IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තහනම් මත් පෙති පන්දහසක් රේගුවේදී අල්ලයි

විලවුන් උපකරණ හා ඹෟෂධ පාලන අධිකාරියේ  සහ ආනයන පාලන පනතින්  අනුමැතියකින් තොරව  ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ  වේදනා නාශක කරල් පන්දහසක්  සමග ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද අළුයම  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු කුලියාපිටිය ප‍්‍රදේශයේ පදංචි තිස් පස් හැවිරිදි රෙදි පිළි ව්‍යාපාරිකයෙකි. 

අත් අඩංගුවට ගනු ලැබූ  වේදනා නාශක කරල්  වල වටිනාකම රුපියල් ලක්ෂයකි.  

 මෙම වේදනා නාශක කරල් මත් ද්‍රව්‍ය වෙනුවට ආදේශකයක් ලෙස මෙරට  මත්ලෝලීන් මෙන්ම නගරබද පාසැල් සිසුන්ද  භාවිතා කරන බව අනාවරණය  වී ඇති බැවින් මෙය පෞද්ගලික ඖෂධ හල් වල අලෙවි කිරීම තහනම් කර ඇති බවත් මෙය ලබා ගත හැක්කේ  වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත රජයේ ඔසු සැල් වලින් පමණක් බවත්  විලවුන් උපකරණ හා  ඖෂධ පාලන අධිකාරිය කියයි.

සැකකරු  ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී 001 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ  ඇත.  

එම අවස්ථාවේ  නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් මහතාට සැකකරු පිළිබඳ ඇති වූ සැකයක් මත ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී මෙම වේදනා නාශක කරල් තොගය සොයාගෙන ඇත.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් මෙම වේදනා නාශක කරල් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන්  නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් මහතා ඇතුළු රේගු නිලදාරීහු සිදුකරති.
   



අදහස් (0)

තහනම් මත් පෙති පන්දහසක් රේගුවේදී අල්ලයි

රොෂාන් ප්‍රනාන්දු Thursday, 12 September 2013 08:59 AM

ආණ්ඩුවේ ලොක්කෙක් තමයි යටින් ඉන්නේ ,බඩු ටික නියමෙට එලියට එයි (දී)

:       0       0

උපාලි Thursday, 12 September 2013 09:08 AM

රේගුව ඉස්සර හිටපු මන්දගාමී තත්වයෙන් මිදිලා රට වෙනුවෙන් කැපවී ඇති ආකාරය දකින්න හරි සතුටුයි. එක්ස්රේ යන්ත්‍ර ආදී අවශ්‍ය මෙවලම් රජයෙන් ලබා දී මේ නිලධාරීන්ගේ කටයුතු පහසුකර ඔවුන් ධෛර්යමත් කල යුතුයි. (ස)

:       0       0

චන්ද්‍ර Thursday, 12 September 2013 09:19 AM

දරුණු ත්‍රස්තවාදය නතර කරපු රට , හැමදාම මත්ද්‍රව්‍ය අල්ලනවා. ඒත් ටොන් ගණන් දැන් ගේනවා. එකක් දෙකක් ඇල්ලුවට මොනතරම් රට ඇතුලට ගේනවද ? මේවා දැන්ම නතර කරේ නැත්නම් අනාගතයේ මුලු ජාතියම විනශ වෙලායයි. යුද්ධ කරන්නවත් , මහණ වෙන්නවත් එකෙක්වත් ඉතුරු වෙන්නේ නැතිවෙයි. (ස)

:       0       0

විජේසිංහ Thursday, 12 September 2013 02:47 PM

ඉස්සර මත්ද්‍රව්‍ය වෙළඳාම කලේ අන්‍යාගමිකයන්. දැන් අපේ අය එයාලගේ ඒකාධිකාරිය නැත්තටම නැති කරලා. (ස)

:       0       0

ධම්ම Thursday, 12 September 2013 10:04 AM

උපාලිගේ අදහසට මාත් එකඟයි. ඔවුන්ට නවීන තාක්‍ෂණය ලබා දීම ඔවුන්ටත් මගීන්ටත් පහසුවක්ම වනු ඇත. (දී)

:       0       0

ප්‍රිය Thursday, 12 September 2013 10:05 AM

අනේ රේගු මහත්වරුන්ට ශක්තිය දෙන්න ඕනේ මේ වගේ රට වනසන උන්ව අල්ල ගන්න, රාජකාරියක් වගේම හරිම පින් අතේ වැඩක් මේක, මේ විදිහට ගියොත් අපේ දරුවන්ට ජීවත් වෙන්නශ්‍රී ලංකාවක් නැතිවේවි, දඩුවම් තද කරන්න, හිරේ දැම්මේ නැත්තේ මොකෝ, මෙදපෙරදිග නීති ගෙන්න ඕනේ (දී)

:       0       0

අසෝක Thursday, 12 September 2013 03:37 PM

අශේන් ගේ කතාව මමත් පිලිගන්න්නවා. ලොක්කෝ ටික බේරිලා පොඩ්ඩෝ අහුවෙනවා. මුදුන්මුල විනාශ කරන්නේ නැතිව ගහ එහෙන් මෙන් කප්පාදු කලාට මේවා නතර කරන්න බැහැ. අපිට අනාගත පරපුරක් ඉන්නවද කියල මේ මිනිසුන්ට හිතෙන්නේ නැද්ද? (දී)

:       0       0

ජයසූරිය Thursday, 12 September 2013 10:58 AM

මෙවැනි අපරදකරුවන් නීතියේ රැහැනට කොටුකරගැනීමට ශක්තිය ධෛර්ය රෙගු නිලදාරී මහත්තුරුන්ට ලැබේවා (දී)

:       0       0

අශේන් Thursday, 12 September 2013 01:13 PM

රට වලපල්ලට යවන අපරාධකරුවන් කිසිදා නීතයේ රැහැනට අසු වන්නේ නැත. අසු වන්නේ ඊට සම්භන්ද හාල්මස්සන් පමණි. ඒ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලනවා ඒ කවුරු උනත් ඒ මහා මොළ කරුට හෙන හතම වැඩි සුන්නද්දුලි වෙන්න කියලා (දී)

:       0       0

රත්නපාල Thursday, 12 September 2013 01:50 PM

ලංකාවේ වරදට දඩුවම් දෙන්නේ සාමාන්‍ය ජනයාට විතරයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 183 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 58 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1175 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 459 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1138 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 224 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30079 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23668 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site