IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තහනම් දැල කල්පිටිය ගිනියම් කරයි : හයක් රෝහලේ

තහනම් දැලට එරෙහිව කල්පිටි ධීවරයින් පවත්වන උද්ඝෝෂණෙයේ ගැටුම් ඇති වීමත් සමග පිරිස් පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවිණි

මහ පාර අවහිර කරමින් දැඩි වාහන තදබදයක් ඇති කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

බෝට්ටු හතක්, යතුරු පැදි  තුනක් හා  ලොරියක්  ගිනි තබා  ඇතැයි පොලිසිය කියයි.

උද්ඝෝෂණය නතර කරන ලෙස පුත්තලම උසාවියෙන් නිකුත් කළ නියෝගයක් කල්පිටිය පොලිස් ස්ථානාධිපති උද්ඝෝෂකයින්ට බාර දුන්නේය.

රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ධීවර බෝට්ටුවකට ගිනි තබා ඇති අතර උද්ඝෝෂකයන්ගේ ප්‍රහාර වලින් පාරේ ගිය වාහන කිහිපයකට ද හානි සිදුවී ඇතැයි කියති.තුවාල ලැබු හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.

DSCN4919[1] DSCN4921[1] DSCN4936[1] DSCN4939[1] DSCN4916[1]

ජායාරූප - පත්මා කුමාරි කංකානම්ගේ

DSC05712_56 DSC05745_45 DSC05759

DSC05709 DSC05697

ජායරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ



අදහස් (0)

තහනම් දැල කල්පිටිය ගිනියම් කරයි : හයක් රෝහලේ

රෙන්සි Friday, 21 October 2016 12:46 PM

කාන්තාවගේ හැසිරිම මීට වැඩි හොදවිදියක් නැද්ද (අ)

:       0       0

සුරංග Saturday, 22 October 2016 09:24 AM

රන්ජිත් ඔයා වැරදි. අපේ රටේ ධීවරයන් තමයි තහනම් දැලුත් භාවිත කරලා මාළු පැටව් යි ලොකු මාළුයි ඔක්කොම අල්ලන්නේ. පිටරට මම දැකල තියනවා මාළුවා පොඩි නම් ආයේ මුහුදටම දානවා ලොකුවෙන්න. අපේ සමහර ධීවරයන් හිතනන්නෙත් ඔයා හිතන පටු විදිහටම තමයි. (අ)

:       0       0

ගයාන් Friday, 21 October 2016 03:18 PM

ලංකාවේ දැන් ආණ්ඩුවක් නැද්ද? (අ)

:       0       0

සංජිව Saturday, 22 October 2016 04:00 PM

ගැටුම් ඇතිවෙනවා කියන්නේ යහපාලන භාෂාවෙන් සංහිදියාව කියන එකටද? (ම)

:       0       0

උපාලි අමරසිංහ Saturday, 22 October 2016 08:05 PM

මාළු දැලේ වියමනෙහි සිදුරු වල ප්‍රමාණය අනුව ප්‍රමිතීන් සකස් කරලා තියෙනවා කුඩා පැටවුන්ට මාළු දැලෙන් බේරී යාම පිණිස !! ධීවර අමාත්‍යංශය විසින් අනුමත කරන ලද දැල් පමණක් ලංකාවේ පාවිච්චි කරනවා නම් මෙවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ. (බ)

:       0       0

චන්දන Friday, 21 October 2016 06:11 PM

දැන් තියෙන ආණ්ඩුව මිනිසුන්ගේ හිත බිඳින්න කැමැති නැහැනේ (නි)

:       0       0

ඇන්ජලෝ Sunday, 23 October 2016 12:39 AM

සුරංග හරි. මේ මුහුද පළාතකවත් නැති මිනිසුන් දමන අදහස් බැලුවහම තේරෙනවා අට පාස් කවුද කියලා. අනික මේ මිනිස්සු අර රටේ මහා උගත් සරසවි සිසුන් වගේ හැමදාම පාර අවහිර කරන්නේ නැහැ (නි)

:       0       0

රජිත් මංජුල Friday, 21 October 2016 06:16 PM

මේක මේ නූගත් මිනිසුන්ගේ අනුවණ ක්‍රියාවක්. ලෝකයේ අනෙකුත් රටවල් තමන්ට කැමති විදියට මාළු අල්ලනවා. කොහොම අැල්ලුවත් මුහුදේ මාළු නැතුව යන්නෙ නැහැ. බටහිර රටවල් අපේ මිනිසුන්ව කුලප්පු කරනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 21 October 2016 08:41 PM

යහපාලනය වුණාට රටේ නීතියක් නැද්ද? මොකද්ද මේ පාරවල් වහගෙන, සාමාන්‍ය ජනතාවට කරන අපහසුතාව? (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 23 October 2016 03:27 AM

ජනතාවට ප්‍රශ්න තියෙනවා ,ඒවා විසදීමට යහපාලන ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ , හැම දවසේම උද්ඝෝෂණ ,මහපාරේ වාහන තදබද ,මිනිස්සුන්ගේ වටිනා කාලය අයි මේ විදිහට විනාශ කරන්නේ.සීමිත පිරිසක් නිසා ගමන් බිමන් යන මගියෝ කීදෙනෙක් අපහසුතාවට පත් වෙනවද .(බ)

:       0       0

සන්ධ්‍යා Friday, 21 October 2016 10:32 PM

අනේ මන්දා රටේ හැමතැනම ගැටුම්!

:       0       0

ප්‍රබෝද Friday, 21 October 2016 11:45 PM

ලංකාවේ සාක්ෂරතාව ඉහළ අගයක් ගන්නවා කිව්වට කවදාවත් මම එක විශ්වාස කළේ නැහැ. මෙහෙම මිනිස්සු ඉන්නකන් පාර්ලිමේන්තුවට 8 පාස් නැති මිනිස්සු යන එක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 21 October 2016 08:28 AM

පහුගිය ටිකේ මල්වානේ වගේම මාතරත් තෝරු මෝරු දැල් ඉරාගෙන පැන්න එකේ තහනම් දැල් මොන කජ්ජක්ද?

:       0       0

ඇන්තනි Friday, 21 October 2016 10:10 AM

දැලක් තහනම් කරලා තියෙනවා නම් කරන්න ඕනෑ ඒවා පාවිච්චි කරන අයව අල්ලාගෙන දැල් ටික රාජසන්තක කරන එකයි (නි)

:       0       0

ප්‍රියාන් Friday, 21 October 2016 10:39 AM

ධීවරයෝ එයාලගෙම බෝට්ටු වලට එයාලම ගිනිතියාගෙන ඇති. මොකද දැන් තියෙන්නේ යහපාලනයනෙ... (නි)

:       0       0

ඇන්ටන් Friday, 21 October 2016 10:43 AM

ඔය පැත්තේ ඉන්න දේශපාලකයන්ට නින්දගිහින්ද? (නි)

:       0       0

වික්ටර් Friday, 21 October 2016 11:04 AM

මේ මිනිසුන් කරන්නේ ජිවන සටනක්. මේ අහිංසකයන් හමුවී ප්‍රශ්නය විසඳීම රජයේ යුතුකමක්. රජයේ අය එහි නොයන්නේ රතු පලස් නැති නිසාද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 399 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 640 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 959 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1585 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 533 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1017 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site