IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තිස්ස බලන්න මහින්ද වැලිකඩ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) වැලිකඩ බන්ධනාගාරයට  ගොස් තිස්ස අත්තනායක මහතාගේ සුව දුක් විමසීය.

දෙමළ ජාතික සන්ධානය , එක්සත් ජාතික පක්ෂය හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් පසුගිය ජනපතිවරණ සමයේ අත්සන් කළැයි කියන සිද්ධියේ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් කරනු ලැබ සිටී.

මැතිවරණ සමයේ එජාප මහ ලේකම් තනතුරින් ඉවත් වු ඔහු ගිය රජයට එක්වී සෞඛ්‍ය ඇමැතිවරයා විය.

 



අදහස් (0)

තිස්ස බලන්න මහින්ද වැලිකඩ

හර්ෂ Monday, 09 February 2015 06:52 PM

කොටියව නැතිකළ අපේ රටේ එකම නායකයාට කෝ ආරක්ෂාවක්? (නි)

:       0       0

ජයසේන Monday, 09 February 2015 10:50 AM

බලන්න යන එක හොදයි. (ර)

:       0       0

ඉශාන් Monday, 09 February 2015 07:08 PM

ඔබතුමාගේ ආරක්ෂාව ගැන මීටවඩා හිතන්න.බහුතරයේ බහුතරය ඔබතුමා සමඟයි (නි)

:       0       0

උමේෂ් Monday, 09 February 2015 11:10 AM

මෙතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා ඉහලින් සැලකිලිමත් උනොත් හොදියි. (ර)

:       0       0

චන්ද්‍රලතා Monday, 09 February 2015 07:52 PM

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රැකගන්න තව ගොඩක් ආරක්ෂාව දෙන්න.එතුමා ගැන නරක විදිහට කතාකරන අය‍ට මේවා තේරුම් ගන්න තව ගොඩක් කල් යන්නේ නැහැ. (නි)

:       0       0

දහම් Monday, 09 February 2015 11:25 AM

කොටින්ට සහ ඊළාම් කාරයන්ට වෛරය තියෙන්නේ ඔවුන්ගේ සිහිනය විනාස කල මහින්දට සහ ගෝඨාභයට. මේ ජාතික වීරයන් රැක ගත යුතුමය. පටු දේශපාලනය අනුව ඒ ගැන හිතන එක වැරදියි. (ර)

:       0       0

මිනොජ් Monday, 09 February 2015 11:30 AM

මෙතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මෙතුමා නිසා තමයි අද අපි මෙහෙම නිදහසේ ඉන්නේ. (ර)

:       0       0

ශාන් Monday, 09 February 2015 11:38 AM

තණ්හාය ජායති සෝකෝ (නදී)

:       0       0

නන්දලාල් Monday, 09 February 2015 09:07 PM

කේන්දරකාරයෝ, සාස්තරකාරයෝ විශ්වාස කළ නිසා මේ පුද්ගලයා වැටුන වැටිල්ලක්... ? (නි)

:       0       0

චාතුර Monday, 09 February 2015 11:40 AM

එතුමටත් අන්තිමට එතැනට යන්න වෙයිද ? (නදී)

:       0       0

තෙහාන් Monday, 09 February 2015 11:59 AM

චතුර, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ගැන දන්නේ නැත්නම් කට පියන් ඉන්න. හිටපු ජනාධිපති තුමෙක්ව නඩු දැමීම හෝ සිරගත කිරිම සිදුකල නොහැක. (ර)

:       0       0

මහේසි Monday, 09 February 2015 09:19 PM

මහින්ද කියන්නේ තෙම්පරාදු වූ මිනිසෙක්. මට නම් කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Monday, 09 February 2015 12:02 PM

උමේෂ්, දහම්, ඔබගේ අදහසට මමත් එකගයි. අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.! (ර)

:       0       0

මලී Monday, 09 February 2015 12:08 PM

දැන් නම් පොලවේ පය ගහලා ඉන්න හැඩැයි (නදී)

:       0       0

ලෝචන Monday, 09 February 2015 10:17 PM

ඔබතුමා ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කරදුන් රටට ගිය කලක්. (නි)

