IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තිස්ස මුදලාලි තහනම් ගහේ: පුංචි ගෙඩියකුත් කුරෝලු කරලා

අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය හෝටලයකට රැගෙන ගොස් කෙළෙසී යැයි ව්‍යාපාරිකයකු ද  ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන හෝටල හිමියකු ද අද තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. ටියුෂන් පන්තියට ගොස් එමින් සිටි දැරිය වෑන් රියකින් රැගෙන ගොස් කෙළෙසා රුපියල් 1200ක් අතට දී ගෙදර යන ලෙස බසයකට නංවා ඇතැයි පොලිසිය කියයි. පොලිස් ස්ථානාධිපති ජනක කුමාර හා කාන්තා පොලිස් පරීක්ෂක එම්.එච්. චාන්දනී මහත්මිය පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

තිස්ස මුදලාලි තහනම් ගහේ: පුංචි ගෙඩියකුත් කුරෝලු කරලා

ෂෙරිෆ් Wednesday, 04 June 2014 02:26 PM

පේනවා නේද අපේ රටේ සාර ධර්ම අයාලේ ගිහින් මිනිසා තිරිසන් වෙලා (නදී)

:       0       0

අසෝක Wednesday, 04 June 2014 02:38 PM

ෂුවර් එකටම ප්‍රාදේශීය සභාවේ කව්රු හරිද? (නදී)

:       0       0

ශාන්ත Thursday, 05 June 2014 01:29 PM

සදහටම මෙවැනි දේවල් නොකරන්න දඩුවමක් දෙන්ඩ ඕනේ (නදී)

:       0       0

ආනන්ද Wednesday, 04 June 2014 10:17 PM

බැලුවහම මේ දකුණේ වැඩකාරයෙක්නේ. රටට ගිය කල!‍ (නි)

:       0       0

රන්ජිත් Wednesday, 04 June 2014 10:28 PM

පුදුමය කියන්නේ වැඩියෙන්ම මේ වගේ ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ දකුණු පැත්තෙන්මනේ. මම නම් පුස් පැටියෙක්වත් එහෙන් අපේ පැත්තට ගෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 04 June 2014 03:29 PM

මේ සිද්ධියේදී අම්මාගේ වරද හොයන්න යන්න තරම් පහළ තත්ත්වයකට වැටෙන්න එපා. මේ මිනිසා මනුෂ්‍යයෙක් වෙන්න බැහැ. ගැහැණු ළමයා ඔහු හඳුනන නිසා වාහනයට නගින්න ඇති. සමාජයේ පිරිහීම මින් පෙනෙනවා. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 04 June 2014 03:35 PM

ආගමික නායකයන් වහන්සේලා වෙනත් දේවලට කාර්යබහුල වෙලාම හරියන්නෙ නැහැ. සමාජයට මේවායේ හොඳ නරක කියාදෙන්න අවශ්‍යයි (නි)

:       0       0

ආනන්ද Thursday, 05 June 2014 02:20 PM

අනේ මෙහෙමත් සත්තු. (නදී)

:       0       0

කුමාරි Wednesday, 04 June 2014 04:02 PM

දැන් ඉතින් මොන නීතිය ක්‍රියාත්මක කළත් අර දරුවාගේ විනාශ වූ ජීවිතය ලැබෙන්නේ නැහැනේ (නි)

:       0       0

ශාන්ති Thursday, 05 June 2014 02:05 AM

තිස්ස මුදලාලි කියන්නේ මිනිස් ආත්මයක් ලැබූ කෙනෙක් නෙමෙයිද මෙහෙම තිරිසන් වැඩ කරන්නේ? (නි)

:       0       0

රවීන් Wednesday, 04 June 2014 04:16 PM

"තිස්ස මුදලාලි තහනම් ගහේ පුංචි ගෙඩියකුත් කුරෝලු කරලා" හරිම ලස්සන හෙඩිම. (ස)

:       0       0

බිහාර Thursday, 05 June 2014 03:14 AM

අන්තිමේදී මේවායින් බැටකන්නේ අහිංසක දරුවන් (නි)

:       0       0

හසන්ත Thursday, 05 June 2014 04:36 AM

ලුම්බිණි, මේ කාන්තාව තරුණ දැරිවියක් සමඟ තනිවූ මවක්. ඇගේ අනියම් සම්බන්ධකමේ ප්‍රතිඵල තමා මේ. මේක අපේ කාන්තාවන්ට හොඳ පාඩමක්. ලුම්බිනිට මේකේ වරදක් නැති වුණාට පොදු සමාජයේ නම් අම්මා කෙනෙකුගේ මෙවන් චර්යා සහ අසම්මත සම්බන්ධකම් වැරැද්දක්. (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 05 June 2014 05:10 AM

මේ වගේ මිනිසුන්ව සිද්ධිය සිදු වූ ස්ථානය පෙන්වන්න එක්ක ගියොත් නරකද? (නි)

:       0       0

ටියුඩර් Wednesday, 04 June 2014 04:48 PM

අනේ ඇත්ත‍ට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ගයානි Wednesday, 04 June 2014 04:49 PM

