IMG-LOGO

2025 මාර්තු මස 27 වන බ්‍රහස්පතින්දා


තානාපති වාහන අංකවලට පිට වාහන දුවලා: පාඩුව කෝටි දොළහයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක යොදා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට  රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී සී  වික්‍රමරත්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝපා)  දැනුම් දුන්නේය.

එන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කිරීමෙන් රජයට රුපියල් කෝටි අටකට ආසන්න අලාභයක් සිදුව ඇති බවද  කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.

කැබිනට් අනුමතියකින් තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරුපැදි 3088 ක්  ලියාපදිංචි කර ඇති  බවටද තොරතුරු හෙළිවූ බව  කෝපා කමිටුව පවසයි.   

දෙපාර්තමේන්තුව විගණන නිරීක්ෂණ 25 සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගත නොහැකි හෙයින්  ස්වාධීන කණ්ඩායමක් යොදවා නැවත විධිමත් පරීක්ෂණයක්   කරන  ලෙස  කෝපා කමිටුව නිර්දේශ කළේය.

භාවිතයට නොගත් හිස් අංක සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමෙන් රජයට  ලක්ෂ හැට දෙකක පමණ අලාභයක් සිදුව ඇති බවද එහිදී  හෙළි විය

මේ තොරතුරු හෙළිවූයේ  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (21) වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී දෙපාර්තමේන්තුව  අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු විනය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළ කර  ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන්ද කිසිසේත්ම සැහීමකට පත්විය නොහැකි බව  දැනුම් දුන්නේය

ඒ අනුව මේ සම්බන්ධයෙන් නොපමාව විනය ක්‍රියාමාර්ග   ගැනීමට  ස්වාධින නිලධාරීන් කණ්ඩායමක් මගින් විමර්ශන පැවැත්වීමට පියවර ගන්නා ලෙසට  සභාපතිවරයා නිර්දේශ කළේය.

පුර්ව  වාහන ලියාපදිංචි අංක යටතේ පද්ධති ගතවූ  චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද වාහන වල එන්ජින් අංක හා චැසි අංක ඇතුළත් කර  වංචනික මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ සිද්ධියක්  පිළිබඳවද කෝපා කමිටුවේ  අවධානය යොමුවිය. එහිදී  රුපියල්  කෝටි 120ක  මුදලක් රජයට පාඩු වී තිබෙන බවට අනාවරණය විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති දුෂණ, වංචා සහ අක්‍රමිකතා විමසා බැලීමෙන් අනතරුව මීට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන්  මාසිකව කාරක සභාව හමුවට කැඳවා විමසීම් කිරීමටත් කාරක සභාව විසින් නිර්දේශ කරන  ලදී. තවද, මෙහි  සිදුව තිබෙන අපරාධමය ක්‍රියාවන්  සම්බන්ධයෙන්  නිතීය ක්‍රියාත්මක කිරීමටද  කාරක සභාව  නිර්දේශ  කර අැත

මෙම රැස්වීමට  කාරක සභා සාමාජික  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්‍රීවරැන් වන සුන්දරලිංගම් ප්‍රදීප්, නලින් හේවගේ, ජේ.සී. අලවතුවල, රෝහිත අබේගුණවර්ධන, හෙක්ටර් අප්පුහාමි, කවීන්දිරන් කෝඩීස්වරන්, මංජුල සුරවීර ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, සුසන්ත කුමාර නවරත්න, චන්දන සූරියආරච්චි, වෛද්‍ය  ජනක සේනාරත්න, චානක මාදුගොඩ, ටී.කේ. ජයසුන්දර, දිනිඳු සමන් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු  පිරිසක්ද  සහභාගීවූහ  



අදහස් (5)

තානාපති වාහන අංකවලට පිට වාහන දුවලා: පාඩුව කෝටි දොළහයි

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Tuesday, 25 March 2025 06:17 AM

මට එරෙහිව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවුරැදු 5 කටත් වැඩි කලක් නීති විරෝධී් ලෙස විනය පරීක්ෂණයක් පැවැත්වුවා. ඒක නීති විරෝධී විනය පරීක්ෂණයක් කියල ගරැ අභියාචනාධිකරණය පවා තීන්දු කලා.ඒ පරීක්ෂණයේ පැමිණිල්ල මෙහෙයවූයේ දකුණු පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිසිර කුමාර කියල පුද්ගලයෙක්. එයාගේ මුල් පත්වීම 2006 අග භාගයේදී.මේක වුනේ 2013 සිට 2017 දක්වා කාලයේදී.එයා ලියල තියෙනව එයාගෙ වාර්තාතවේ එයා ඒ වන විට විනය පරීක්ෂණ න100 කට වඩා මෙහෙයවා ඇති බව. ඒ කියන්නෙ එයා නිත්‍යා රැකියාවට වඩා ආදායමක් අරන් තියෙන්නෙ දකුණු පළාත් සභාවේ විනය පරකිෂනය කරල. මම මේක විගණනයටත් ලීවා වෙච්ච දෙයක් නැහැ. අන්තිමට මිනිහ හිරේ ගියා. මෝටර් රථ දෙපාර්තතමේන්තුවේ සල්ලි හොරකම් කරල.ඒක පත්තර වලත් මහ ඉහළින් ගියා. අන්න ඒ වගේ අය තමයි අපිට විරැද්ධව දකුණු පළාතේ විනය පරීක්ෂණ කලේ.ඇත්තටම මම තමයි වීරයා. මේ අපරාධ නැවැත්තුවේ මම තමයි. දැන් ඉන්න ආණ්ඩුකාරයා මගෙන් ඇහුවු විනය පරීක්ෂන 100 කට වඩා කලහම තියෙන වැරද්ද මොකක්ද කියල.අනේ ඉතිං දකුණට දෙවියන්ගේම පිහිටයි.

