IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


තිස්ස ජාජබ පෙලපාළිය විසුරුවයි

(සුජිත් හේවාජුලිගේ)

තිස්සමහාරාම දෙබරවැව  ප්‍රදේශයේ   නිවෙස්වලට  අත් පත්‍රිකා බෙදා හැරීමට  පෙළපාළියේ  ගමන් ගත් බව කියන  ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක්  ඊයේ  (16)  විසුරුවා හැරි බව තිස්සමහාරාම  පොලිසිය පවසයි.

මැතිවරණ නීතිය අනුව නිවෙස්වලට අත්පත්‍රිකා බෙදා හැරීමට යා හැක්කේ ආධාරකරුවන් පස් දෙනකුට පමණි.

ජනාධිපති අපේක්ෂක  ප්‍රේමසිරි මානගේ මහතා   කළ දැනුම්දීමක් අනුව  තිස්සමහාරාම  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි කුඩාගොඩගේ  මහතා  වහා ක්‍රියාත්මකවී  ඒ මොහොතේම  එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය.

උපරිම වශයෙන් පස් දෙනකු බැගින් ගෙයින් ගෙට යන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී එම ජාතික ජන බලවේග ආධාරකරුවන්ට   උපදෙස්දී ඇත.
මේ අතර ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදාහැරීමට පස් දෙනකු බැගින් පමණක් යන ලෙසට දුන් නියෝග ඇතැම් දේශපාලන පක්ෂ දිගින් දිගටම කඩ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අනුව වහා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.



අදහස් (4)

තිස්ස ජාජබ පෙලපාළිය විසුරුවයි

ලුම්බිණි Tuesday, 17 September 2024 11:47 AM

කවුද ප්‍රේමසිරි මානගේ කියන්නේ ?

:       7       15

Dasa PTuesday, 17 September 2024 05:22 PM

පස් දෙනෙක්වත් හොයාගන්න බැරි කෙනෙක්...!

:       2       11

සෙනෙවිරත්න Tuesday, 17 September 2024 12:23 PM

ප්‍රේමසිරි මානගේ දැනටමත් මැතිවරණ නීති කඩ කරලා එහෙව් එකෙක් කියන කතා කවුරුත් සලකන්න එපා.

:       8       22

ගෙම්බා Tuesday, 17 September 2024 09:34 PM

ඕකේ ඕකේ ඕකේ කුදසායි ඔකාකෙ කුදසායි

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි සදහා විශේෂ දුම්රියක්
2024 සැප්තැම්බර් මස 19 132 0

ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය


දෙහිවල වෙඩි තැබීමක් : හෝටල් හිමිකරු මරුට
2024 සැප්තැම්බර් මස 19 535 0

දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .


තැනින් තැනට වැසි
2024 සැප්තැම්බර් මස 19 50 0

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 2310 1

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 1453 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 2399 1

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 31 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 116 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2168 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site