:       0       0

හාන් අමිත් Monday, 09 February 2015 12:19 PM

තණ්හාය ජායති සෝකෝ (නදී)

:       0       0

එරංග Tuesday, 10 February 2015 12:33 AM

තවත් ඉන්නවා. වැරදි කළොත් දඬුවම් ලැබීම සාධාරණයි.නැත්නම් වැඩක් නැහැ. (නි)

:       0       0

දිනුක් Monday, 09 February 2015 12:35 PM

ඔහොම වෙන බව හිතන්න තිබුනා. (නදී)

:       0       0

ජයතිස්ස Tuesday, 10 February 2015 01:10 AM

බලන්න යන එක යුතුකමක්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 10 February 2015 01:19 AM

එතකොට අර කූට ඡායාරූප ශිල්පියා ගැනත් රහස් පොලිසියට පැමිණිලි කළා නේද? (නි)

:       0       0

ටියුඩර් Tuesday, 10 February 2015 01:20 AM

කළගුණ මතක්කරදීමක් (නි)

:       0       0

කුමාර Tuesday, 10 February 2015 01:44 AM

පැරදිලා හරි මෙතුමා රටේ ඉන්න එක රටට ලොකු හයියක් මෙතුමා රටට නැති වුනොත් දැනෙන වේදනාව හිතා ගන්නවත් බෑ. (නදී)

:       0       0

සුරී Tuesday, 10 February 2015 01:44 AM

වැරදි කලානම් දඩුවම් විදින්න එපායැ. කෑවා නම් වමාරින්න (නදී)

:       0       0

සමන්ති Tuesday, 10 February 2015 01:48 AM

දහම්, යුද්ධය සටන්බිමේ සිට මෙහෙයවපු අයත් හිරේ යවපු නායකයෝ ඉන්න රටක් මේක (නදී)

:       0       0

නිමල් ජයසිංහ Tuesday, 10 February 2015 02:19 AM

ලණුව දුන්න අයගේ යුතුකම තමා ලණුව ගිල්ල අයගේ සැප දුක් බැලීම.(නදී)

:       0       0

ශෙහාන් Monday, 09 February 2015 01:12 PM

තෙහාන් අනුන්ට බණ කියන්න ඉස්සර ආණ්ඩු ක්‍රමය දැනගෙන කතා කරන්න. චතුර ඔය හරි. (ස)

:       0       0

ජගත් වෙත්තසිංහ Monday, 09 February 2015 01:15 PM

සරත් පොන්සේකා මහත්තයත් හිටියේ ඔතනම නේද ? (ස)

:       0       0

පද්මිණී Monday, 09 February 2015 01:16 PM

දැන් ඔය යන්නේ මොකක් කියන්නද? (නදී)

:       0       0

යසිරු Monday, 09 February 2015 01:18 PM

දහම් එතකොට ඒ දෙන්නා විතරද යුද්ධය සඳහා සක්‍රිය දායකත්වය දුන්නේ? අනිත් මිනිස්සුන්ට ආරක්ෂාව ඕන නැද්ද ? (නදී)

:       0       0

චනිල් Monday, 09 February 2015 01:21 PM

අපෝ දහම්, කරුණා පිල්ලෙයාන් කේ පි ල ඉන්නකන් මෙතුමාට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. (නදී)

:       0       0

හසිනි Tuesday, 10 February 2015 02:39 AM

මේ මනුස්සය තමයි අපිට රටේ බය නැතුව සිංහලයන් විදියට ජීවත් වෙන්න අපේ දරුවන්ට රට ආරක්ෂා කරලා දුන්න වීරයා. ඒක නිසා අපහස කරන්න එපා.(හේ)

:       0       0

තුවාන් Monday, 09 February 2015 01:34 PM

කොටින්ට සහ ඊළාම් කාරයන්ට වෛරය තියෙන්නේ ඔවුන්ගේ සිහිනය විනාස කල මහින්දට සහ ගෝඨාභයට (ස)