:       0       3

de silva Tuesday, 25 March 2025 07:27 AM

මෝටර් රථ , ආගමන විගමන , රෙගු , සුරාබදු දෙපාර්තමේන්තු වල නිලධාරියෝ හොරකම් කරන්නේ සමුපකාර ක්‍රමයට අයතා ලෙස ඔවුන් විසින් උපයගන්න ආධායම කන්තෝරුවේ පියන්ගේ සිට කොමසාරිස් දක්වා සැමට බෙදෙනවා , ලොක්කොන්ට වැඩියෙනුත් , පොඩි අයට අඩුවෙනුත් හැමෝටම තමන්ගේ කොටස ලැබෙනවා , ඉතින් අභ්‍යන්තර විනය පරීක්ෂණ කරන එක හරියට හොරාගේ අම්මගෙන් පෙන අහනව වගේ , මේ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව මගින් කරලා නඩු පවරන්න ඕනේ , පාර්ලිමේන්තුවේ 2 /3 බලයක් ආණ්ඩුවට තිබෙනවා , ආණ්ඩුවට අවශ්‍ය නම් මේ සම්බන්ධව අලුත් නීති පනවන්න හෝ තිබෙන නීති බලාත්මක කරන්න හෝ පුළුවන් නමුත් ඔවුන් මෙවන් අත්‍යවශ්‍ය කරුණු පසෙක දමා පාර්ලිමේන්තුවේ විවිධාකාර වල්පල් දොඩවමින් කාලය ගතකරන බව පෙනෙනවා , මෙවැනි අල්ලස් සහ දුෂණ නිසා රජයට දිනකට අහිමිවන ආදායම රුපියල් බිලියන 0.7 සහ 0.9 අතර බව ගණන් බලා තිබෙනවා , මෙම ගාස්තු සහ බදු මුදල් නිසිලෙස අයක්රගන්නේ නම් , ජනතාවට ගහන බදු අඩු කර ජිවන වියදම අඩුකරගන්න පුළුවන්

:       0       4

පිටරටවැසියා Tuesday, 25 March 2025 08:47 AM

රටේ අන්ත දුෂිතම රාජ්‍ය ආයතනය. පොඩිම එකාගෙ ඉඳන් ලොකුම එකා දක්වා අන්ත දුෂිතයි. හැදෙන්නෙත් නෑ, හැදෙන පාටක් ඇත්තෙත්. රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාවට කෙළවෙලා තියෙන්නෙ මේ වගේ හොර හැතිකරේ හින්දා. එකම විසඳුම, සුළු වැරද්දටත් අලාභය අයකරගෙන රැකියාවෙන් නෙරපීම. මහාපරිමාණ වංචාවලට, අලාභය අයකරගෙන රැකියාවෙන් නෙරපීම සහ මරණිය දණ්ඩනය නියම කිරීම සහ ක්‍රියාත්මක කිරීම. නැත්නම් මේ රට කවමදාකවත් හැදෙන්නෙ නෑ...

:       0       8

Mohan Mangala Mapa Tuesday, 25 March 2025 08:58 AM

මේ වගේ දේවල් වලට දඬුවම් කෝ?

:       1       9

Kamal Koyrala Tuesday, 25 March 2025 02:56 PM

මේ සඳහා රේගුවත් වගකිව යුතුයි. මේ වාහන ආනයනය කළේ වංචනිකව නම් රේගුව මොකද කළේ සහ කෙසේද ඒවා පිටතට ගියේ..? මේ කමිටුවෙත් ඉන්නවා රත්තරන් රත්තරන් මහත්තයෙක් අධිබල මෝටර් සයිකල් වෙනුවෙන් හඬ නගනු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

 

එසැණ පුවත්

හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා
2025 මාර්තු මස 27 480 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක


දරුවන් මතින් බේරන්න රජය මැදිහත් වෙනවා
2025 මාර්තු මස 27 90 0

පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩ


අනතුරින් සිව් හැවිරිදි දරුවා මරුට
2025 මාර්තු මස 27 313 0

පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිර


‘කුෂ්‘ සමඟ විදෙස් යුවළක් ගුවන්තොටේදී අල්ලයි
2025 මාර්තු මස 27 549 0

රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය


පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම 22 වැනිදා සිට
2025 මාර්තු මස 27 51 0

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය.


වෑන් රිය පෙරැළී 8ක් රෝහලට
2025 මාර්තු මස 27 291 1

ඇඹිලිපිටිය සිට බලන්ගොඩ හරහා බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (27) පස්වරුවේ හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 454 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 666 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1358 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site