IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තිස්ස අත්තනායක සංවිධායක ධුරයෙන් යයි?

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්  තිස්ස අත්තනායක මහතා මහනුවර කුණ්ඩසාලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ  සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කළේ  පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයෙන් තම ආසනය ලත් පරාජයේ වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි

ඉල්ලා අස්වීමේ ලිපිය  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත.   වික්‍රමසිංහ මහතා එය පිළිගෙන නොමැති බව සිරිකොත ආරංචි කියයි.

තිස්ස අත්තනායක මහතා පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බැවින් කුණ්ඩසාලේ ආසනය ජයග්‍රහණය කිරීම ඉදිරියේදී අභියොගයක් නොවන බව ප්‍රකාශ කරන එම නිළධාරියා ඔහුගේ ඉල්ලා අස්වීම අවශ්‍ය නොවන බවද කියයි.



අදහස් (0)

තිස්ස අත්තනායක සංවිධායක ධුරයෙන් යයි?

ෂෙහාන් Thursday, 03 October 2013 11:52 AM

තිස්ස අත්තනායක දෑත් ශක්තිමත් කරන්න යයිද දැන්? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 03 October 2013 11:52 AM

මම යු.එන්.පී. කාරයෙක් නොවේ. නමුත් රටක ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි යන මතයේ සිටින කෙනෙකි. කොටි ත්‍රස්තවාදීන් ගාමිණී දිසානායක මහතාව ඝාතනය කළාට පසුව දේශපාලනය ගැන කිසිම පරිණතභාවයකින් තොර වූ යම් කෙනෙකුත් ඡන්ද සියයට හතලිස් ගණනක් ගත්තා. පසුගිය අවුරුදු විස්ස තුල රනිල් මහතා එය සියයට විස්ස දක්වා බස්සා ඇත. (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Thursday, 03 October 2013 11:55 AM

මිනිස්සුන්ට බලන්න දේවලුත් තියෙන්න එපායැ (නි)

:       0       0

විජේසිරි Thursday, 03 October 2013 04:18 PM

අනේ අම්මෝ! මෙයා නම් යයි විපක්ෂය දාලා...? (නි)

:       0       0

ජනී Thursday, 03 October 2013 10:56 PM

තිස්ස,ඔය දේශපාලනෙන් ඉවත් වෙලා ගමට ගිහින් කුඹුරක් හෙම කොටාගෙන මිනිපේ ඇලෙන් නාල 2 කණුවට වෙලා ටිකක් විවේක ගන්නකො (දී)

:       0       0

සමන්ත Thursday, 03 October 2013 11:57 AM

ඔබතුමා හුගක් ප්‍රමාද වැඩියි ඔය ටික තේරුම් ගන්න. (නි)

:       0       0

සුමනා මානවඩුව Thursday, 03 October 2013 04:33 PM

අනේ,පින්සිද්ද වෙයි..(නදී)

:       0       0

ඉන්ද්‍රා Thursday, 03 October 2013 12:13 PM

බොහොම හොදයි ලේකම් කමත් අතාරින්න , (දී)

:       0       0

ජීවන් Thursday, 03 October 2013 12:14 PM

රනිල් ගියොත් එයාගේ කෘත්යාදී කාර්ය මණ්ඩලයේ අයට රට සවාරි යන්න බැරි වෙනවා. ලොකු හෝටල් වල සම්මන්ත්‍රණ වලට යන්න බැරි වෙනවා. ඉතින් ඒගොල්ලෝ කවදාවත් රනිල්ව එලවන්නේ නෑ. කවදාක හරි ඔය පක්ෂේ ඉතුරු වෙන්නේ රනිලුයි එයාගේ කෘත්යදී සගයෝ ටිකයි විතරයි. ෆොන්සේකාට ජය වේවා.... (දී)

:       0       0

බණ්ඩාර Thursday, 03 October 2013 12:25 PM

බොහොම හොඳයි. ලේකම් කමත් අතාරින්න. ඔය සෙට් එක ඔක්කොම තනතුරු වලින් ඉවත් වෙන්න ඕනේ. ඔය පක්ෂය අයෙත් ගොඩ ගන්න නම්. (ස)

:       0       0

හර්ෂණ පෙරේරා Thursday, 03 October 2013 04:59 PM

අනේ ලොකු දෙයක් යනවනම් .(නදී)

:       0       0

රණසිංහ Thursday, 03 October 2013 12:35 PM

ඔබතුමාව ආදර්ශයට ගන්න කියලා මම නායකතුමාට කියනවා. (නි)

:       0       0

භානුක ජයසිංහ Thursday, 03 October 2013 12:38 PM

කවදා හරි අහන්න වෙයි අර මහත්තයත් ආණ්ඩුවට එකතු වුනා කියලා. (නි)

:       0       0

රනා Thursday, 03 October 2013 12:42 PM

ඔබතුමා වගේ තව කිහිප දෙනෙක් ඉන්නවා යන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 October 2013 12:44 PM

සංවිධායකකමේ ඉදගෙන ලේකම්කමින් ඉවත්වෙලා ඒක වෙන කෙනෙකුට දෙන්න. (නි)

:       0       0

ජයකොඩි කැනඩාව Thursday, 03 October 2013 05:19 PM

ඕක හිතන්න තිබුනේ බොහොම ඉස්සර. දැන් ප්‍රමාද වැඩියි. දැන් යු . එන්.පි කියන පක්ෂය ගොඩ ගන්න බැරි තරමට හිතුවක්කාරකමින් භූමිදාන කර අවසානයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මතක වස්ත්‍ර පුජාව තියලා පින් අනුමෝදන් කරන එක පමණි (නි)

:       0       0

රන්ජනී Thursday, 03 October 2013 12:47 PM

තිස්ස මහත්තයෝ, යන්න ඔබත් සන්ධානයට. තවත් ඔබගේ වටිනා කාලය නිකරුනේ නාස්ති කරන්න එපා (නි)

:       0       0

රොහාන් Thursday, 03 October 2013 12:53 PM

පිටිගල, හැමදේටම අදහස් දාන්නේ නැතුව දන්නා දෙයකට අදහස් දාන්න (නි)

:       0       0

ආසිරි Thursday, 03 October 2013 01:09 PM

ඔහොම යමු. (නි)

:       0       0

නිශානි Thursday, 03 October 2013 01:11 PM

විපක්ෂය සුනේ සුන්. ආඩම්බරයි පුතේ! (නි)

:       0       0

තිස්ස Thursday, 03 October 2013 01:12 PM

ඔය කවුරු ගියත් එජාපයේ නායකත්වය වෙනස් වෙන තුරු මගේ ඡන්දය ජෙනරල් ෆොන්සේකාට. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 03 October 2013 01:18 PM

අස්වෙන්න එපා (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Thursday, 03 October 2013 01:19 PM

තිස්ස, ඔබට කාලය හරි පක්ෂයේ ලේකම් තනතුරින් ඉවත්වී ආසනය සංවිධානය කර ඔබගේ හැකියාව පෙන්වීමට (නි)

:       0       0

රත්න Thursday, 03 October 2013 06:40 PM

මේ පක්‍ෂයේ ඉන්න අය මේ රටට ආදරය නොකරන අය. රට බේරාගන්නකොට මේ අය හිටියේ තමිල්නාඩු ,නෝර්වේ දරන මත වල. වෙන රටක නම් දේශපාලන මත වෙනස්වුවත් මව්බිමට ද්‍රෝහි වන්නේ නැහැ (නි)

:       0       0

බණ්ඩා Thursday, 03 October 2013 06:43 PM

ඔයා එන්න ආණ්ඩුවට (නි)

:       0       0

ශ්‍රී Thursday, 03 October 2013 06:45 PM

එජාපයම වෙනස් විය යුතු කාලයට එළඹ තිබෙනවා. (නි)

:       0       0

රනේ Thursday, 03 October 2013 06:54 PM

අන්තිමේදී කාට කාටත් දාලා යන්න වෙනවා. (නි)

:       0       0

මරික්කාර් Thursday, 03 October 2013 01:42 PM

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ජනතා නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහතා තුළ එසේ ගුණාංග සියල්ලක්ම තියනවා. රනිල්ට නායකත්වයට අදාල විශේෂ ලක්ෂණ නැති බවයි හැගීම. සජිත්, හරින්, බුද්දික වැනි කඩිසර තරුණ සාමාජිකයන්ට මුල්තැන දීම එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනයාමට රුකුලක් වනවා ඇත. (නි)

:       0       0

චමින්ද Thursday, 03 October 2013 01:54 PM

ඔය ගමන්ම නායකතුමාටත් ආදර්ශයක් දෙන්න (නි)

:       0       0

ලුම්බිණි Thursday, 03 October 2013 02:13 PM

අඩු වශයෙන් තමන්ගේ නායකයට ආදර්ශයක් දුන්න එකම ලොකු දෙයක්. (නි)

