සමාන ක්‍රියා නේද? (නි)

:       0       0

සජිත් Saturday, 10 September 2016 03:53 AM

අනේ ඔවු චතුරි, ඒකත් පත්තර වලට පින්සිදධ වෙන්න (නි)

:       0       0

රත්නායක Saturday, 10 September 2016 04:09 AM

හොර අත්සන් දාන එක වැරැද්දක් තමයි. අපිත් මුලදි හිතුවේ මෙයා කියපු දේවල් බොරු කියලා. ඔය අත්සන නොදා කතාව විතරක් කිව්වා නම් මේ බැනලා තියන අයට කියන්න දේකුත් නැතිවෙනවා නේද. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 10 September 2016 04:20 AM

තිස්ස කරගත් මෝඩකමක්. කමක් නැහැ. දැන්වත් තේරුම්ගන්න. ගිහින් සමාව ගන්න කරපු වැරැද්දට. මේවට කියන්නේ ඉල්ලන් කනවා කියලා (නි)

:       0       0

මර්වින් Saturday, 10 September 2016 05:58 AM

සමහරු තවමත් ඉන්නේ මහරජාගේ ලෝකයේ. ඔහේ දොඩවනවා කිසිම වගවිභාගයක් නැතුව. තිස්ස කළේ කැත වැඩක්. එ්කේ පලවිපාක විඳින්න ඕනෑ (නි)

:       0       0

සඳුන් Saturday, 10 September 2016 06:30 AM

ඡන්දයක් තියන්න වගේ හදන්නේ. (නි)

:       0       0

ලක්ෂාන් Saturday, 10 September 2016 06:35 AM

කාලෙකින් අදහසක් මේ දාන්නේ. මම නිලුත් නැහැ කොළත් නැහැ. හැබැයි පද්මිණි චතුරි ජෝඩුව ඩුබායි තිලක්ගේ ගෙවල් පැත්තේ කියලා හිතුනා. (නි)

:       0       0

ශාන්ත Saturday, 10 September 2016 11:39 PM

මහින්ද රාජපක්ෂ තමන් වටේ සියල්ලන්ටම දඬුවම් නොදුන්නේ කිසිදා ඔහු පරාජයට පත්නොවන බවටත් එමනිසා ඒවාට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලබනු බවටත් ඔවුන් තුළ බොරු විශ්වාසයන් ඇති කරවමිනි. එහෙත් නොසිතූවිරූ ලෙස ආණ්ඩු මාරුවීම නිසා අද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැරදි කළ අයට පෝළිමේ උසාවි ගානේ යන්නත්, කොමිසන් ගානේ රස්තියාදු වෙන්නත්, එල්ලුම් ගස් යන්නත් සිදු වී තිබේ. (නි)

:       0       0

දර්ශන Saturday, 10 September 2016 06:33 AM

එදා කියපු දේ අද ඇත්ත බව දැන් පෙනෙනවා. ඒක නිසානේ මේ කලබල වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ධම්ම Friday, 09 September 2016 02:01 PM

කූඨ ලේඛන සැකසීමට දෙන දඬුවම දන්නා කෙනෙක් කියාදෙන්නකෝ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 0 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 259 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 165 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 599 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 299 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 48 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site