IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තිළිණ ගමගේගේ ඇප අවලංගුයි

බලපත් රහිත අලියකු ළඟ තබා ගත්තැයි කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් පසුගිය ජුනි දෙවැනිදා ඇප දෙමින් කළ නියෝගය ලබන 21 වැනිදා තෙක් කොළඹ මහාධිකරණය විසින් අත්හිටැවිණි. එදින උසාවි පැමිණෙන ලෙස ඔහුට නියෝග කැරිණි.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා මහාධිකරණයට ඉදිරිපත් කරමින් ගංගොඩවිල මහේස්ත්‍රාත් තීරණය සංශෝධනය කරන්නැයි  කළ ඉල්ලීම හා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මෙම නියෝගය කළේය.

නීතිපති ඉල්ලා සිටියේ ගංගොඩවිල මහේස්ත්‍රාත් තීරණය අත්හිටුවන ලෙසයි.

දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පැවසුවේ සැකකාර හිටපු මහේස්ත්‍රාත් 2012 මාර්තු හත් වැනි දා යටවර නම් පුද්ගලයකුගෙන් අලි පැටවකු මිලට ගෙන ඇති බවයි. එම ඇත්පැටවා ව්‍යාජ ලියැවිලි මත වනජීවී දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇති බව ද ඔහු කීවේය.

දැනට වැඩ තහනම් කර සිටින සැකකරු එම ව්‍යාජ ලියැවිලි මත මෙම අලිපැටවා පෙරහර හා වෙනත් අවස්ථාවලදී ප්‍රයෝජනයට ගෙන ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කීවේය.

අලිපැටවා රහස් පොලිසියට බාර දෙන ලෙස රහස් පොලිසිය 2015 මැයි මාසයේ ඔහුට දන්වා සිටියත් ඔහු ගෙය නොපිළිගත් බව ද, ඉන් පසු රහස් පොලිසිය මෙම අලිපැටියා අත්අඩංගුවට ගෙන පින්නවල අලි අනාතාගාරයේ අද දක්වා රැකවරණ සලසා ඇති බව ද ඔහු කීවේය.

යටවර විසින් මෙම පැටවා ගමගේට විකුණන ලදැයි  යටවර මුලින් ප්‍රකාශ කර ඇති බව ද, එහෙත් පසුගිය අප්‍රේල් මාසයේ ඔහු රහස් පොලිසියට පවසා ඇත්තේ තමන් ළඟ කිසිම අලිපැටියකු නොසිටි බව ද, තිලිණ ගමගේ යන පුද්ගලයා කවුරුන්දැයි නොදන්නා බව ය.

දිලීප පීරිස් මහතා පැවසුවේ පෑස්සුම්කරුවකු වන යටවරට අලි පැටියකු නඩත්තු කිරීමේ හැකියාවක් නැති බවයි.

මේ අතර සැකකාර ගමගේ රහස් පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දමා ඇති බව ද නීතීඥවරයා දැන්වීය.

කටඋත්තරයක් ලියා ගැනීම සඳහා රහස් පොලිසියට පැමිණෙන ලෙස තිලිණ ගමගේට මැයි 13 හා 18 දිනයන්හි කළ ඉල්ලීම විවධ හේතු දක්වමින් ඔහු නොසලකා හළ බව ද, ඉන්පසු රහස්පොලිසිය ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරූ  බව ද පීරිස් මහතා කීවේය.

පසුගිය මැයි 25 වැනි දා ගංගොඩවිල උසාවියට පැමිණෙන ලෙස සැකකාර හිටපු මහේස්ත්‍රාත්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළත් ඔහු එය ද මගහැරි බවත්, ඉන්පසු ජුනි දෙවැනිදා ඔහු ජනාධිපති නීතීඥ අලි සබ්රි හා අජිත් පතිරණ මහත්වරුන් පිරිවරාගෙන ගංගොඩවිල උසාවියේ පෙනී සිටි බවත් ඔහු සඳහන් කළේය.

තිලිණ ගමගේට ඇප ඉල්ලමින් ඔහුගේ ප්‍රධාන නීතීඥවරයා දෙපැයක් කරුණු දැක්වූ බවත් මෙම නඩුවේ ප්‍රස්තුත කාරණය පොදු දේපොළ පනත යටතට නොගැනෙන බවට කිසිම කරුණක් එම නීතීඥවරයා ඉදිරිපත් නොකළ බව ද විශේෂ හේතු මත සැකකරුට ඇප ඉල්ලමින් ඔහු කරුණු නොදැක්වූ බව ද දිලීප පීරිස් මහතා කියා සිටියේය.

