IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තිළිණ ගමගේ "අලි දොරටුවෙන්" බලෙන් ගිහින්

අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තමා ළඟ තබාගෙන සිටි ඇත් පැටවා බැලීමට පින්නවල අලි අනාථාගාරය වෙත ගොස් කලහාකාරී ලෙස හැසිරී ඇති බැවින් ඔහුට එරෙහිව චෝදනා පහක් යටතේ පොලිස්පතිවරයා මගින් විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ දිලීප පීරිස් මහතා අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

එවැනි විමර්ශනයක් පවත්වන ලෙස තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවත්, එය නිතිපතිවරයාගෙන් විමසා ක්‍රියාත්මක කරන ලෙසත් දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා කීවේය.

හීලෑ අලිඇතුන් බලපත්‍ර රහිතව ළග තබා ගැනීමේ සිද්ධිය ගැන  අධිකරණයේ පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය විය.

ටිකට්පතක් නොමැතිව පින්නවල අලි අනාථාගාරයට ඇතුළුවිම, ආහාර ලෙස පලතුරු කූඩයක් ගෙනයාම, මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරීයා වෙඩි උණ්ඩ සහිත තුවක්කුවක් රැගෙන එම ස්ථානයට ඇතුළුවිම, ඇතුළුවීම තහනම් යැයි සදහන් දැන්වීම් පුවරුවක් තිබියදී එම ස්ථානයෙන් ඇතුළුවීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම යන වැරදි තිලිණ ගමගේ මහතා විසින් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පොලිස්පති හරහා පවත්වන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලිය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් සන්නස් පත්‍ර මගින් ලබාදී ඇති ඇත් පැටවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට නිතිපතිවරයාගේ අවසරය අවශ්‍ය නොවන බව  රජයේ   පිරීස් මහතා රහස් පොලීසියට දැනුම් දුන් බවට අධිකරණයේදී කියැවිණි.

මෙම අලි ඇතුන් ගෙන් දෙදෙනකු හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙතත්, තවත් ඇත් පැටවකු මැදමුළනට  සහ තවත් ඇත් පැටවකු මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාටත් ලබාදී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතීඥවරයා අධිකරණයේදී සදහන් කළේය.

එසේම, ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි ඇත් පැටවුන් දෙදෙනා නැවත භාරදී ඇත්තේ පනාගොඩ යුද හමුදා කදවුරේ නිලධාරීයෙකු බවත්, මේ සම්බන්ධයෙන් ඒ ගැන විමර්ශනයක් පවත්වන බවත් වැඩිදුරටත් රජයේනීතීඥවරයා සදහන් කළේය.

 ඇත්පැටවකුගේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් මහතා සදහන් කළේ වනජීවි දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ බොහෝ ඇත්පැටවුන් අනාරක්ෂිතව පහසුකම් රහිතව සිටින බවයි. සමහර සතුන් ඇස්වලට වෙදකම් කරමින් සිටියදි රැගෙන ගිය බැවින් ඔවුන් අන්ධභාවය පත්වී ඇතැයි ද ඔහු කීවේය.

මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ මේ සතුන් තමාගේ නියෝගය මත අත්අඩංගුවට ගත් බැවින් මෙහි වගකීම තමාට ද පැවරෙන බැවින් මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසට වනජීවි අධ්‍යක්ෂ වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

පැමිණිල්ල මාර්තු 15 යලි කැඳවීමට නියමිතය.

අංක 334 යටතේ ලියාපදංචි වී සිටි ඇත්පැටවාගේ ලියා පදිංචි අයිතිකරු වූයේ අංක 409, ඕවිටිගම, මීගොඩ පදිංචි එම්. බී. චන්ද්‍රරත්න යටවර යන අයයි. රහස් පොලීසිය මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා භාරයේ සිටියදී මෙම ඇත් පැටවා සිය භාරයට ගනු ලබූ අතර, එම ඇත් පැටවා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබිණි.



අදහස් (0)

තිළිණ ගමගේ "අලි දොරටුවෙන්" බලෙන් ගිහින්

රසික Thursday, 11 February 2016 04:08 AM

තිළිණ ගමගේ යනු මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වූ අයෙකි. ඔහු මෙතරම් හයිය පෙන්නන්නේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා සමග ඇති කිට්ටු සම්බන්ධකම නිසාවෙනි. (බ)

:       0       0

ජයනාත් Thursday, 11 February 2016 05:05 PM

අබ කෑ මිනිහාගේ මොළේ දනවාලුනේ (නි)

