IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිස්ස දරුවෝ අපායෙන් චුත වෙති

 තිස්සමහාරාම බෝගහපෑලැස්ස ළමා නිවාසයේ දරුවෝ ජාතික ළමා ආරක‍්ෂක අධිකාරියේ යටතට පවරාගෙන කොළඔටරැගෙන එනු ලැබුහ.

මෙම අසරණ වු දරුවන් ළමා නිවාස ගාල් නොකර හොද පුරවැසියන් පිරිසක් කිරිමට කටයුතු කරන ලෙසත් මෙම දරුවන් සදහා නව නිවාස දෙකක් රජයෙන් ලබා  දෙන බවත් මෙම දරුවන් ගේ රැකවරණය  නිසි අයුරින් සළසාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතා තමාට  උපදෙස් දුන් බවත්ජාතික ළමා ආරක‍්ෂ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය කීවාය.

බ්‍රහස්පතින්දා රාත්‍රි9 ට පමණ මෙම දරුවන් ජාතික ළමා ආරක‍්ෂක  අධීකාරිය මේ දරුවන් රැගෙන        යද්දී  දැඩි උනුසුමිකාරී තත්වයක්  ඇති විය.

මෙම දරුවන් ළමා නිවාසයක මෙන් පාලනය නොකර  ගෙදරක පරිසරය දැනෙන පරිදි හොදින් රැක ගැණිම පිණිස කටයුතු කරන ලෙසජනාධිපතිවරයා උපදෙස් දුන් බව දිසානායක මහත්මිය කීවාය. මෙම දරුවන් අතර බොහෝ  පිරිසකට  මව්පියන් සිටින බවත් රජයෙන් මාසයකට රුපියල් පහළොස් දහක් පමණ වැටුප් ලබන හම්බන්තොට නගර සේවිකාවක සිටින බවත් ළමා ආරක‍ෂ නිළධරයෝ කීහ.



අදහස් (0)

තිස්ස දරුවෝ අපායෙන් චුත වෙති

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 07:22 AM

රහසිගතව වීඩීයෝ කරලා නීතියේ ඇස්වලට මෙම සිද්ධිය පෙන්වා දුන් මාධ්‍යකරුවාට සුභ පතමු (නි)

:       0       0

සදුනි Saturday, 06 April 2013 07:57 AM

ඔව් ආරියවංස, පාස්ටර්ලා කතෝලික සහ බෞද්ධ ආගමට විරුද්ධ වුණත් ඔවුන්ට ආවඩන බිෂොප්වරු විතරක් නෙමෙයි අවාසනාවට සමහර හාමුදුරුවරුත් ඉන්නවා (නි)

:       0       0

අමිල Friday, 05 April 2013 07:08 PM

පාස්ටර්ලටත් බිෂොප්ලා ඉන්නවද? දෙමවිපියක් ගැනත් හොයන්න.(නදී)

:       0       0

නිමලා Friday, 05 April 2013 07:20 PM

සේනාව දැම්මලා කුණු බිත්තර ටිකක් ගස්සල දැම්මා නම් වැඩේ ඉවරයි.(නදී)

:       0       0

ප්‍රශාන් Saturday, 06 April 2013 11:16 AM

ඇයි මහා රෑ ළමයි අරන් යන්නේ? ගෙදරක පරිසරය දැනෙනවා නම් හොඳයි. ඒක දැනෙන්නේ ඉතින් දෙමාපියන් ළඟ ඉන්නකොටනේ වැඩියෙන්ම. ඉතින් මේ ළමයි කොළඹ අරන් නොයා තිස්සමහාරාමේම නිවාස දෙකක් ඉදිකරලා දුන්නොත් නේද හොඳ? මොනවා වුණත් ඒ හිතේ දුක පුරවගෙන ඉන්න පුංචි ළමයි කියන එක අමතක කරන්න එපා. (නි)

:       0       0

ප්‍රශාන් Saturday, 06 April 2013 11:08 AM

ඇයි මහා රෑ ළමයි අරන් යන්නේ? ගෙදරක පරිසරය දැනෙනනවා නං හොඳයි. ඒක දැනෙන්නේ ඉතින් දෙමාපියන් ළඟ ඉන්නකොටනේ වැඩියෙන්ම. ඉතින් මේ ළමයි කොළඹ අරන් නොයා තිස්සමහාරාමේම නිවාස දෙක ඉදිකරලා දුන්නොත් නේද හොඳ? මොන උනත් ඒ හිතේ දුක පුරවන් ඉන්න පුංචි ළමයි කියන එක අමතක කරන්න එපා.(ස)