විවාහක කාන්තාවන් කීදෙනෙක් මේ ලෝකයේ ඉන්නවාද දරුවන් නැතුව ලතවෙන? මෙහෙම අයට අම්මා කියා ඇමතීමත් මදිකමක් ලෙසයි මම නම් දකින්නේ. (නි)

:       0       0

භානුක Thursday, 05 June 2014 07:17 AM

දුවලා ඉන්න කාන්තාවෝ අම්මලා වෙනවා වෙනුවට අක්කලා වෙන්න ගියාම ඇති වන ප්‍රතිපල තමා. (නදී)

:       0       0

ජයනී Thursday, 05 June 2014 07:22 AM

සමහර අම්මලාට තමන්ට දුවලා ඉන්නවා කියලා මතක් වෙන්නේ අශ්වයා ඉස්තාලෙන් පැන ගියාට පස්සේ. (නදී)

:       0       0

කාන්ති Thursday, 05 June 2014 07:26 AM

මේ මුදලාලිට නෙවෙයි නොහොබිනා වැඩ කර දරුවාත් අමාරුවේ දැමු අම්මාවයි හිරේ යවන්න ඕනා. සල්ලි වලට වහ වැටුනාම තමන් බිරිඳක් මවක් කියලා අමතක වෙනවා. කවුද දන්නේ දුවවත් ඕන කමින්ම මේ අපරාධයට පත් කලාද කියලා. එහෙම පුවතක් දැන් කලකට පෙර වාර්තා වුනා නේ. (නදී)

:       0       0

ග්‍රාම්‍යා Thursday, 05 June 2014 07:40 AM

ලබන පාර පළාත් සභාවට නාම යෝජනා බාර දුන්නම ඔක්කොම හරි. (නදී)

:       0       0

කමල් Thursday, 05 June 2014 08:08 AM

ජනතාවට වෙලාව දක්වන්නෝ කියන පරණ වෙළඳ දැන්වීම මතකද ? දකුණු පළාත කියන්නේ දැන් ජනතාවට මුලාව පෙන්වන්නෝ. (නදී)

:       0       0

කමල් Thursday, 05 June 2014 08:10 AM

හැමදාම මෙවැනි පුවත් දැක්කා. නීතිය බලගන්වයි කියලා හිතුවා. දඩුවම් වැඩිවෙයි කියලා හිතුවා‍. ඒත් තවමත් විසදුමක් නැහැ. මේවට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ කව්රුන්ද? (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 04 June 2014 05:16 PM

තමාට සරණක් කියා පවත්වන අනියම් සබඳකම් වලින් පලක් වූ කෙනෙක් ගැන කවදාවත් අහලා නැහැ.ඒකෙන් වෙන්නේ ඉන්න දරු පැටවු තව තවත් අසරණ වීම විතරයි.දෙපාරක් සිතන්න ඕනෑ ගැහැණු දරුවන් ඉන්න අම්මලා මේ ගැන. (නි)

:       0       0

ගිහාන් Wednesday, 04 June 2014 05:34 PM

අපේ මහගෙදර වත්තේ මීටර් දහයක් විතර දුරින් එකිනෙකට පැලවෙච්ච මීටර් පහළොවක් තරම් සමාන උසක් ඇති පුවක් ගස් දෙකක් තියෙනවා. ඒක දකින හැම වෙලාවේම මට මතක් වෙන්නේ සිංහල රජකාලේ දුන්නු දඬුවමක්. මේ පුවතට සම්බන්ධ දෙන්න මට දෙනව නම් "ඕන දෙයක් කරන්න කියලා" මටත් පැය දෙක තුනකට ගහලයෙක් වෙන්න පුළුවන්. එක මම කරන්නේ කැමැත්තෙන්. (ස)

:       0       0

රෝයි Thursday, 05 June 2014 09:19 AM

මෙවෙනි දෙයට හැමෝම දන්නවා ලංකාවේ දඩුවම් දෙන්න කල් යනවා කියා. නඩුව අවසන් වෙනකොට වැරදිකරු ජීවතුන් අතර නැහැ. එහෙම නැත්නම් සුළු දඩයකට යටත් වෙනවා. ලංකාව ආසන්නයේ රටවල් හැර අනිත් දියුණු රටවල් ආදර්ශයට ගන්නවා නම් මෙවැනි වැරදි අඩුකරගන්න පුළුවන්. (නදී)

:       0       0

විකි Thursday, 05 June 2014 09:23 AM

අර අතීත කතාවක් තියෙනවනේ ඉදිරියට මීට වැඩිය දරුණු වෙනවා කියා. පරිහානියේ ලක්ෂණ තමා සමාජයෙන්ම මේ වගේ මිනිසුන්ට දඩුවම් නොදෙන එකයි ප්‍රශ්නය (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 04 June 2014 05:57 PM

මොන නීති රීති දැම්මත් වැඩේ මොකක්ද මෙහෙම තිරිසන් වැඩ වෙනවා නම් හැමදාමත් රටේ. (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 04 June 2014 06:13 PM

පොඩි හෝඩුවාවක් දෙන්න බැරිද තිස්ස මුදලාලි කව්ද කියලා (නදී)