වැඩ තහනමට ලක්වී සිටින සැකකරු ශ්‍රී ලංකා අධිකරණයේ කීර්ති නාමය කෙළෙසා ඇතැයි ද, ගංගොඩවිල මහේස්ත්‍රාත් වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් ඔහුට ඇප නියම කර ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කීවේය.



අදහස් (0)

තිළිණ ගමගේගේ ඇප අවලංගුයි

උපාලි Monday, 13 June 2016 03:52 PM

පිටබැද්දර ජයා, සමහරවිට ඔබ කියන දේ වෙන්න ඇති සිදුවෙන්න ඇත්තේ. (ර)

:       0       0

මනෝජ් Monday, 13 June 2016 08:42 AM

අනෙක් ඒවා වගේම නීතිය හරි පාරට ගන්න අමාරුයි. හොරු කල්ලියකට විරුද්ධව සටන් කරන්න එපැයි. (අ)

:       0       0

සේන Monday, 13 June 2016 08:49 AM

දන්නේ නැති නිසයි අහන්නේ අප අවලංගු නම් අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?(අ)

:       0       0

ජයම්පති Monday, 13 June 2016 08:58 AM

දැන් ඔන්න ආපහු හැන්ගිමුත්තම් සෙල්ලම පටන් ගනී. (අ)

:       0       0

චමින්ද දීපාල් Monday, 13 June 2016 05:13 PM

රොමේෂ්, ඔබ හරි. තමන්ගේ පැවැත්ම විතරක් බලනකම් අපි එතනම තමා. (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 13 June 2016 09:00 AM

ඇප ගත්තේ අධිකරණයට ඉදිරිපත් වෙලා නිසාත් , ඇප අවලංගු කරමින් නියෝගය නිකුත් කළ වහාම නැවත අධිකරන්යේ පෙනීසිටින ලෙස නියෝග කර ඇති නිසාත් අත්අඩංගුවට ගත නොහැකි අතර උක්ත දිනයේ අධිකරණය මග හැරියොත් නැවත වරෙන්තු නිකුත් කෙරෙනු ඇත (අ)

:       0       0

උපාලි Monday, 13 June 2016 09:02 AM

සේන, මටත් හිතුනේ ඕකමයි. විත්තිකාරයෙකුට තියෙන්නේ අවස්ථා තුනයිනේ. ඇප නියමයක් නැති නිසා එළියේ සිටීම, ඇප මත එළියේ සිටීම, ඇප නොදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටීම. ඒ කියන්නේ ඇප මත ඉඳල ඇප අවලංගු කලොත් අනිවාර්යයෙන් රිමාන්ඩ් වෙන්න ඕනනේ. අපට එහෙම හිතෙන්නේ නොදන්නකමට වෙන්න ඕන සේන. (ර)

:       0       0

අජිත් Monday, 13 June 2016 05:45 PM

මේ කතාව අස්සේ තව මොන මොන බදු ගහයිද දන්නේ නැහැ. (ර)

:       0       0

මදූ Monday, 13 June 2016 09:03 AM

දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නය. (ර)

:       0       0

සදුන් Monday, 13 June 2016 09:07 AM

මේ තුමා නිහතමානි කෙනක්. සෑම අන්දකාර රැයක් අවසානයදී ආලෝක මත් දිනයක් උදා වේ. (ර)

:       0       0

රජිත් Monday, 13 June 2016 07:00 PM

රටේ මුළු නීති පද්ධතිය ගැන අපිට ඇත්තේ කළකිරීමක් (නි)

:       0       0

පියසිරි Monday, 13 June 2016 09:28 AM

යුක්තිය​, සාධාරනය ඉටු වෙන්නේ නැතිනම් එය ලබා ගැනීම සඳහා සංවිධානාත්මකව සටන් කල එකේ ප්‍රතිපලයයි මේ. පොල් ගහලා මිත්‍යා වැඩ වලින් වැඩක් නෑ. (ර)

:       0       0

ශ්‍රීමාලි Monday, 13 June 2016 10:14 AM

මදු...රටේ අධිකරණය තුලම අවනීතිය ක්‍රියාත්මක වෙනවනම් - නඩුකාරයන් නීතිය කඩනවනම්..මේක දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි (බ)

:       0       0

අජිත් Tuesday, 14 June 2016 12:40 AM

අනෙක් මිනිසුන්ට සාධාරණය ගැන තීන්දු දෙන තැන් ඉන්න අයත් මෙහෙම නම්, අනේ අපිට දෙවි පිහිටයි කියලා තමයි කියාගන්න තියෙන්නේ (නි)

