‘‘ශ්‍රී ලංකා රාජ්‍යය දිය කර හැරීමේ කුමන්ත‍්‍රණය පරාජය කරමු‘‘ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
අවසාන දේශනයට සිදු කිරීමට නියමිතව සිටියේ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාය.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණට එම දේශනයට පෙර නැගිට පිටවී ගියේය.
ඔහු යද්දී ගුණදාස අමරසේකර මහතා මදක් නවතින්නැයි කීවද මහාචාර්යවරයා ඔහුට අත වනා යන්නට ගියේය.
නව ව්‍යවස්ථාවක් සකසා ගැනීම යනු ජනවාරි අට වැනිදා කුමන්ත‍්‍රණයේ දෙවැනි කොටස යැයි ද, ජනවාරි අට වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම විදේශීය කුමන්ත‍්‍රණයක ප්‍රතිඵලයක් යැයි ද නොබියව පැවැසූ එකම පුද්ගලයා මහාචාර්ය තිස්ස විතාරණ මහතා බව අමරසේකර මහතා සම්මන්ත‍්‍රණයේ අවසාන දේශනය ආරම්භ කරමින් පැවැසීය.
‘‘තිස්සට නවතින්නැයි කීවේ මට ඔහුට කෘතඥ වීමට අවශ්‍ය වුණා. ජනවාරි අට වැනිදා වුණේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බව නොබියව පැවැසූ පුද්ගලයා ඔහු පමණයි. ’’
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘තිස්ස නවතින්න‘
මහී Saturday, 23 January 2016 05:13 AM
හැමෝම දන්නවා බටහිර බලවේගවල බොරු ප්‍රචාර නිසා සමහර මිනිස්සු රැවටුණු බව. එයාලට ඕනේ ගැති ආණ්ඩුවක් දැන් පේනවනේ පාලකයන් නිවටයෝ වගේ ඉන්න හැටි. (බ)
චන්දා Saturday, 23 January 2016 06:02 AM
මට දැනෙන තේරෙන හැටියටනම් හොදම දේ රට කරගෙන යන පාලකයන්ට නිදහසේ රට කරගෙන යන්න ඉඩ දෙන්න අවශ්‍යයි,වැඩි බහුතරයක් ඔවුන්ට ඡන්දය දුන්නේ ඒ නිසයි. වපරපු හැටියට ඵල නෙලා ගන්න ලැබෙයි කොහොමත්, ඒ බහුතරයටත් අඩු නැතුවම. (අ)
ද සිල්වා බර්ලින් Sunday, 24 January 2016 07:28 PM
ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 10% - 20% අතර ප්‍රමාණයක් ඉන්නවා පක්ෂයක එල්ලිලා ඉන්නේ නැතුව පවතින වාතාවරණය සළකලා ඡන්දය දෙන බුද්ධිමත් කොට්ඨාශයක්. දැනට ඉන්න පාලකයනුත් මෙය හිතට ගන්න (නි)
ලුම්බිණි Sunday, 24 January 2016 05:10 AM
ජනවාරි අට වැනිදා වුණේ කුමන්ත‍්‍රණයක් නම් මහජන ඡන්දයකට කියන නම මොකද්ද කියල පොඩ්ඩක් කියනවද මහත්තයෝ? (බ)
මහින්ද කැලිෆෝර්නියා Sunday, 24 January 2016 05:48 AM
විමල් වීරවංශ තරහ වෙයි (බ)
ආසිරි Tuesday, 26 January 2016 07:33 AM
මොකක්ද මේ වුනේ.(හේ)
ආසිරි Tuesday, 26 January 2016 07:39 AM
පුළුවන් හොඳ වැඩ ටිකක් හෝ කරලා රජයට සහාය දීම වඩා හොඳ නැද්ද ?(හේ)
බෙන්තර මහේෂ් Saturday, 23 January 2016 07:52 AM
අනේ ඔයාලා රිටයර් වෙන්නකෝ (අ)
නාරද Sunday, 24 January 2016 07:29 AM
ලුම්බිණි මහත්මයාණනි, දැන්වත් ජනවාරි 8 දාගත්ත අං තට්ටුව ගලවල අවංකව බලන්ඩ වට පිට මොකද වෙන්නේ කියල්ල, ඔබතුමාට වගේම අපිටත් වැරදුන තැනක් ජනවාරි 8, (බ)
නිමල්ලලිත් Saturday, 23 January 2016 08:55 AM
දැනට සිදුවෙන වැඩ කටයුතු දෙස බැලුවහම රට කවදත් වින කල විදෙශිකයන්ගේ සහය වර්තමාන පාලක පක්ෂයට ලැබී ඇති බව පෙනෙනවා. (අ)
නන්දලාල් - ප්‍රංශය Sunday, 24 January 2016 10:09 AM
රටට පුහු ආදරයක් කරනවා, තියෙනවා යයි කියන අය අතරේ වත් එකග තාවයක් නැති බව මේ සන්ධර්ශනයෙන් පේනවා. බොරු කතා පතුරුවා රටවැසියා ඇවිස්සීමට නොගොහින් කරන්න පුළුවන් හොඳ වැඩ ටිකක් හෝ කරලා රජයට සහාය දීම වඩා හොඳ නැද්ද ? (ර)
සෑම් Friday, 22 January 2016 10:42 PM
බැලුවාම ජනාධිපතිවරනයේදී ඡන්දෙ දීලා තියෙන්නේ ලංකාවේ ඡන්දදායකයෝ නොවෙයිනේ. උගත් කෙනෙක් හැටියට ඔය කතාව තැන් තැන්වල කියන්නේ නැතුව මැකෝට පැමිණිලි කරලා ප්‍රතිඵලයක් වුණේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නම් ඉවරයිනේ (නි)
අබය Friday, 22 January 2016 11:16 PM
එයාට ස්තූති කිරීම් අනවශ්‍ය නිසා යන්න ඇති (නි)
විකී Wednesday, 27 January 2016 01:23 AM
එදා මිහිදු හාමුදුරුවෝ කිවත් ඒ ටික තමයි (බ)
පෙරේරා Saturday, 23 January 2016 01:47 AM
කල් ඉකුත්වුන දේ පරිභෝජනයට නුසුදුසුය!(අ)
පාලිත ගලපිටිය Saturday, 23 January 2016 03:41 AM
ලංකාවේ ගොඩක් මහාචාර්යවරු, දේශපාලුවන් සහ විශේෂඥ වෛද්‍යවරු එයාලගේ දැනුම යාවත්කාලීන කරගන්නේ නෑ. හැමවෙලාවේම කථා කරන්නේ පරණ පදනමේ සිටයි. ඔවුන්ට ඇත්තේ කල් ඉකුත්වූ දැනුම සහ ශබ්දකෝෂයක් (බ)