:       0       0

උපුල් Saturday, 06 April 2013 11:16 AM

පැහැදිලිව කියන්න ඕනෑ, පාස්ටර් කියන තනතුර අයත් වෙන්නේ කතෝලික සභාවට නෙමෙයි. කතෝලික සභාව කියන්නේ දෙවියන් වහන්සේ පිහිට වූ සභාවක්. අනෙක් නම් වලින් හැදින්වෙන ආගම් හදාගත්තේ තමන්ට වාසිවෙන විදියට. අද ලෝකයේ එවැනි මූලධර්මවාදි කණ්ඩායම් 36000 ක් පමණ තියෙනවා. එම නිසා ඔවුන් කතෝලික සභාවට අයත් වන්නේ නැහැ. (නි)

:       0       0

තිසල් Sunday, 07 April 2013 06:59 AM

තව ඔය වගේ අපායවල් කීයක ලිංගික ක්‍රියා වල යොදවමින් වද හිංසා කරමින් අපේ රටේ ළමයි කොතරම් ඉන්නවද? තවත් පත්‍රයක පල කරනකම් ළමාරක්ෂණ අධිකාරිය නිහඩව ඉන්නවා.පත්තරවල දැම්මොත් විතරක් දුවලා යනවා. ඔය තරම් ප්‍රසිද්ධ වෙලත් පාස්ටර්ගේ නංගිට ළමා නිවාසය බාරදෙන්න හැදුවා.මිනිස්සු හඩ නගපු හින්දා ඒකත් බේරුනා.ඒකෙන් තේරෙනවා මේ අය කොතරම් අමන විදිහටද වැඩකරන්නේ කියලා.පුදුම කණගාටුවක්,වේදනාවක්‌,අප්‍රසන්නතාවයක්,කෝපයක් ඇතිවෙනවා.අපේ රට ගොඩ එන්නම බැරි තරමට වැරදි පාරේ ගිහින්.මේකට දේශපාලකයෝ විතරක්ම වැරදිකාරයෝ කියලා ඔවුන්ටම බැනීමත් එක හේතුවක්.හැම දෙයකටම දේශපාලකයට බනිනකොට මිනිස්සුනට දැනෙනවා අපි වැරදි නැහැ කියලා. තමනුත් මේවට වගකිව යුතුයි කියලා දැනුනොත් ටිකක් හරි නිවැරදි වෙන්න බලනවා. (නි)

:       0       0

අලවක Friday, 05 April 2013 03:22 PM

මේ සියල්ලටම වගකිව යුතු වන්නේ තමන් ගන්නා පඩියටවත් රාජකාරිය නොකරන ළමා රක්ෂක අධිකාරියේ නෝනාවරුන්ය. මොවුන් හට මෙම පවි පඩිසන් දීමට ආත්ම සිය ගණනාවක් ගතවනු ඇත.(නදී)

:       0       0

සදුනි Friday, 05 April 2013 08:53 PM

සම්පත් මම දන්නා තරමින් පාස්ටර්ල කියන්නේ කතෝලික නෙමෙයි. එයාලට බිෂොප් තුමාලා හෝ වගකිවයුතු කෙනෙක් නැහැ. මොවුන්ට සමාගම් පනත යටතේ මේ රටේ කටයුතු කරන්න ඉඩ දීමයි වරද?(නදී)

:       0       0

සම්පත් Friday, 05 April 2013 03:23 PM

පාස්ටර්ට මොකද කරන්නේ? බිෂොප් තුමා මොකද කියන්නේ?(නදී)

:       0       0

සඳුන් Friday, 05 April 2013 03:32 PM

ඇත්තටම ළමයින්ගේ පෙර පිනකට අපායකින් චුත වීමක් තමයි.(නදී)

