(රෝෂන් තුෂාර)
ඊශ්‍රායෙල් ජාතික සංචාරකයින් රැඳී සිටි ආරුගම්භයේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙස් විදෙස් ත්රස්තවාදීන්ට ආධාර අනුබල දුන්නේ යැයි දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සැකකරුවන් තිදෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (17) නියෝග කළේය.
මාළදිවයින් ජාතිකයකු ඇතුළු ත්‍රස්ත සැකකරුවන් තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
දේශීය ,විදේශීය ත්‍රස්තවාදී හා අන්තවාදී පුද්ගලයින් ඇසුරු කරමින් ආරුගම්බේ සංචාරක කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කළේ යැයි සැකයට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙනය රඳවා ප්‍රශ්න කර තිබිණි.
පසුගිය ජනාධිපතිවරණය පැවැති කාලවකවානුවට සමගාමීව මෙම ත්‍රස්ත ප්‍රහාරය එළකිරීමට සැලසුම් කිරීම,පසුගිය වසරේ ඔක්තෝබර් 07 සහ 08 දිනවල පුද්ගලීන් යොදවා සංචාරක කලාපය වීඩියෝ ගත කිරීම හා ඡායාරූප එක් රැස් කිරීම, සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මස 19 වැනි දින සිට සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනෙකු තවදුරටත් රඳවා ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ
විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත
වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍ර
රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට න
ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ත්‍රස්ත ප්‍රහාරයකට සැරසුන සැක 3ක් රිමාන්ඩ්