:       0       0

විජිත් Wednesday, 10 February 2016 05:19 PM

රොකි, මෙතන තියෙන්නේ හීනමානය පිළිබඳ ප්‍රශ්නයක්. ඉස්සර රජකාලේ, ඊටපසුව වැඩවසම් යුගවලදී සහ ඊටත් පසුව ප්‍රභූන් යැයි සමාජයේ සම්මත අයට අලි ඇතුන් සිටියා. ඒ කාලයේ තමන්ගේ වටිනාකම කීමේ ඒකකයක් ලෙසත් මේ අලි ඇතුන් යොදාගත්තා. නමුත් අලුත් යුගයේ ප්‍රභූන් යැයි තවත් කොටසක් කරලියට පැමිණියා. ඒ අය අර පැරණි "ඇත්තම" ප්‍රභූන් වගේ නොවෙයි. එක එක සමාජවිරෝධී වැඩ වලින් මුදල් හොයාගෙන පොහොසත්වුණ අය. ඒ අයට ඕනෑවුණා තමන්ගේ අතීතයත් ප්‍රභූ පරම්පරාවක් යැයි කියාගන්න. පෙන්වන්න. අන්න ඒකට තමයි ඔය අලි හොරකම කළේ (නි)

:       0       0

සන්ඛපද්ම Thursday, 11 February 2016 09:07 AM

මොනවා උනත් මේ මනුස්සයා අලි පැටියට ආදරේ පාටයි . ඒකයි පලතුරු කූඩයක් එහෙම අරගෙන අලි පැටියව බලන්න යන්න ඇත්තේ. සමහරවිට සතුන්ට ආදරේ කෙනෙක් වෙන්නත් පුළුවන්. (ර)

:       0       0

ලංකාසිරි Wednesday, 10 February 2016 08:46 PM

සොබාදහමේ නිදහසේ සැරිසැරිය යුතු සතුන් යකඩ දම්වැල් ලා සිරකර තබන මෙවන් අයට කිසිම බුරුලක් නොදිය යුතුයි. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 10 February 2016 09:29 PM

මොකක්ද මේ දැන් හැදිලා තියෙන අලි සන්නිපාතය? ඔය අලි තියාගන්නේ කාට පෙන්නන්නද? අලින්ට කන්න දෙන්න කොච්චර වියදම් යනවාද? සත්තු බලන්න ඕනෑ නම් සත්තු වත්තේ ඉන්නවා. වන සත්තු ඕනෑ නම් ඒවාට ගොඩක් ස්ථාන තිබෙනවා. කවුරුහරි දන්නා කෙනෙක් මේ ගැන විස්තරයක් කළොත් ඉතාමත් වටිනවා. හේතුව තේරුම් ගන්න අමාරු නිසයි අහන්නේ. (නි)

:       0       0

රාමන් Wednesday, 10 February 2016 11:35 PM

එයාලා තමන්ගේ බලයෙන් උමතුවෙලා (නි)

:       0       0

නාමල් Wednesday, 10 February 2016 12:45 PM

මොන කවුරු උනත් වෑරදිනම් නීතිය හෑටියට දඩුවම් දෙනවානම් තමා හොද? (ර)

:       0       0

සමන්ත Thursday, 11 February 2016 02:45 AM

මේ මහත්තයා අධිකරණයට අපහස කරලා වගෙයි මට නම් පෙනෙන්නේ. අධිකරණයේ ගරු ගාම්භීරත්වයට හානියක් සිදුකර එමඟින් අධිකරණය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතරේ ඇති විශ්වාසය මෙමගින් පලුදු විය හැක. යුක්තිය පසිඳලීම සිදුකරන අතර යුක්තිය ඉටුවන බව සමාජයට පෙන්වීමත් අවශ්‍යතාවයක් කියලයි නීතියේදී උගන්වන්නේ. (නි)

:       0       0

අරවින්ද Thursday, 11 February 2016 02:47 AM

නීතිය ඉටුකරන අයත් මෙහෙම කරද්දී සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද? (නි)

:       0       0

සමන්ති Wednesday, 10 February 2016 01:56 PM

අර මහරගම ට්‍රැෆික් පොලිස් කොස්තාපල් නඩුව මතකද ? (බ)

:       0       0

සෙනරත් Wednesday, 10 February 2016 01:54 PM

දැන් ලංකාවේ අලි පැටවුන්ගේ ප්‍රශ්නයයි එළ හරකුන්ගේ ප්‍රශ්නයයි හැරෙන්නට වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. (බ)

:       0       0

රොකි Wednesday, 10 February 2016 02:40 PM

මේ මිනිස්සුන්ට මොකද දෙයියනේ මේ වෙලා තියෙන්නේ ? අලින්ව ඇති කරන්නේ මොකටද .. (ර)

:       0       0

අලි Wednesday, 10 February 2016 02:40 PM

අලි වැඩේනේ වෙලා තියෙන්නේ නඩු අහන ඇත්තට (බ)

:       0       0

සෑම් Wednesday, 10 February 2016 02:42 PM

මේ වගේ අය ඔය වගේ උසස් තනතුරුවලට සුදුසු නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 36 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 101 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 192 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 698 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 529 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 354 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site