(රෝෂන් තුෂාර)
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (16)නිකුත් කළේය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ආඥාව ලබන 30 දින දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම්, නීතීඥ සුදත් ජයසුන්දර මහත්වරුන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.
ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු විසින් පැමිණිලිකාර අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු මාධ්‍යයට ඉදිරිපත් කරමින් සිටින බවය.
එම අසත්‍යය සහ ද්වේශ සහගත කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ද උඩුගත කරමින් සිටිනබව වැඩිදුරටත් සඳහන් කළේය.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
dds Wednesday, 16 April 2025 06:46 PM
රාජරත්නම් කොහොමද දන්නේ ඇත්තද බොරුද කියලා. එතැන හිටපු මිනිස්සු තමයි දන්නේ. ඇත්ත මොකක්ද කියලා තෝරදෙණියයි, ඉන්ද්‍රානන්දයි දන්නවා.
හෘද සාක්ෂිය Thursday, 17 April 2025 02:27 AM
කාට බොරු කෙරුවත් තමන්ට බොරු කරන්න බෑ. ඩිමෙන්ෂියා හැදිලා නැත්තම් තමුන් කළ දේ තමුන් දනී.
ගුණරත්න Wednesday, 16 April 2025 08:49 PM
මාලිමාවුන් ආණ්ඩුවේ බලයේ රස බලන්න පටන් අරන්. ඉස්සර කිවූ රසකතා දැන් අමතකයි...
Neela Wednesday, 16 April 2025 11:13 PM
ලැජ්ජයි. තෝරදෙණිය වැරැදි නැතිනම් රුපියල් මිලියන ගණනින් ගෙවා තම නීතිඥයා කර ගනීද?
Lalla Thursday, 17 April 2025 09:48 AM
ජනරාල්ගේ කිල්ලෝටේ හුණු තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද..?
ගුණරත්න Thursday, 17 April 2025 01:11 PM
ආණ්ඩුවේ ලොකු ලොක්කොත් ඉන්නවා 88 පව් වලට සම්බන්ධ, එත් මම හමුදා නිළධාරීන්ට දොස් කියන්නේ නැහැ. ඔවුන් පවු කලේ අපව ආරක්ෂා කරගන්න ගිහින්. මිනීමරු ත්‍රස්තවාදීන් රට වනසන කොට කවුරුහෝ වීරයෙක් ඉදිරිපත් වෙලා රට බේරාගන්න ඕන, බෝසත් ජීවිතයකින් රට බේරාගන්න බැහැ.