IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තේ දල්ලෙන් දකුණ ජයකොඩි නංන්වයි

ශ්‍රී ලංකා තේ ඉතිහාසයේ  අමු තේ දලු කිලෝවක් සඳහා  කුඩා තේ වතු හිමියනට වැඩිම මුදලක් ගෙවීමට පහත රට ඇතැම් තේ කම්හල් හිමියෝ සමත් වී සිටිති.

 මේ අනුව ඔක්තෝබර් මාසය සදහා අමු තේ දලු කිලෝවකට රුපියල් 92.10 ක් කුඩා තේවතු හිමියනට ගෙවා ඇති බව  කළුබෝවිටියන සී ටී සී තේ කම්හලේ අධිකාරී ජනක තිලකරත්න මහතා පවසයි.

කළුබෝවිටියන තේ කම්හලේ නිෂ්පාදිත තේ කිලෝවක් සදහා  ශ්‍රී ලංකා තේ වෙන්දේසියේදී රුපියල් 688 ලැබු බවත් එය පහත රට තේ සදහා  තේ වෙන්දේසියේදී ලැබුණු  ඉහළම මිල  බවත්  තිලකරත්න මහතා කියයි.

කළුබෝවිටියන  තේ කම්හලට කුඩා තේ වතු හිමියන් 2100  දෙනකු  අමු තේ දලු සපයන අතර  විසි දහසක පමණ දෙනෙක් එයින් ප්‍රයෝජන ලබති.

පහත රට තේ නිෂ්පාදනයේ  නෙළුව මැද ගම තේ කම්හල වෙන අමු තේ දලු සපයන කුඩා තේ වතු  හිමියන් සදහා අමු තේ දලු කිලෝවක් සදහා  රුපියල් 84.50 ක මුදලක් හිනිදුම හීන්ගල්ගොඩ තේ කම්හල අමු තේ දලු කිලෝවකට රුපියල් 86.00 ක්ද නෙළුව මාවනාන සුවිස්කා තේ කම්හල දලු තේ කිලෝවකට රුපියල් 83.00 ක්ද තවලම සිහාරා තේ කම්හල රුපියල් 83.00 ගෙවා ඇති බව එම කම්හලේ අධිකාරිවරු පැවසුහ.

අමු තේ දලු සදහා රුපියල් 80 ක් 92 ක් දක්වා මිලක්  ලැබෙයි.

 



අදහස් (0)

තේ දල්ලෙන් දකුණ ජයකොඩි නංන්වයි

ශාන්ත Thursday, 07 November 2013 04:00 PM

කුමාර, ඔය මේ ගණන් හිලව් බලන්නේ මොකද? ඔයා ආර්ථික සංවර්ධනයෙන්ද ? තේ එකක් බීල වැඩක් බලාගෙන ඉන්නවා හලෝ. (ස)

:       0       0

චන්දි Thursday, 07 November 2013 04:25 PM

දුප්පතාගේ හිතවතා සි ටි සි කම්හලේ තිලකරත්න මහතාය..!! මේ අපේ වන්නි තිලක් රත්නද....? ගොඩක් දැවිල්ලට බත් කාල ඉගුරු දාලා උණු උණු තේ එකක් බොන කොට කොහොමද රසේ..!! හ්ම් හ්ම්ම් කියල වැඩක් නැහැ .. (ස)

:       0       0

ඉර්ෆාන් - ඇමෙරිකාව Thursday, 07 November 2013 11:57 PM

අමිල කටුනායක, > ඉස්සර නෙමෙයි දැනුත් ලංකාවෙන් ඇමෙරිකාවට කොහුබත් එවනවා. ගිය අව්රුද්දෙ කොහු බත් අපනයන කරුවෙකුට සම්මානයකුත් ලැබුන, ලංකාවේ කොහුබත් වලින් ඇමෙරිකාවේ හතු වගාවන් ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. (දී)

:       0       0

නුවන් Thursday, 07 November 2013 05:09 PM

100ක් ගෙවුවත් පවු විදින දුක දැක්කම.වර්ෂාව කියලා නිකන් ඉන්න බැහැ.දළු මෝරනවා.කූඩැල්ලන්.ගමනක් බිමනක් යන්න වෙලාවක් නැහැ.තේ කෑල්ලෙම තමයි ජිවිතේ.තව වැඩිවේවා! (නි)

