පැලෑටි ආරක්ෂන පනතට පටහැනිව බැංකොක් සිට මෙරටට ආනයනය කරන ලද ඇන්තූරියම් පඳුරු 158 ක් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මල් ආනයනය කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.
රේගු ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසුවේ පැලෑටි ආරක්ෂන පනතින් ඇන්තූරියම් මෙරටට ආනයනය කිරීම තහනම් බවට නම් කර ඇති පැලෑටියක් බවයි.
මේ අයුරින් හොර රහසේ ඇන්තූරියම් මෙරටට ආනයනය කිරීම නිසා මේ වන විට මෙරට ඇන්තුරියම් වගාවට මෙන්ම සෙසු වගාවන්ටද විවිධ රෝග වැළඳී ඇති බවත් ඔහු කීවේය.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 423 දරණ ගුවන්යානයෙන් බැංකොක් නුවර සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කර ඇත. එහිදී ගමන් මලූ දෙකක් තුළ බහා රැගෙන විත් තිබු මෙම අැන්තූරියම් පඳුරු තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.එම්.ඒ සිල්වා මහතා විසින් සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කොට එම ඇන්තූරියම් තොගය රාජසන්තක කර පේරාදෙණිය උද්භිද උද්‍යානයට බාර කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යන්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ සහ රේගු ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.එම්.ඒ සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධීකාරීවරුන් වන සමන් බාලසුරිය, ජේ.කේ ආරියදාස සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, එස්. පෙරේරා සහ එස්. කුමාර යන නිලධාරීහු සිදු කරති.
හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග
ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තහනම් ඇන්තූරියම් පේරාදෙණියට
සත්‍යපාල Tuesday, 09 September 2014 09:08 AM
ලංකාවේ පැළෑටි ආරක්ෂා කරගන්න නම් විදේශීය පැළෑටි රට තුලට රැගෙන එ්ම සිමා කල යුතුයි. එවැනි නීති විරෝදී ලෙස ගෙන එන පැළෑටි අනිත් භාණ්ඩ වගේම රාජසන්තක කලයුතුයි. ඒවා ආපසු භාර දුන්නොත් ඒ අය මේ ජාවාරම දිගටම කරගෙන යයි. (නදී)
ගයාන් Tuesday, 09 September 2014 05:25 PM
ඉස්සර අපේ රජවරු මොනවා නැති වුනත් පිටරටින් තමන්ගේ අන්තංපුරයට ගැහැණු ගෙනාව.(ස)
සදුනි Tuesday, 09 September 2014 09:36 AM
ගාමිණී හරි ලෙඩ නැත්නම් පැලටික දෙන්න. ඒ ළමයා වසර කීපයකින් කෝටි ගණනක විදේශ විනිමය හොයා දේවි. දක්ෂ තරුණ ව්‍යාපාරිකයෝ ගොඩනගා ගැනීම අසීරු යුගයක ඔහු සැබෑ ලක් පුතෙක්. (නදී)
අසෝකා Tuesday, 09 September 2014 10:47 AM
අපේ තේ වගාවත් මෙහෙම සරුසාර උනාට එ්කත් ලංකාවට හොරෙන් ගෙනත් පල කරපු දෙයක් නේද? ගාමිණී කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ (නදී)
ධනුක Tuesday, 09 September 2014 12:17 PM
ඒ විදිහට ගේන්නත් එපා නම් අවශ්‍ය ප්‍රමාණයට පැල බෝ කරගැනීමේ ක්‍රම ලංකාවේ තිබෙන්න ඕනෑ. (නි)
ලුම්බිණි Tuesday, 09 September 2014 05:32 AM
විවිධ රෝග මේවයෙන් එනවා නම් මේවා විනාශ කල යුතු නේද? මොකටද පේරාදෙණිය උද්භිද උද්‍යානයට දෙන්නේ. (නදී)
නාලක Tuesday, 09 September 2014 05:31 AM
අපේ සාරවත් පොලවේ මල් ගහක් වවන්නේ නැතුව පිටරටින් හැම දේම ගේනන ලජ්ජා නැති කම. . කිරිපිටි පාන්පිටි ඇපල් මුද්දරප්පලම් දොඩම් ඔය මදිවට අැන්තුරියම් මල් ඔර්ච්කිඩ් මල් ආදී මෙකී නොකී හැම එකම පිටරටින් ආනයන කරන දීන ජාතියක් අපි. අතීතයේ අපේ හිටපු රජ දරුවන්ටත් ලජ්ජා කරන නිවට ජාතියක් අපි. (නදී)
ගාමිණී - සිරිවර්දන Tuesday, 09 September 2014 06:05 AM
තිස් හැවිරිදි ව්‍යාපාරිකයෙක් දේශීය මල් අපනයනකොට විදේශ විනිමයක් ලබාදෙන කොට,පේරාදෙණියෙන් පරීක්ෂණයක් කර බෝවෙන රෝග නැත්නම් ඔහුට දඩ ගැසීම නොවේ යුතුකම මල් පැල ටික ආපසු දීමයි. එන්.ජී.ඕ විසින් ලංකාවේ සිටවන ලද හෙරොයින් ගස්වල දැන් මලුත් පිපෙනවාලු. ඉතින් මේ ගස් පේරාදෙණිය අනුමත කරලාද ? (නදී)
ලාල් Tuesday, 09 September 2014 08:15 AM
මල් පැල ටිකක් ගේන්න බැහැ, කුඩු නම් ටොන් ගණන් ගේන්න පුළුවන්. අනේ අනිච්චන් මෙහෙව් රටක්. (නදී)