:       0       0

සිල්වා Monday, 09 February 2015 01:39 PM

චතුර, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ තියෙන කතාවක් වත් කියවල නැති නිකමෙක් වගේ මට පෙනෙන්නේ (ස)

:       0       0

අබ්දුල් රහ්මාන් Monday, 09 February 2015 01:52 PM

මහින්ද මහත්තයට මේ ආරක්ෂාව හොඳටම මදි.මේ හුටන්ලා මෙච්චර දගලන්නේ එතුමා උදාකරදුන් නිදහස නිසයි. (ස)

:       0       0

සමන්ති Monday, 09 February 2015 02:12 PM

ඉස්සර තිස්ස බලන්න මහින්ද ගියේ මිහින්තලාවට (ස).

:       0       0

සන්වන්නි Monday, 09 February 2015 02:12 PM

මිතුරු තුමෝ දුකසැප දෙකෙහිම පැවතී බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිතී (ස)

:       0       0

අබේ - ටෝකියෝ Monday, 09 February 2015 02:13 PM

ඔබ තුමාට හිර ගෙදර අලුත් තැනක් නොවන බව අපි දන්නා කරුණකි . අම්ම ගේ මල ගෙදර දවසෙත් ඔබ තුමා හිර ගෙදර. ගුණමකු පුද්ගලයන් මොනවා කිවත් මෑත කාලයේ බිහිවුන වීරයෙක් ඔබ. ඔබ තුමාට දළදා සරණ පතමි .(ස)

:       0       0

නදිකා Tuesday, 10 February 2015 03:53 AM

මේක සම්පුර්ණ පළිගැනීමේ චේතනාවෙන් කරන්නේ. මේක ඇප දෙන්න පුළුවන් කේස් එකක්. මේකට, මේ විදියට ඇක්ෂන් ගන්නවා නම් පාටලී චම්පික ඇමතිතුමා මාධයට විකෘති කරලා පෙන්නපු ෆොටෝ එකටත් ඇක්ෂන් ගන්න ඕනේ නේ. (නදී)

:       0       0

චන්න Monday, 09 February 2015 02:19 PM

ගිහිල්ල හිර ගෙදර බලාගන්න එක ඇගට ගුණයි අන්තිමට මෙයත් මෙතන ඉන්න පුළුවන් (ස)

:       0       0

භානු Monday, 09 February 2015 02:46 PM

මෙතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා ඉහලින් සැලකිලිමත් උනොත් හොඳයි. අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.! (නදී)

:       0       0

ලසන්ත රාමනායක Tuesday, 10 February 2015 04:32 AM

එතකොට යුද්දේ කරපු සරත් ෆොන්සේකාට හිරේට දාල දුන්න වගේ හොද ආරක්ෂාවක් දුන්නනම් හරිද ?(හේ)

:       0       0

සෙනරත් Monday, 09 February 2015 03:26 PM

දැන් ඉතින් හැම තැනම ආපහු ගේට්ටු ඇරලා නිසා රට වෙනුවෙන් වැඩ කළ කොයි කවුරුත් තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සොයා ගත යුතු කාලය නැවත පැමිණ ඇත. (අ)

:       0       0

රේණු Tuesday, 10 February 2015 05:21 AM

වරදක් කලානම් දඩුවම් අනිවාර්යෙන්ම දෙන්න ඕනා. නමුත් එක පැත්තකට පමණක් කටයුතු කිරීම කණගාටුදායකයි (නදී)

:       0       0

වාසනා Monday, 09 February 2015 04:23 PM

චතුර වගේ නොදත් අය හින්දා තමයි රටට හොඳ නායකයෙක් නැති උනේ. ඔබතුමාට චිරන් ජයතු. අපි ඔබතුමා සමගයි සැමදා. ඉදිරියටම එන්න උතුමානනී. (නදී)

:       0       0

දිලාන් සංජය Monday, 09 February 2015 04:42 PM

තණ්හාය ජායතී ‍ශෝකෝ... (නි)

:       0       0

සිසිර Monday, 09 February 2015 04:54 PM

ඔය හැමෝගෙම කයිවාරු කවුරු හින්දාද කියලා අපි දන්නවා (නි)

