IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තහනම් ගහේ ගෙඩි කෑ ලක් කත ගල් ගසා මරන්න යයි

අනියම් සබඳතා පැවැත්වූයේ යැයි  වැරදකාරිය වූ ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක්  නියෝග කර ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඇය මරදානේ පදිංචිව සිටි කාන්තාවක බව එම ආරංචි සඳහන් කරයි. එරට පවතින ෂරියා නීතිය යටතේ දඬුවම් පමුණුවා තිබේ.

සෞදියේ සේවය කරන තවත් ශ‍්‍රී ලාංකිකයකු සමඟ ඇය අනියම් ඇසුර පවත්වා ඇති බවත්, එම තරුණයාට ද සෞදි අධිකරණය විසින් කස පහර 100 ක් නියම කර ඇති බවත් කියති.

තමන්ට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් අදාළ කාන්තාව අධිකරණයේ දී වරද පිළිගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ඇයට පනවා ඇති දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ගොනු කිරීමට හැකි ඉක්මණින් පියවර ගන්නා ලෙසට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සෞදියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ වන විටත් උපදෙස් දී ඇත.

 



අදහස් (0)

තහනම් ගහේ ගෙඩි කෑ ලක් කත ගල් ගසා මරන්න යයි

රෝහණ Thursday, 19 November 2015 05:43 AM

සින්දු, හසිත, නිහාල්, කිත්සිරි, උපාලි, දිසානායක, ඔය හැමෝම හරි. නමුත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? (නි)

:       0       0

උපාලි Wednesday, 18 November 2015 12:44 PM

ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී එතුමා අසළට පැමිණ ජීවිත දානය අයැදි ස්ත්‍රියක් වෙනුවෙන්, ඇය පිටුපසින් ගල් අරගෙන හඹා ආ මිනිසුන් පිරිසකට දුන් වටිනා අවවාදයක් තමයි සින්දු ඔය මතක් කරදුන්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 18 November 2015 01:06 PM

ගල් ගහනවට වඩා මානුෂික විදියකට දඬුවම් දෙන්න. (ර)

:       0       0

රවී Wednesday, 18 November 2015 01:24 PM

මේ කාන්තාව බේරා ගන්න මුළු රටම පෙළ ගැසෙමු. (ර)

:       0       0

සිසිර Wednesday, 18 November 2015 01:29 PM

මෙම කාන්තාවට පිහිටට අපිත් එක් වෙමු. (ර)

:       0       0

ඈෂ්ලි Thursday, 19 November 2015 10:14 AM

සෞදි යවන එක වහාම නවත්වන්න ,ඉන්න අය ගෙන්වාගන්න ජනාධිපති තුමනි (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 01:53 PM

මේක පුදුම නිතියක්නේ. මේ අර අදින්නේ මිනිස් ජිවිතයක් අමු අමුවේ බිලිගන්න නේද? (ර)

:       0       0

සිරිල් Wednesday, 18 November 2015 01:55 PM

මානුෂික දඬුවමක් දෙන්න. (ර)

:       0       0

මුතු-කටුනායක Thursday, 19 November 2015 01:36 AM

ඔය රටේ නීති ගැන ඇහුවහමත් කළකිරෙනවා. ඔය වගේ දේවල් ඕනෑතරම් ඔය රටේ වෙනවා. එයාලට ඔය දඬුවම් නැහැ පිට අයට විතරයි. අපේ රටේ කාන්තාවන් කී දෙනෙක් ඔය රටේදි ඝාතනය වුණාද? (නි)

:       0       0

දිසානායක Thursday, 19 November 2015 01:44 AM

ඔය කියන රටේ ගණිකා සේවය ඉහළින් තිබෙන බව නොයෙක් මාධ්‍ය ආයතන හෙළිදරව් කර තිබෙනවා. කෝ ඒ අයට ගල්? (නි)

:       0       0

හේමන්ත Thursday, 19 November 2015 10:31 AM

ඈයි කරන්න දෙයක් නැත්තේ, වහාම ගැහැණු සේවයට යවන එක නතර කරන්න පුළුවන්. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 19 November 2015 06:47 AM

රටට විදේශ විනිමය කෙසේ වෙතත් මේ අකාලේ විනාශවෙන ජිවිත බේරාගන්න වැඩ පිළිවෙළක් යොදන්න. විශේෂයෙන් සවුදි කුවේට් වගේ යන ගෘහ සේවිකාවන් වෙනුවෙන්.(ම)

:       0       0

ලක්විදු Thursday, 19 November 2015 02:12 AM

මෙතන ප්‍රධාන වරද, ඔය වගේ රටවල් වලට අපේ මිනිස්සු වහල් සේවයට යවන එක. ඔය ලැබෙන තුට්ටු දෙකට වඩා, අපේ අහිංසක දරු පවුල කී දාහක් විනාස උනාද?(රේ)

:       0       0

සින්දු Wednesday, 18 November 2015 09:59 AM

ඔබ අතරින් කිසිදු වරදක් නොකළ අයෙක් වෙතොත් ඇයට පළමු ගල් පහර ගසන්න (ම)

:       0       0

ගොඩ්ර්ෆ් Thursday, 19 November 2015 11:24 AM

වැරැදී කිරීම ,වැරැදී වීම . මනුෂ ගතියක් වුණත් එයට සමාව දීම දේව ගතියක් බව අසා ඇත්තෙමි. මැය කර ඇති වරදට සමාව දිම දේව ගතිය යටතේ දිය හැකි යයි සිතමි. (ම)