:       0       0

උදාර Tuesday, 14 June 2016 01:23 AM

නීතියට පිටින් නඩු තීන්දු දෙන, නඩු නිකරුනේ කල්අදින නීතිඥයින්ට සහ විනිසුරුවන්ට එරෙහිවත් යමක් කළයුතුව ඇත. මේවා නිසයි අධිකරණයේ කීර්ති නාමය කෙළෙසෙන්නේ සහ මිනිසුන්ගේ විශ්වාසය නැතිවෙන්නේ. නමුත් කවුරු ආවත් මේක නොකරන එකයි පුදුමේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 14 June 2016 01:46 AM

රොමේෂ්, ඔබ හරි. (නි)

:       0       0

ලලිත් Tuesday, 14 June 2016 02:24 AM

නීතිය පොතේ ඇත. නීතිය දැන දැන වැරදි තීන්දු දෙන්න පුළුවන්ද? (නි)

:       0       0

අරවින්ද Tuesday, 14 June 2016 03:22 AM

දුප්පත් පොඩි මිනිසුන්ට වෙනම නීතියකින්ද සළකන්නේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 14 June 2016 03:23 AM

සාමාන්‍ය ජනතාව වන අපිට නීතිය, බලය, සාධාරණත්වය මෙයින් තේරුම්ගත හැක. (නි)

:       0       0

පිටිගල Tuesday, 14 June 2016 03:34 AM

මනෝජ්, හොරු කල්ලියකට විරුද්ධව සටන් කරන්න බැහැලා ඉන්නෙත් හොරුන්ගේ ගජ මිතුරෝ නම් ඒ සටනින් වැඩක් නැහැනේ. උදාහරණ ඕනෑතරම්... (නි)

:       0       0

රොමේෂ් Monday, 13 June 2016 12:41 PM

අපේ මිනිස්සු ලඟකදී ඉඳන් ටොයියෝ බයියෝ කියලා බෙදිලා. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් කලින් හොයල බලනවා ටොයියෙක්ද බයියෙක්ද කියලා. මොනතරම් අශීලාචාරී වැඩක් උනත් තමා නියෝජනය කරන ටොයි, බයි පාර්ශවය අනුව එයට පක්ෂව හෝ විපක්ෂව කරුණු දක්වනවා. හරිදෙයට හරි කියනත් වැරදි දෙයට වැරදියි කියන්නත් කොන්දක් තියෙනවනම් මගේ රට මීට වඩා දහස් ගුණයක් ඉදිරියට ගිහින් අද වෙද්දී. අවාසනාවට පාලකොයෝ විසින් ජනතාව දෙපැත්තට බෙදලා දමා මරා ගන්න හැටි බලමින් සතුටුවෙනවා. පාලකයාගේ පැවැත්ම තීරණය වන්නේ ජනතාව කුලල්කා ගන්නා අන්දම මතයි. (ර)

:       0       0

ලෙස්ලි ප්‍රනාන්දු Monday, 13 June 2016 12:47 PM

ඇප අවලංගු වුවානම් ඔහු බන්ධනාගාර ගත විය යුතුමයි .මේ පුද්ගලයාගේ නිල බලය පෙන්වා නීතියට මුවා වෙන්නයි හැදුවේ එ්කට ඔහුගේ සගයන්ගේ උපකාරත් ලැබුණා. කලින් තීන්දුව වැරදි නිසානේ දැන් ඇප අවලංගු වුනේ (බ)

:       0       0

සමන් Tuesday, 14 June 2016 04:38 AM

මේ සිදුවීම රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ නිතිය ගැන තිබුණ විශ්වාසයට තිගැස්මක් ඇති කළ බව සත්‍යයි. ඇප, දෙන්නම් කාසි ක්‍රමයට බැද ගෙදර ගිය හැටිත් විශ්මයට හේතු වුණා. (ම)

:       0       0

පරාක්‍රම Monday, 13 June 2016 01:55 PM

මේ රටේ යම් යම් අධිකරණ තීන්දු මහත් සැකයටත්, විමතියටත්, ආන්දෝලනයටත් පත්වූ අවස්ථා පසුගිය පාලන යුගයේ බෙහෙවින් දක්නට ලැබිණ. වත්මන් යම් යම් අධිකරණමය හැසිරීම් තුලින් එම ක්‍රමවේදයන් තව දුරටත් හොල්මන් කැරෙමින් පවතින බවට හැංගීමක් පුරවැසියන් තුල ජනිත වන බවක් පෙනීම කනගාටුවට කරුණකි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 274 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 526 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 402 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 598 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1777 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 170 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site