:       0       0

කමල් Monday, 09 February 2015 04:55 PM

ගිහින් පිටට තට්ටුවක් එහෙම දාලා කතාකරලා එන්නකෝ (නි)

:       0       0

නිශා Monday, 09 February 2015 05:03 PM

මෙතුමා නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. ජේ වී පී කාරයන්ගේ පච වලට රැවටිලා අපේ මිනිස්සු අපේ කම ඇති ශක්තිමත් ආණ්ඩුවක් පරාජය කළා. මේ රට ස්වාධීනව ගොඩ නැගීමට උත්සහ කල සැමවිටම එය කඩාකප්පල් කලේ ජවිපෙ බව මම දැඩිව විශ්වාස කරමි. පවතින දේශපාලනික තත්වය අවුල් , වියවුල් කර එමගින් ගොඩනැගෙන ජනපිඩනය තුළින් තමුන්ගේ හිස්ගොඩ වැඩිකරගැනීමේ කුරිරු ප්‍රයත්නය හැර වෙනයමක් කිරීමේ හෝ කළමනාකරණ හැකියාවන් ප්‍රගුන කලවූ කිසිවෙකු ඔවුන් සමග නොමැති බව අවබෝධ කරගැනීම සඳහා මිනිසුන්ට තවත් කාලයක් ගතවනු ඇත. අද දිනයේ ඔවුන් කරන්නේද අළුත් ආණ්ඩුව පෙරකී අරමුණ සඳහා දැක්වීම පමණි. ආණ්ඩුව පිරිහෙන විට , 89 මෙන්ම අරගල කරනු ඇත. විප්ලවය නාමයෙන් දේශීය සම්පත් විනාශ කර තරුණ ජිවිත බිලි දෙනු ඇත. ජවිපෙ තරුණ ජිවිත 60,000 බිලිගත් ඈයින්ට මුට්ටිය ඇල්ලු ජවිපෙ දේශපාලන මණ්ඩලයට හා මද්‍යම කාරක සභිකයන්ට මේ රටේ ජනතාව නිසි පිළිතුරු දෙනු ඇති බව මම විස්වාස කරමි (නදි)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Monday, 09 February 2015 05:07 PM

මොකද මේ දේශපාලකයෝ පමණක් හිරගෙදර රෝහලේ රඳවන්නේ. මේ ගොල්ලන්ට ලෙඩද නැතිනම් නීතියට ලෙඩද? (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Monday, 09 February 2015 05:25 PM

චතුර, මැට්ටෙක් උනාට ප්‍රදර්ශනය කරන්න එපා. එතුමාට ඔතන අලුත් තැනක් නොවේ. එදත් කොන්දත් කටත් නිසා කට්ටිය එතුමාව නිහඬ කරන්න හැදුවා ඔය වගේ විලංගු දාලා. දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න (නදි)

:       0       0

ප්‍රියා ප්‍රේම් Monday, 09 February 2015 05:26 PM

අනිවාර්යෙන් වැලිකඩ තමයි (නදී)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Monday, 09 February 2015 05:36 PM

හිටපු ජන නායක තුමාට රජයෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් දී නොමැති බව මෙම රූප රාමු මගින් දැක ගත හැක. මෙතුමාගේ ජිවිතයට අනතුරක් සිදු උවහොත් පවතින රජය වග කිව යුතුයි. (නදී)

:       0       0

චන්ද්‍රදාස විතානගේ Monday, 09 February 2015 05:59 PM

ලංකාවේ අයට අද ඔහොමයි (නදී)

:       0       0

දිනේෂ් Monday, 09 February 2015 10:28 AM

මෙහෙම වෙන්න එපැයි (දිල්)

:       0       0

ටිරෝන් Monday, 09 February 2015 10:30 AM

අර හැතැප්ම බාගයක් විතර දිග ආරක්ෂක සංදර්ශන නැත හෙලිකොප්ටර් නැත සියල්ල අනිත්‍යයයි . තණ්හාය ජායති සෝකෝ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 265 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 706 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 273 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 726 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2067 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2320 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site