:       0       0

හසිත Wednesday, 18 November 2015 10:07 AM

ගල් ගහල මරනවා නම් ඒ් රටවල ගැහැණු බාගයක් ම ඉන්නවා (ම)

:       0       0

ගැමා Wednesday, 18 November 2015 10:55 AM

සින්දු හරි. (ර)

:       0       0

නිහාල් Wednesday, 18 November 2015 11:04 AM

කාන්තා අයිතිය, මානව හිමිකම් අයිතිය ගැන කතාකරන සංවිධාන කොපමණ සංඛ්‍යාවක් තිබෙනවද? ඒවාට මොනවා වෙලාද? (නි)

:       0       0

ගිහාන් Wednesday, 18 November 2015 11:08 AM

ඇයි කාන්තාවට සහ පුරුෂයාට යන දෙදෙනාටම සමාන ද‍ඬුවම් නැත්තේ? (නි)

:       0       0

නිලන්ත Wednesday, 18 November 2015 11:09 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

චතුර Wednesday, 18 November 2015 05:18 PM

ලංකාවේ කෙනෙක්ව මරන්න නියම කරන්න එයාලට තියන අයිතිය මොකක්ද? ෂරිය නිතිය එරට අයට විතරයි. (රේ)

:       0       0

කිත්සිරි Wednesday, 18 November 2015 11:14 AM

ගොඩක් ලාංකික අය ඔය රටවල උසාවි වලදී වරද පිළිගන්නේ භාෂාව, නීති පිළිබඳ නිසි අවබෝධයක් නැතුවයි. තමන් 'නිවැරදිකාරිය' කියනවා කියලා හිතාගෙන වරද පිළිගත්තාද දන්නෙත් නැහැ. (නි)

:       0       0

ජයලත් Wednesday, 18 November 2015 11:23 AM

ලංකාවට එවන්න කියන්න. (ර)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 18 November 2015 11:26 AM

මෙම ස්ත්‍රියව බේරා ගන්න. (ර)

:       0       0

චන්දි Thursday, 19 November 2015 08:27 AM

සින්දු සමග මමත් සියයට සියයක් එකගයි., දුප්පත් අපිට විතරයි ඔය නීති. රස්නේ කාලෙට සවුදි ගැහැණු මම ඉන්න රටට එනවා. ඇවිත් මෙහෙ ඉන්නේ ඇමරිකන් තාලෙට. රෝහණ කියන්න වගේ අපිට කරන්න දෙයක් තියෙනවද..? (ස)

:       0       0

මහේෂ් Wednesday, 18 November 2015 11:44 AM

මේක නම් මහා ම්ලේච්ඡ වැඩක්…. ගෑහැණියෙකුට මැරෙන තෙක් ගල් ගසන එක මනුස්සයින්ට ගැලපෙන්නෙ නැහැ. (ර)

:       0       0

දිනේෂ් Wednesday, 18 November 2015 12:02 PM

වෙනත් රටක පුද්ගලයකු තවත් රටක වරදක් කල විට එම වරද එම රටේ මහා ජනයාට හෝ ආයතනයකට හානියක් නැති එකක් නම් එම වරද කල පුද්ගලයාගේ රටට ඔහුව පිටමන් කල යුතුයි. මෙලෙස තමන්ට ඕන විදියට ගල් ගසා මැරීමට තීරණය ගැනීම ඉතා අමනුෂ්‍ය ක්‍රියාවක්. මෙය නැවත් වීමට අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හැකි ඉකමනින් පියවර ගත යුතයි. (ර)

:       0       0

සිසිර Wednesday, 18 November 2015 12:06 PM

මේ කාන්තාවට අපි පිහිට වෙමු. (ර)

:       0       0

බුධ්ධිකා Wednesday, 18 November 2015 12:06 PM

අනේ අසරණ කාන්තාව, පිට රට වල ගියාම ඔහොමන වෙනවා. අපිට යමක් කරන්න පුළුවන් නම්, අපිත් අසරණවෙලා, අපේ රජය මෙවැනි වෙලාවට කඩිසරව වැඩ කරන්න වෙනවා. (ර)

:       0       0

චේතන Wednesday, 18 November 2015 12:13 PM

මෙච්චර දරුණු දඬුවමක් දෙන්න තරම් ඇය කළ වරද හේතුවක්ද? (නි)

:       0       0

සංජය Wednesday, 18 November 2015 12:20 PM

ඇයි කාන්තාවට පමණක් මරන දඬුවම? (නි)

:       0       0

දර්ශි Thursday, 19 November 2015 02:23 PM

කවුරු කොහොම කිව්වත් අපි දෙවියන්ගෙන් ඉල්ලමු එයාට නිදහස ලැබේවා කියලා. ඒත් අපේ රජයට පුළුවන් නැවත කිසිම ගෘහ සේවිකාවක් සෞදියට යාම වළක්වන්න. (නි)

:       0       0

නාමල් Wednesday, 18 November 2015 12:30 PM

සින්දු කියනදේට මමත් එකඟයි (නි)

:       0       0

සොපි Thursday, 19 November 2015 09:08 AM

සින්දු, ඔය වගන්තිය ක්‍රිස්තුස්වහන්සේ කල ප්‍රකාශයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1583 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2045 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2535 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5743 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1806 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6413 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18327 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site