IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘තෙළිඟු නමින් අමතන්න‘

රිලවු හා නයින් නටවමින් අත බලා සාත්තර කියන තෙළිගු ජනතාව සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුතාඩි ,අහිකුණ්ටික යන වචන වලින් තම වර්ගයා හදුන්වා නොදෙන ලෙසයි. තෙළිගු ජාතිය නමින් ආමන්ත්‍රණය කරන ලෙස ඔවුහු ඉල්ලති.

මෙම ජනතාව ජිවත්වන ලංකාවේ කලාවැව විජිතපුර කොමාරිකා ගල යායේ 300ක් පමණ ජනතාවක් ජිවත් වෙති. ඔවුන් සංවිධාන ගතවී රැහේ නායකයෙක් පත් කරගෙන ඔවුන්ට ආවේනික වූ සංස්කෘති ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටිති.

ඔවුහු ගමේ ප්‍රජා ශාලා ක්‍රීඩා පිටි තනාගෙන පාරවල් සුද්ධ පවිත්‍ර කිරීම් කරති ඔවුන්ට ආවේනික වූ රැකියාව සිදු කිරීමද ජනතාවට වඩාත් සමීප ව සාධාරණව සිදු කිරීමට නීතිද පනවා ගෙන ඇත .තෙළිගු ජනතාවගේ නායකයා ලෙස පත්කරගෙන ඇත්තේ කේ .ආර්. අනවත්තු මහතාය. ගමේ සභාපති වරයා එම් .අජිත් ය. උපදේශක වරයා එස් .එරන්නා ය.

තෙළිගු ජාතික පිරිස අතීතයේ උතුරු ඉන්දියාවෙන් පැමිණි පිරිසකගෙන් පැවත එන්නකි .

2 DSC02614 DSC02668 DSC02679 DSC02713 DSC02720



අදහස් (0)

‘තෙළිඟු නමින් අමතන්න‘

සුරංග Wednesday, 13 May 2015 01:03 PM

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වල කතාකරන භාෂාවට තමයි තෙලිඟු කියන්නේ. මේ අය අතීතයේදී අන්ද්‍රා වලින් ලංකාවට සංක්‍රමණය වෙච්ච ජන කොටසක්. (කේ)

:       0       1

නලින් Wednesday, 13 May 2015 01:15 PM

අප එම වචනය අද සිට භාවිතා කරමු. තෙලගු කීවාම ඉන්දියාව මතකයට එනවා. (අ)

:       0       1

සමන්ති Wednesday, 13 May 2015 01:57 PM

තෙලිඟු භාෂාව දන්නවද දන්නෙත් නැහැ. තෙලිඟු කට්ටිය ඉන්නේ ඉන්දියාවේ අන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා ප්‍රාන්තයේ . තෙලිඟු ජනතාවගේ ප්‍රධාන රැකියාව ගොවිතැන . නමුත් මොවුන් රැකියාව කරන්නේ නයි නැටවීම, ශාස්ත්‍ර කීම ,රිලවුන් නැටවීම . (අ)

:       0       1

සෙනරත් Wednesday, 13 May 2015 02:28 PM

තෙලිඟු ජාතික ඉන්දියන් කාරයින් ඉන්නේ උතුරු ඉන්දියාවේ නොව දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේයි. ඔවුන් කතා කරන්නේ තෙලිඟු භාෂාව වන අතර එය ද්‍රවිධ භාෂා වලට අයත් භාෂාවකි. දකුණු ඉන්දියාවේ මලයාලම් සහ දෙමළ භාෂා වලට සමාන කමක් දක්වන අතර එම සෑම භාෂාවක්ම එකිනෙකට තේරුම් ගත හැකිය. (කේ)

