IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තේ ජාවාරම්කාර වසලයන් ඉහළම දඬුවම් දී රටින් පන්නමු

තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙළම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමග විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය කිලෝ 75ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වීමේ පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

ඉන්දියන් සාගරේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් නමුදු ලෝක සිතියමේ අබැටක් තරම් වන පුංචි දූපතක් වන ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට සමත් සම්පත් තොග වශයෙන් නැත. තේ, පොල්, රබර් ඒ අතරින් ප්‍රධාන විය. එහෙත් මකන කෑල්ලත් චීනයෙන් ආනයනය කිරීමට සිදුවන තරමට රබර් කර්මාන්තය නැත්තටම නැති වී ගියේය. පොල් කර්මාන්තයේ ඉරණම කොතෙක් බිහිසුණු ද යත් පොල් ගෙඩියක මිල විමසූ විට එලොව පොල් පෙනෙන තරම්ය. බරපතළ උවදුරු සහිතව වූවද තේ කර්මාන්තය අතීත ශ්‍රී විභූතිය යම් පමණකින් හෝ රැක ගැනීමට සමත්ව සිටී. ඒ ‘සිලෝන් ටී’ යන සන්නාමයේ ආනුභාවයෙනි.

ශ්‍රී ලංකාව හැඳින්වීමට පිටරැටියන් ‘සිලෝන් ටී’ යන සන්නාමය යොදා ගන්නා බව රහසක් නොවේ. සුද්දා ඉතිරි කර තබා ගිය වගාවක් වූව ද ‘සිලෝන් ටී’ දුගී අප රට සතු පරම ධනයක් විය. එහෙයින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගත යුතුය. ‘සිලෝන් ටී’ සතු කීර්ති නාමය ගලග්‍රහණයට ගන්නා ජාවාරම්කාර පාපකරයන්ගෙන් බේරා ගත යුතුය.

අප පුවත්පතට ප්‍රකාශයක් කරමින් සහකාර තේ කොමසාරිස් එම්.කේ. සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ තේ වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන කර්මාන්ත ශාලා 15ක් පමණ මේ වනවිට වසා දමා ඇති බවත් එහෙත් අධික ලාභයක් ලැබෙන නිසා දිගින් දිගටම එවැනි ක්‍රියා සිදුවන බවත්ය. තේ වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීම එක් ජාවාරමක් බවත් තේ වලට කසළ තේ මිශ්‍ර කිරීම තවත් ජාවාරමක් බවත් මෙහිදී අවධාරණය විය යුතුය.

ජාවාරම්කාර පාපතරයෝ මේ වස විස සහිත තේ දේශීය වෙළෙඳ පොළටත් විදේශීය වෙළෙඳපොළටත් මුදාහරිති. සහකාර තේ කොමසාරිස්වරයා පවසන්නේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ තේ පානය කිරීමෙන් මිනිසුන් දිගු කාලීන රෝගාබාධවලට ලක්වන බවය. මෙහි ඇත්තම තත්ත්වය නම් හඳුනා නොගත් රෝගවලින් මිනිසුන් මිය යාමේ ප්‍රවණතාව ඉහළ යාමය. අප රටේ මිනිසුන්ට අත්වී ඇති ඉරණම නම්, තමන් මිය යන්නේ කවර රෝගයක් හේතුවෙන් දැයි දැන ගැනීමට ද නොහැකි වීමය. මනුෂ්‍යත්වයේ අසරණකම සම්බන්ධයෙන් මෙයටත් වඩා නිදසුන් අවශ්‍ය නැත. උඩුනුවර වෙළම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාව සම්බන්ධ ප්‍රවෘත්තිය එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතු වන්නේ එහෙයිනි.

‘සංවිධානාත්මක අපරාධ කල්ලි’ යන යෙදුම සාමාන්‍යයෙන් යෙදෙන්නේ පාතාලයන් සම්බන්ධයෙනි. තේ කර්මාන්ත ශාලාවක අධිපති, සද්ගුණවත් ධන කුවේරක ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් එම යෙදුම නොයෙදවෙයි. එහෙත් සුදු කරපටි ජාවාරම්කරුවෝ ඒ අතර සිටිති. උඩුනුවර වෙළම්බඩ තේ කර්මාන්ත ශාලාව යනු එවන් සංවිධානාත්මක සුදු කරපටි අපරාධකරුවකුගේ රාජධානියකි.

අප ප්‍රවෘත්තියට අනුව මෙම කර්මාන්ත ශාලාව ප්‍රධාන මාර්ගයෙන් දුරස්ව ඇති බවත් පොලිසිය හෝ කිසිවකු එයට ඇතුළු වූවහොත් ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ප්‍රධාන මුර කුටිය හරහා විදුලි සංඥා මගින් ඒ බව කර්මාන්ත ශාලාවට ‘දැනුම් දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇති බවත් කියැවෙයි. ඔවුන්ගේ ඔත්තුකරුවන් දිවා රෑ දෙකෙහි නගරයේ සැරිසරන බවද සඳහන්ය. එම තත්ත්වය තුළ වෙස් වළාගෙන ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුරකුටියේ සිටි ආරක්ෂක නිලධාරියා සිය භාරයට ගෙන හොර රහසේම මෙම කර්මාන්ත ශාලාවට ඇතුළු වී මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙම කර්මාන්ත ශාලාවේ කසළ තේ කිලෝ ලක්ෂ ගණනින් ගබඩා කර ඇති බවත් ඒවාට රසායනික ද්‍රව්‍ය යොදා නිමි තේ ලෙස සකස් කරන්නට ඇතැයි සැක කරන බවත් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පවසන බවත්, ඒ හරහා ඔවුන් අධික ලාභ ලබන බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

