කොටි සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසට 2006 දී යුරෝපා සංගමය විසින් පැනැවුණූ තහනම් ඉවත් කර ගැනීමට සිදුවුයේ එම තීරණය ගත් අවස්තාවේදී කරුණු සලකා බැලීමට උසාවියට ඉදිරිපත්කළ සාක්කි වල විශ්වසනීයත්වය අවශ්‍ය අන්දමට නොතිබීම නිසා යැයි ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි.
තහනම පැනවීමේදී සාක්කි වශයෙන් සලකා බලා ඇත්තේ කොටි සංවිධානයේ ඉතිහාසය සහ ක්‍රියාකාරකම් පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා සහ වීඩියෝ පමණකි. එවැනි කරුණු මෙම තහනම ඇතිකිරීම සඳහා වැදගත් සාක්කි ලෙස සැලකීම නුසුදුසු බවට යුරෝපා සංගමයේ උසාවිය තීරණය කිරීම" තහනම ඉවත්කිරීමට හේතුවී ඇති බවද එම වාර්තා කියයි.
කොටි සංවිධානයට අයත් වත්කම් සඳහා පනවා ඇති තහනම එලෙසම පවත්වාගෙන යාමට එම උසාවි අණකර ඇත.
මෙම උසාවි නියෝගය කිසිසේත්ම දේශපාලන හේතුවක් හෝ බලපෑමක් මත සිදු නොවුවක් බවත් හුදෙක් සම්බාදක පැනවීම තීරණය කළ කාලයේ ඉදිරිපත්වූ සාක්කිවල දුර්වලකම් නිසා සිදුකළ වෙනසක් බවත් එම මාධ්‍ය වාර්තා අවධාරණය කරයි.
කිසියම් විධියකින් එම අවස්තාවේදී එල්ටීටීඊ සංවිධානය පිළිබඳව තොරතුරු අදාළ රටවල් වෙත ගොස් අපක්ෂපාතීව සහ සවිස්තරාත්මකව කරුණු විමසා බලා සාක්කි වාර්තාවක් ලෙසට උසාවියට ඉදිරිපත් කෙරුනානම් මෙම තහනම පැනවීම පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් පැන නොනැඟීමට ඉඩ ප්‍රස්තා තිබුණු බව ද එම වාර්තාව කියයි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තහනම ඉවත් කළේ නීතියේ හිලක් නිසයි
අතලගේ Friday, 24 October 2014 11:15 AM
එහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි. (නදී)
උපාලි Friday, 24 October 2014 01:29 PM
දැන් එයාලට තරු පෙනෙන කාලය ඇවිත් තියෙන්නේ.ලගදීම ග්‍රහ ලෝකත් පෙනේවී. (ස)
ඩයන් Saturday, 25 October 2014 03:26 AM
ඉතින් ඕක කරේ රනිල් කියලා සිළුමිණ පාරම් බෑවේ බොරුවටද ? පව් ඒ මනුස්සයව බොරුවට කොටියෙක් කලේ? (නදී)
රත්නායක ආරච්චිගේ Saturday, 25 October 2014 03:53 AM
කෝ මහගෙදර රෙදි හෝදන විමල්ලා?ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන දැන් කතා නැහැ?සචින්වාස්ල,මර්වින්ලා, දුමින්දලා,,වගේ අය විදේශ අමාත්‍යංශයේ උපදේශක වරු විදියට දැන් වත් පත් කලොත් ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් වේවි?(අ)
සේන Friday, 24 October 2014 08:31 AM
ඉතින් ඔය තහනම ඉවත් කරනවාට විරුද්දව අපේ ආණ්ඩුවෙන් මොනවාම හරි දෙයක් කලාද? (නදී)
සමීර Friday, 24 October 2014 09:36 AM
ආයේ තහනම දමන්න ලංකාවට ඇවිත් සාක්කි ගන්න ඕන කියයිද දන්නෙනෑ? (ර)
ඉසුරන්දි Saturday, 25 October 2014 05:28 AM
ත්‍රස්තවාදය හුරතල් කරන යුරෝපා ඇතුළු සියළුවම රටවලට කවදාහරි වැළපෙන්න වේවි ඒ රටවලුත් ත්‍රස්තවාදයෙන් බැට කද්දී. (අ)
ලලිත්ගුනදාස Friday, 24 October 2014 10:14 AM
නැවත නඩු දමමු තහනම පැනවීම පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් නම් සවිස්තරාත්මකව කරුණු විමසා බලා සාක්කි වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරමු (නදී)
සෑම් Friday, 24 October 2014 10:30 AM
ලංකා රජය කරුණා අම්මාන්ට,පිල්ලෙයාන්ට , කේ පී ට සලකන විදිය පෙන්නුවා නම් වෙනත් සාක්කි මොකටද ? (නදී)