:       0       1

කුමාර Wednesday, 13 May 2015 03:38 PM

තෙලුගු අක්ෂර සිංහල වගේමයි. ඇත සිට බලන විට සිංහල අකුරු කියල රැවටෙනවා. විජය රජ්ජුරුවෝ අවේ තෙලගන ප්‍රාන්තයට අල්ලපු ප්‍රාන්තය වන ඔරිස්සා(ඔරියා බාෂාව කතාකරන ) සිට. ඔරියා තලගු සහ සිංහල සමාන වචන කිහිපයක් නම් කුල්ල, මාර්ග, මැටි, පටශාලා (පාසැල) අභ්‍යාස .... (කේ)

:       0       1

මංගලවෙලරත්න Wednesday, 13 May 2015 03:52 PM

මේඅයට තමන්ගේ නිදහසට අනුව කාටවත් කරදරයක් නැතුව ජීවත් වීමට ඉඩදියුතුය මෙය අයට ඉඩම් වෙන්කරදීල ගොවිතෙන්කිරීමට පහසුකම් දියයුතුය සමාජට ගෙන තැනක් දෙමු (කේ)

:       0       0

hemantha Wednesday, 13 May 2015 03:54 PM

සමන්ති මේ අයව මුණගැසුනොත් තෙලිගු බෂාවෙන් කතාකරන්න. එතකොට දැනගන්න පුළුවන් කට්ටියට තෙලිගු පුලුවන්ද කියල .(කේ)

:       0       0

යෝගනාදන් පලනියප්පන් Wednesday, 13 May 2015 04:03 PM

තෙළිඟු ද්‍රවිඩ පවුලේ භාෂාවක්. තමිල් මලයාලම් කන්නඩ සහ තෙළිගු යනු ද්‍රවිඩ නමින් අමතන දේකට සමානයි (බ)

:       0       0

කුමාර Wednesday, 13 May 2015 04:37 PM

හැම මිනිසෙකුටම ඔව්න්ට අවේනික ආඩම්බරයක් තියනව .එක රැකෙ දෙන්න හැම කෙනෙක්ම බැදී සිටිනවා . සිංහල අපිත් අන් යට ගව්රව කරලා කතා කරන්න පුරුදේ වෙන්න ඕනි. තෙලෙගු වචනය වඩාත් හොදයි. රැකියාව කුමක් උවත් ඔවුන් මනුස්සයෝ . (කේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 13 May 2015 04:40 PM

ජීවිතයේ යතාර්ථය හරියට තේරුම් ගත් පුද්ගලයා ජාති ,කුලමල ,ගෝත්‍ර අතරේ අතරමන් වෙන්නේ නැහැ රටේ කිසියම්ම ජනකොටසක් කොන්කර දමනවානම් එය ගැනෙන්නේ මානව හිමිකම් උල්ලංගනය කිරීමේ ක්‍රියාවකටයි.... (කේ)

:       0       0

සත්‍යපාල Wednesday, 13 May 2015 07:25 PM

ආර් . ප්‍රේමදාස ජනාධිපති සමයේ උදාගම් සංකල්පය යටතේ ඔවුන් මේ ප්‍රදේශයේ පදිංචිකළ බව අසා ඇති අතර උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවල මේ තෙළිඟු ජනතාව පදිංචි කළා නම් මේ අයට පහසුවක් බව මගේ හැඟීමයි.එය සංකෘතිමය සහ භාෂාමය ලෙසත් යම් සමානකම් ඇති බැවින් ඔවුන් තනිවූ බවක් නොදැනෙනු ඇති. (නි)

:       0       0

සේපාල Wednesday, 13 May 2015 09:16 PM

සතුන්ට හිංසා කිරීම නවතා දැමීමට ශ්‍රී ලංකාවේ සැමට අධ්‍යාපනයක් ලබාදිය යුතුයි (නි)

:       0       0

සරත් Wednesday, 13 May 2015 10:54 PM

මෙම ලිපියට ලංකාදීපයට තුති! (නි)

:       0       0

කෙවින් Wednesday, 13 May 2015 10:58 PM

මේ ලස්සන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන වැඩපිළිවෙලක් හදන්න. නම් ගම් වැඩක් නැහැ. (නි)

:       0       0

ජයසිංහ Thursday, 14 May 2015 12:29 AM

මේ විදිහට අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා කියනතුරු අපි අපහාසාත්මක විදිහට අපේම රටේ ජන කොටසක් හැඳින්වීම ගැන මට ඇත්තේ තදබල ලැජ්ජාවක් කළකිරීමක් මා ගැනම.අනික් හැම ජාතියකම අයට ඇති සියළුම අයිතිවාසිකම් ඔවුන් සතුයි. හැමදාම නයි නැටවිල්ල සාස්තර කියවිල්ල වෙනුවට දරුවන්ට උඅගත්කම ලබාදී දියුණු සමාජයට යන්නට අතදීම අපි සැමගේම යුතුකම (නි)

:       0       0

සමන්ති Thursday, 14 May 2015 12:32 AM

හේමන්ත, ඔබ දන්නවද?උදාහරණයක් ලෙස ලංකාවේ චීන ජාතිකයන් ඉන්නවා සිංහල පමණක් දන්න. දෙමළ ජාතිකයන් ඉන්නවා සිංහල පමණක් දන්න. සිංහල ජාතිකයන් ඉන්නවා දෙමළ පමණක් දන්න. මෙය මොවුන් සියලු දෙනාම කාලයක් තිස්සේ ලැබූ සංස්කෘතිය අනුව සිදුවූ දෙයක්. ආගමික ඇදහීම් පවා වෙනස්වෙලා. මේ ළමයි යන ලංකාවේ පාසල්වල තෙළිඟු භාෂාව උගන්වනවාද දන්නේ නැහැ. සමහර සිංහලයන් ඉන්නවා සිංහලෙන් නම ලියන්න බැරි. (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 14 May 2015 12:50 AM

අර අහවල් ස්වාමින් වහන්සේ එහෙම දැනගත්තොත් වැඩේ ලේසි වෙන එකක් නැහැ .ඕන් කිව්වා . (නි)

:       0       0

සම්පත් Thursday, 14 May 2015 02:45 AM

ඒක හොඳ යෝජනාවක් (නි)

:       0       0

නිහාල් Wednesday, 13 May 2015 12:34 PM

මේ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් කව්රුත් උදව් කිරීම ලොකු පිනක් වගේම මිනිස් ජාතියට කරන ලොකු සේවයක් (කේ)

:       0       0

විජේසුන්දර Wednesday, 13 May 2015 12:44 PM

ඇත්ත. ඒක ඒ මිනිසුන්ගේ අනන්‍යතාවය (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 13 May 2015 12:51 PM

ශිෂ්ටසම්පන්න බවකුත් තිබෙනවා තෙළිඟු කියන වචනයේ (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 14 May 2015 03:18 AM

මේ සිංහලයන්ම වෙනුවෙන් කෑ ගසන මමත් සිංහල රජ උතුරු ඉන්දියාවේ කුරු කියන ප්‍රදේශයන් මෙහි පැමිණි එකෙකුගෙන් පැවත එන එකෙක්ලු. එසේ උතුරු ඉන්දියාවෙන් පැමිණි මිනිසුන්ට මෙහි සිටි සිංහලයන් හා අනුගත වී සිංහලයන් වුව. මේ දෙමල බස කතාකරන් අසින්හලයන්ට විතරි බැරි උනේ සිංහලයන් සහ අනුගත වීමට. හැමදාම ජාති වාදය රැක්කා වෙනම ජාතියක් වසයෙන් සිංහලයාගේ විනාශය මග . දැන් මේ ගොල්ලත් හදන්නේ සිංහලයාගේ විනාශයට මග පාදන්නද. බල පෙරේත කමට සිංහල අයිතිය පාවාදෙන, (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2502 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1554 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site