:       0       0

චමින් Thursday, 07 November 2013 06:38 PM

උඩුනුවර අපේ තේ වලට නම් තාම ගෙවන්නේ රුපියල් 57.00-59.00 යි. වතුර තිබ්බත් නැතත් 4%-5% මුළු තොග බරෙන් කපනවාමයි.කොච්චර හොඳට දුන්නත් ආයේ තව 1%-2% ක් දළු පැසී තිබීමට පුළුවන් කියා කපනවා. ග්‍රෑම් 300ක් වත් බර නැති දළුගෝනි වලට කිලෝ 1ක් කපනවා. කිලෝ 1.4 ක් බර ප්ලාස්ටික් කූඩ වලට කිලෝ 2ක් කපනවා. කිරනකොට කිලෝ 1ක් අඩු කරනවා. ග්‍රෑම් 1000 ට අඩු බර ගණන් ගන්නේත් නැහැ. හරිම අසාධාරණයි. අන්තිමට පාඩුයි. ඔක්කොම මුස්ලිම් ව්‍යාපාරිකයෝ තමයි දළු ගන්නේ. ඒ අයම තමයි ෆැක්ටරිකාරයෝ. පුළුවන් නම් ප්‍රමිතියක් සහ නීතියක් පනවලා දෙන්න බර සදහා. පින්සිදු වෙයි. ප්‍රාදේශීය සභා සහ තේ සමිති ගණන් ගන්නේ නැහැ. වැඩක් නැහැ. ඔවුන්ට කළ හැකි දෙයකුත් නැහැ. (නි)

:       0       0

වන්නි තිලක් Thursday, 07 November 2013 06:39 PM

නුවන්, ඔබ හරි. මගේ ළඟත් කිහිප දෙනෙක් දළු කඩනවා. මම ඔවුන්ට සළකන්නේ සේවකයෝ කියන මට්ටමින් නොවෙයි. සර්පයෝ කූඩැල්ලෝ අවු වැසි දුක බඩගින්න සමග ඔවුන් කරන සටන ගැන මට හරිම දුකයි. මගේ සේවකයින්ට මම වැටුපට අමතරව දුකට සැපට හොයලා බලනවා. ලද දෙයින් සතුටු වීම මගේ අරමුණයි. තණ්හාවට ගොඩ ගහගන්න මට ඕනෑ නැහැ. (නි)

:       0       0

අශාන් Thursday, 07 November 2013 06:48 PM

කෝ මේ සුද්දන්ට බැනපු කට්ටිය? අපිට ඉතුරුවෙලා තියෙන්නේ සුද්දා ගෙනාපු තේ ගහයි, රේල් පාරවල් ටිකයි විතරයි. වෙන මොනවද තියෙන්නේ? සුද්දා ඒකත් නොකළා නම් අපි අද ඉතියොපියාවට වඩා හපන්.මොකද පාලකයො ගසා කන විදියට, පහතරට සාමාන්‍ය මිනිස්සු යන්තම් හරි ඔලුව උස්සාගෙන ඉන්නේ මේ තේ දල්ලට පිං සිද්ධ වෙන්න (නි)

:       0       0

චින්තක Thursday, 07 November 2013 07:23 PM

කුමාර, පහතරට කහට වැඩි තේ වලට ඉල්ලුම මේ දවස් වල වැඩියි. වැඩි මිලක් ලැබෙනවා. උඩරට සාමාන්‍ය තේ වලට ලැබෙන්නේ අඩු මිලක්. නමුත් විශේෂ තේ වර්ග වලට නම් මිල වැඩියි. මම හිතන්නේ කහට වැඩි තේ අපෙන් අරන් කෙන්යාවේ , ඉන්දියාවේ බාල තේ වලට කලවම් කරනවා ඇති. 2013 වැස්ස වැඩි වසරක් නිසා රබර් හිමියන්ට නම් අන්තිම පාඩුලු. සමහරු පරණ රබර් ගලවලා තේ දානවා (නි)

:       0       0

පහතරට Thursday, 07 November 2013 08:03 PM

ඇත්තටම ඔහොම මිලක් ලැබෙනවා කියන්නේ නියමම තමයි.අපේ ගෙවල් යැපