IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි

(මහින්ද   නිශ්ශංක) 

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තැපෑලේ දී සිදු වියහැකි ප්‍රමාදවීම් සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කළ බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් අනිද්දා(10) දා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.



අදහස් (1)

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි

Rama Wednesday, 09 October 2024 05:09 AM

ඡන්දය තියන දවස තෝරන වෙලාවේ බෞද්ධයින්ට ප්‍රශ්නයකට මුහුණ දීමට වෙනවා කියලා මැතිවරණ කොමිසම හිතුවේ නැද්ද? නැත්නම් දැනගෙනත් අපිට මොකද කියලා නොවැම්බර් 14 ම ඕනෑ කියන මතයේ පිහිටා වැඩ කරාද කියලා හිතෙනවා. නොවැම්බර් 15 කියන්නේ පෝය දවස. එදාට තමයි වස් පින්කම් ඉවර වෙන්නේ. ගොඩාක් පන්සල්වල 14 මහ රෑ 15ට එළිවෙන්න කඨින පෙරහැර ගිහින් පිංකම 15. ඉතින් 14 ඡන්ද තියලා ඡන්ද ගනින වැඩ නිසා කඨින පිංකම ගැන උනන්දුව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම 14 රෑ ඇඳිරි නීතිය දාලා 15ත් තිබ්බොත් මොකද වෙන්නේ. ව්‍යවස්ථාවේ සඳහන් බුදු දහමට මුල් තැන දීම අමු අමුවේ කාලා. මේ විකාර කියන්න එපා. මේවා රටේ පාලකයන් හිතන්න ඕනෑ.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මලිමා මන්ත්‍රීවරු දෙදෙනෙකුට ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 30 439 0

බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ


බන්ධනාගාරයේ මගඩි වැඩ කරන නිලධාරීන්ට දැඩි දඩුවම්
2024 දෙසැම්බර් මස 30 344 0

බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස


කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
2024 දෙසැම්බර් මස 30 207 0

නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍


ලංකාව ලස්සන ගමනාන්තයක් කරන්න වහා වැඩ අරඹන්න
2024 දෙසැම්බර් මස 30 430 0

ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන


පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට
2024 දෙසැම්බර් මස 30 269 1

අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථ


ජාතික නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේ
2024 දෙසැම්බර් මස 30 668 0

77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය වන්දන අබය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 260 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 162 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 136 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site