IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා

(සුමිත් පොතුපිටිය)

කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත  පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර කටුකුරුන්ද සනස මාවතේ පදිංචිව සිටී බත්තරමුල්ල ගමගේ අමිත් ප්‍රියදර්ශන නමැති 36 හැවිරිදි  දෙදරු පියෙකු බව පොලිසිය කීය.

පුද්ගලයෙකු නිවසක් තුල අභිරහස් අන්දමින් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකිරීමේදී නිවසේ සාලයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර හමුව තිබේ.

ඝාතනයට ලක්ව ඇති තැනැත්තාගේ පපුවේ සහ උදර ප්‍රදේශයේ ගැඹුරු තුවල පහරවල් දක්නට ලැබුන බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය.

ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවද පොලිසිය පවසයි .

පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වති .



අදහස් (1)

තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා

m. saman perera Saturday, 21 December 2024 11:58 AM

මිනිස්සු හරි දරුණු විදිහට තිරිසන් වෙලා මිනීමරණ හැටි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 5 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1193 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 1422 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1081 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා
2024 දෙසැම්බර් මස 21 961 1

කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ති


මුදල් ජාවාරම් 20කට මහ බැංකුවෙන් නඩු
2024 දෙසැම්බර් මස 21 611 1

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 21 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 20 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site