(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීමට කටයුතු කරන බව තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය.
තුර්කි තානාපතිවරයා සහ ජනපතිවරයා අතර හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරිණි.
තුර්කියේ සංක්‍රමණික ශ්‍රම බලකාය සඳහා වන ඉල්ලුම ඉහළ යමින් තිබෙන බව මෙහිදී තුර්කි තානාපතිවරයා පෙන්වා දුන් අතර විවිධ ක්ෂේත්‍රයන් තුළ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදා කර දෙන බවටද සහතික විය.
තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් (Recep Tayyip Erdogan) මහතාගේ සහ තුර්කි ජනතාවගේ සුබපැතුම් පනිවිඩය ද තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. තුර්කි - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සංකේතවත් කරමින් තුර්කියේ නිල සංචාරයකට එක්වන ලෙසද තුර්කි තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළේය.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව