IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තිස් තුන් ලක්ෂයක රන් රාජසන්තකයි

රුපියල් තිස් තුන් ලක්ෂ අසූ දහසක් වටිනා නිම නොකල රත්තරන් වළලූ දහයක් සහ මාල තුනක්  පැලඳ ඉන්දියාවේ චෙන්නායි නුවර  බලා යාමට  උත්සහ කළ  මවක ,  දියණියක සහ තවත් කාන්තාවක   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය. 

මොවුහු කොළඹ කළුබෝවිල  ප්‍රදේශයේ පදිංචිකාරියෝ වෙති.  දියණියගේ වයස අවුරුදු පහලොවකි. 

අත් අඩංගුවට ගනු ලැබු රන් ආබරණ වල බර ග‍්‍රෑම් හයසිය හැත්තෑ හයක් බව රේගුව කියයි.

රේගු නිලධාරීන් විසින් ප‍්‍රශ්න කිරීමේදී මොවුන් පවසා ඇත්තේ තමන් චෙන්නායි බලා යාමට ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර  මිලදී ගැනීම සඳහා කොලඹ පිහිටි  ගුවන් ටිකට් පත් අළෙවි කරන ආයතනයකට ගිය බවත් එහිදි ටිකට් ඒජන්තවරයා විසින් මම වළලූ සහ මාල ඉන්දියාවට ගෙන යාමට ලබා දුන් බවයි.

මේ පිළිබඳ රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින්  එම රන් ආභරණ  රාජසන්තක කර එක්  අයෙකුට රුපියල් දස දහස බැගින්  වැඩිහිටි කාන්තාවන් දෙදෙනාට රුපියල් විසිදහසක දඩ නියම කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඊ.ඒ පේ‍්‍රමරත්න, සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ඒ.ඒ ශාන්ත, එච්.ආර්.ජී කරුණාතිලක, එල්.පී.එම්.පී කුමාර, කේ.ජී.ජී චමීර, ඩබ්ලිව්.එම්.එන්.ආර් විජේතුංග, එන්.එම්.එස්.ඒ ප‍්‍රියදර්ශන, ඩබ්ලිව් පේ‍්‍රමජයන්ත, එන්.එම් ජයසුන්දර යන නිලධාරීහු සිදු කළහ. 

 



අදහස් (0)

තිස් තුන් ලක්ෂයක රන් රාජසන්තකයි

සත්‍යයා Thursday, 28 November 2013 01:25 PM

නාවින්නේ උපාලි ගුණසේකර සොහොයුරාට අපගේ සුභ පැතුම්!(නදී)

:       0       0

මැණිකා Wednesday, 27 November 2013 10:29 PM

අනේ නොදන්නාකමටයි අහන්නේ ,රට යනකොට රන් මාලයක් දාගෙන යන්න බැරිද? (නි)

:       0       0

උපාලි ගුණසේකර Thursday, 28 November 2013 02:19 AM

නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්ටැන්ලි සොහොයුරා ඇතුළු රේගුවේ පැරණි මිතුරන්ට නැවතත් සුබ පතන්න අවස්ථාවක් ලැබීම ගැන හරි සතුටුයි. රටේ සම්පත් රැකදීමට ඔබ කරන සේවය තව තවත් ජනතාවගේ පැසසුමට ලක්වේවා! මේ තොරතුරු විදේශවල ඉන්න අපට දැනගැනීමට සලස්වන ලංකාදීපයටත් ස්තුතියි. (නි)

:       0       0

යු. එස්. ඒ Wednesday, 27 November 2013 05:26 PM

මෙම රන් ආභරණ ලංකාවෙන් පිට කිරීම දිනපතාම සිදුවන දෙයක්. දිනපතාම වාගේ අසුවනවා වාගේම දිනපතා කෙරෙන්නේත් අධි පරිමාණයේ වෙළඳ ව්‍යාපාරයන් ලෙසින්. අසු නොවන ප්‍රමාණය කොපමණද දන්නේ නැහැ (නි)

:       0       0

මාලා Thursday, 28 November 2013 10:47 AM

පිටරට සංචාරයට යන අයට රත්තරන් අබරණ පළදින්න තහංචිද? කවුරු හරි දන්නවා නම් කියන්නකෝ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 64 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 156 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 502 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1075 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 802 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1497 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14561 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site