රටේ නම ලොවේ කැත කරන, මිනිසුන් රෝගීන් බවට පත් කරන පාපතර ජාවාරමක් කූඩු කිරීමට ඉදිරිපත් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමය හිමි විය යුතුය. එමෙන්ම මෙම ජාවාරම්කරුවන්ට දිය හැකි ඉහළම දඬුවම් ලබාදිය යුතුය. එසේ නොවුණහොත් මෙරට ජනයාට මිය යාමට සිදුවන්නේ තමා මිය යන හේතුවවත් නොදැනය.

(***)



අදහස් (10)

තේ ජාවාරම්කාර වසලයන් ඉහළම දඬුවම් දී රටින් පන්නමු

රාජුන් Tuesday, 15 September 2020 06:06 AM

මම ඇසූ දෙයක් මගේ මිතුරෙකුගෙන්... ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ලාංකිකයින් බොහෝ දෙනෙක් ලංකාවේ තේ අතහැරලා ඕස්ට්‍රේලියාවේම වවා නිපදවන ලද නෙරාඩා කියන තේ වලට පුරුදු වෙලා කියලා. එම තේ කොළ පැකට්ටුවේ සහතික කර තියෙනවාලු තේ වැවීමේදී හෝ නිෂ්පාදනයේදී කිසිම වස විසක් එක් නොකරන බවට...

:       0       106

Bamunuarachchi Tuesday, 15 September 2020 06:34 AM

පන්නමු අවීචියට... පණපිටින් නොවේ.

:       1       42

Bandara Tuesday, 15 September 2020 06:56 AM

මේක කියපුවාම මතක් වුණේ අටලුගම...

:       1       118

Nuwan Tuesday, 15 September 2020 06:58 AM

ඔය වහ කලවම් කරන වැඩ කරන්නේ කාන්තාර සම්භවයක් තියෙන කට්ටිය. ඒ නිසා රටින් එළවන්න පුළුවන්.

:       1       290

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 15 September 2020 10:32 AM

කසල තේ ඇතුළු තේ කර්මාන්තයේ කෙරෙන බොහෝ දූෂිත ක්‍රියා ගැන වසර කිහිපයක සිට වරින්වර මා විසින් ලංකාදීප පුවත්පතේ ලිපි පළකොට ඇත. ඒ සඳහා ගරු කතුතුමා ඇතුළු කතු මඩුල්ල දුන් සහයෝගය ගැන එතුමන්ලාට ස්තුති කරමි. මෙම ඔන්ලයින් තීරයේ ද ඒ ගැන විටින් විට වටිනා තොරතුරු අදහස් හා රහස් පවසා ඇත්තෙමි. මේ වැටලීමටද ඒවා උපකාර වුණාදැයි නොදනිමි. සත්‍ය වශයෙන්ම ලිපියේ සඳහන් අයුරින්ම මේ හොර දෙටු තක්කඩියන් නීතියේ රැහැනට කොටු කොට එතැනින් නතර නොවී මොවුන් මෙරටින් පන්නා දැමිය යුතුයි. නොඑසේ නම්, තේ කර්මාන්තයට ඉන් ලැබෙන ආදායමට කණකොකා හඬන කාලය වැඩි ඈතක නොවේ.

:       0       527

පූජාTuesday, 15 September 2020 11:31 AM

සමිත, ඔයාගේ වටිනා අදහස් ඉතා අගේ කොට සලකමි. නිර්භයව ලීවාට ස්තූතියි.

:       0       226

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 15 September 2020 02:07 PM

ස්තූතියි.. පූජා, ඔයාට..

:       0       205

Prabha Tuesday, 15 September 2020 10:40 AM

ගම්පොල දෙවල්ගල කඩුගන්නාව අතර සිදුවන මෙම ව්‍යාපාරය එම ප්‍රදේශයේ අයට හසක් නොවේ. ඔය පැත්තේ තියෙන පොලිසි ටික ඉවත්කර එස්.ටී.එෆ්. කඳවුරු පිහිටවන්න ඕනේ..

:       1       98

damith Wednesday, 16 September 2020 01:13 AM

දවුලගල පැත්තේ ගෙවල් වල පවා ඔය වැඩේ කරනවා. එස් ටී එෆ් දැම්මත් වැඩක් නෑ දේශපාලකයන්ගේ උදව් තියෙනවා ඒ අයව අල්ලගත්තාම

:       1       46

fairoos Wednesday, 16 September 2020 12:59 PM

ලංකාවේ නම කැත කරනවාට දඬුවම මදි... ඒකයි මෙහෙම වෙන්නේ..

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1446 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1832 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5585 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1530 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5935 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5601 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17824 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site