:       0       0

කිරි ආතා Thursday, 03 October 2013 02:44 PM

පුතේ නුඹලා ඔක්කොම ‍යන්නකෝ වෙන රටකටවත් (නි)

:       0       0

දුරන්ග් Thursday, 03 October 2013 02:53 PM

අනිත් දේශපාලන ක්‍රියාකාරීන් සමග බලනකොට තිස්ස අත්තනායක කියන්නේ හොඳ අවංක මහත්මයෙක්. එජාපය කියන්නේ ලංකා දේශපාලනයේ මහගෙදර. දේශපාලන පක්ෂ බලයට එනවා,පිරිහෙනවා ,බලයෙන් පහවෙනවා. නැවත ප්‍රමාද වී හෝ බලයට එනවා. ශ්‍රීලනිප ප්‍රධාන සන්ධානයත් බලයට ආවා පිරිහුණා පැරදුණා. නැවතත් බලයට ඇවිල්ලා ඉන්නේ. ටික ටික පිරිහෙමින් ගිහිල්ලා පරදිනවා. ඒක නවත්වන්න පුළුවන් ජගතෙක් නැහැ. (නි)

:       0       0

ජගත් Thursday, 03 October 2013 02:54 PM

දෑත් ශක්තිමත් කරන්න යයිද? (නි)

:       0       0

චාන් Thursday, 03 October 2013 02:58 PM

ලොක්කත් එක්කම පක්ෂයෙනුත් ඉවත්වෙලා , වෙනමම කව්රුත් දන්නා හදුනන සිව්පාවෙකුගේ ලකුණක් වගේ එකක් ‍යොදාගෙන පක්ෂයක් පිහිටෙවුවොත් නරකද? (නි)

:       0       0

මොහාන් Thursday, 03 October 2013 11:10 AM

ඕක පිළිගන්න එපා නායකතුමනි. ඊටපස්සේ කියයි ඔබතුමාටත් එහෙම කරන්න කියලා. මොකද දැන් 27 පාරක් නේ. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 03 October 2013 11:12 AM

ඔය සෙට් එක ඔක්කොම තනතුරු වලින් ඉවත් වෙන්න ඕනේ, ඔය පක්ෂය අයෙත් ගොඩ ගන්න නම්. මහජනයාට ලංවිය නොහැකි නායකයන් යුද්දෙට කොස් කොටන්නද? දැන්වත් තේරුම් ගත යුතුයි‍. තව ටික කාලයකින් යු එන් පි එකක් නැහැ. මේ ගොල්ලෝ කට්ටිය හිටියො තින් කියන්න කණගාටු අර අවුරුදු 2 දී දුප්පතාට බඩු ටික ගන්න තිබ්බ සතොස නැති කරලා දැම්මා. එහෙන් මෙහෙන් අලියට එකතු වෙච්ච කට්ටිය අලියාගේ නමක් කැත කරල තමයි ආපහු ගියේ. (ස)

:       0       0

ටෙනිසන් Thursday, 03 October 2013 11:15 AM

ලොක්කට කඩේ යන්නේ නැති නම් තිස්ස අත්තනායක කියන්නේ හොඳ මහත්මයෙක්.එතුමා සංවිධායක ධුරයෙන් අස්විය යුතු නැහැ. ලොක්කව ඔය පුටුවෙන් ගලවල වෙන තැනකින් වාඩි කරවන්න. (ස)

:       0       0

නසා Thursday, 03 October 2013 03:24 PM

මම කුණ්ඩසාලේ.අපි කොහොමද එළියට එන්නේ? (නි)

:       0       0

රංගන Thursday, 03 October 2013 03:36 PM

රනිල් හරි දේ කියලා දෙන්න හදනකොට මෙයාලා ඒක කරන්න දෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සංඛ Thursday, 03 October 2013 11:35 AM

යන්න ඕන රනිල් ලොක්කා නේද?? (ස)

:       0       0

ඔකිත Thursday, 03 October 2013 11:40 AM

පක්ෂෙන් නොවේ පක්ෂ ලේකම්කමෙන් ඉල්ලා අස්වෙන්නේ (දී)

:       0       0

ශාන්ත Thursday, 03 October 2013 11:41 AM

සංවිධායකකමෙන් අස්වීම ගෙන සතුටුයි (නි)

:       0       0

රුවන් Thursday, 03 October 2013 11:42 AM

ලොකු දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 47 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 44 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 364 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 182 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 839 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 829 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21555 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21194 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site