:       0       0

උදුල් විතාන Thursday, 05 June 2014 10:24 AM

තිස්ස පොලිසිය කලින් සෙල්ලම් පිස්තෝලය ගෙනාව කෙනාට කලා වගේ මෙදා කියයිද දන්නේ නැහැ මේකත් සෙල්ලම් බෝනික්කෙක් කියලා (නදී)

:       0       0

ඩිලාන් Thursday, 05 June 2014 10:36 AM

මේ අයට දෙන්න ඕනේ රජකාලේ දඩුවම් (නදී)

:       0       0

අරෝෂ් Wednesday, 04 June 2014 06:31 PM

පවු අහිංසක දරුවන්! (නි)

:       0       0

සමන්ත Wednesday, 04 June 2014 01:29 PM

තිස්ස පොලීසිය මේ වෙලාවේ හරියට වැඩ නොකලෝතින් අහිංසක දැරියට කාගේ පිහිටද ? (නදී)

:       0       0

සුරේෂ් Wednesday, 04 June 2014 08:09 PM

මේ දෙන්නවම ආයුද පෙන්නන්න එක්ක යනවා නම් තව කී දෙනෙක් හැදෙයිද? (නදී)

:       0       0

සඳරුවන් Wednesday, 04 June 2014 01:43 PM

අම්මලාගේ තාත්තලාගේ වැරදි වලට ළමයින්ටත් වන්දි ගෙවන්න වෙනවා. ඒක හැමෝම මතක තියාගෙන වැඩ කරන්න. (නදී)

:       0       0

පහන්දී Thursday, 05 June 2014 12:21 PM

ලුම්බිණි, තනිවූ ගැහැණුන් අසම්මත දේ කරන එක සම්පුර්ණයෙන් වැරදියි. හැබැයි කසාද බිරිඳ ගෙදර සිටියදී අසම්මත දේ කරන පිරිමින් සියයට සියක් නිවැරදියි. අනේ මෙහෙමත් රටක්.....? (නි)

:       0       0

රූපවතී Wednesday, 04 June 2014 01:58 PM

මේ මිනිසුන් කිසිම බයක් සැකක් නැතිව ලැජ්ජාවක් නැතිව මෙවැනි වැඩ කරලා ඇඳුනුත් ඇඳන් පාරේ යනවනේ. හැමතැනම දරු පැටව් දුෂණය කරනවා. වග කිව යුත්තන්ට මේවා ගැන පෙනෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

සනත් Wednesday, 04 June 2014 08:30 PM

ලුම්බිණි මොනවා කිවුවත් මේකෙ මූලික වරද කළේ අනියම් බිරිඳ යැයි හඳුන්වා දෙන ගැහැණියයි.මේ වගේ කෙනෙක් ගැන මුලින්ම හිතද්දී, ඇයට හිතන්න තිබුනා තමන්ට දුවක් ඉන්නවා නේද කියලා. (නි)

:       0       0

අචි Wednesday, 04 June 2014 02:08 PM

අම්ම කරපු දේටද දුව වන්දි ගෙව්වේ. මොකද ගැහැනුන් මේ තරම් අනියම් බිරියන් වෙන්නේ. හිතන්න තමන්ගේ ආත්ම ගරුත්වය ගැන. කාමය ගැනම හිතන්න එපා. ඇතිවෙන්නේ පාඩුවක් සහා වසාගත නොහැකි ලැජ්ජාවකුත් පසුතැවීමකුත් පමණයි.(නදී)

:       0       0

නුවන් Wednesday, 04 June 2014 02:16 PM

අචි, ගොඩක් වෙලාවට කාමයට වඩා අසරණකම නිසා මේ වගේ දේවල් වලට පැටලෙනවා. (නදී)

:       0       0

මෙලනි Thursday, 05 June 2014 12:52 PM

දුෂනයකදී , බලහත්කාරකමකදී පිරිමියාට ඇඟිල්ල දික් කලාට කමක් නැහැ. ඒත්, අසම්මත සම්බන්ධකම් පවත්තවා, තමන්ගේ දරු පවුල විනාශ වුනාම පිරිමියාට වරද පටවලා වැඩක් නැහැ. සමහර කාන්තාවන්ට සල්ලි දැක්කාම උන් හිටි තැන් අමතක වෙනවා. මෙන්න ප්‍රතිපල. ! (නදී)

:       0       0

උදිත මදුමල් පෙරේරා Wednesday, 04 June 2014 02:22 PM

කනාටු කරලා කිව්වොත් තවත් අගෙයි (නදී)

:       0       0

ලසන්ති Thursday, 05 June 2014 01:02 PM

පේන හැටියට බවලතෙක් වෙලා දකුණු පළාතේ ඉපදෙනවාට වැඩිය ඇෆ්ගනිස්තානයේ බවලතෙක් වෙලා ඉපදෙන එක හොඳයි වගේ. ඉපදුනදා ඉඳලාම කොයි වෙලාවේ අතවරයක් ද දන්නේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 590 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 208 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 588 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 437 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2504 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2395 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37073 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 605 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site