:       0       0

ෂෙනල් Friday, 05 April 2013 09:07 PM

රටේ සිදුවෙන මොනම වැඩක් උනත් කමක් නැහැ කෙනෙකුට හෝ පිරිසකට යහපතක් වෙනවනම් නේද ශේනල් ?(නදී)

:       0       0

නුවන් Saturday, 06 April 2013 02:29 PM

කදිනෙල් කෙනෙක් ඉන්න රටක ඔය වගේ දේ කරන එක මොනතරම් අපහාසයක්ද පල්ලියට..(ස)

:       0       0

පැතුම් Friday, 05 April 2013 09:20 PM

දිනේෂ්, සම්පත්.. පාස්ටර්ලා කතෝලික ආගමට අයත් අය නෙවෙයි. ආගමේ මුවාවෙන් ආගම විකුණගෙන කන අය. ඔවුන්ට බිෂොප් කෙනෙක් නැහැ. (නදී)

:       0       0

නිශා Saturday, 06 April 2013 02:44 PM

මොන මොන නිකායවල් තිබුණත් බලාගෙන ගියහම ඔක්කොම එකයි (නි)

:       0       0

සම්පත් Friday, 05 April 2013 03:37 PM

ඇයි පාස්ටර්?(නදී)

:       0       0

සරත් Friday, 05 April 2013 03:58 PM

මේච්චර කල් ඌරු කොටු රකින්න ළමයි යොදාගැනීම පිළිබදව ළමාරක්ෂණ අධිකාරිය නොදැන සිටීම පිළිබදව විමසිය යුතුයි. වහාම තම රාජකාරිය පැහැර හැරි නිලධාරීන් හා ඒ ළමා නිවාසයෙන් අල්ලස් ලබා ගෙන ඇත්නම් ඒවාත් සොයාබලා දඩුවම් කරන්න. මෙපමණ දෙයක් වෙලත් ජනාධිපති තුමා කියනකම් ඉන්න නම් මේ නිලධාරීන් මොකටද. ලංකාවේ සියලු ළමා නිවාස කොළඹින් ගොස් පරීක්ෂා කළ යුතුයි. මෙය හැමදාම නොකඩවාම කළ යුතු දෙයක්. මහලු නිවාසත් පරීක්ෂා කළ යුතුයි.(නදී)

:       0       0

දිනේෂ් Friday, 05 April 2013 04:05 PM

දැන් වත් පාස්ටර්ට නිතිය හරියට ක්‍රියාත්මක කළොත් හොදයි නේද?(නදී)

:       0       0

උපුල් Saturday, 06 April 2013 04:51 PM

නුවන් කතෝලික ආගමේ පියතුමෙක් නෙවෙයිනේ ඕක කලේ . ඒ නිසා කතෝලික පල්ලියට මේ සිද්ධිය අපහාසයක් නෙවෙයි. (ස)

:       0       0

සමිපත් Friday, 05 April 2013 04:23 PM

ළමා ආරක්ෂාව බාර නිලදාරීන් මේවා දැනගන්නේ පුවත් පත් වලින්ද? මට නම් එහෙමයි හිතෙන්නේ.(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Friday, 05 April 2013 11:01 PM

මේ හැමදෙයටම වග කිව යුත්තේ දෙමාපියෝ. තමන්ට ළමය හදා ගන්න බැරිනම් මොකටද කුසට ළමයෙක් ජාතක කරන්නේ? (ත)

:       0       0

මදූ Friday, 05 April 2013 11:24 PM

මම නීතිපති වුණානනම් කරන දේ දන්නවා. (ත)

:       0       0

අමීන් ( සෞදි) Friday, 05 April 2013 05:18 PM

පාස්ටර් ගැනයි ළමා ආරක්ෂා බලදාරින් ගැනයි ඔය කියන කට්ටිය අන්තිමට ලියල තියෙන ටික කියවල බලල නැහැ වගේ. ටිකක් හිතල බලන්න දෙමාපියෝ ඉන්න ළමයි ඇයි මෙහාට දීලා තියෙන්නෙය් කියලා. (නදී)

:       0       0

ආරියවංශ Saturday, 06 April 2013 01:06 AM

ඒ වුණාට පාස්ටර්ලාව බේරගන්න බිෂොප්ලා ඉන්නවා නේද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 105 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 596 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 651 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 259 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 722 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2009 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38637 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site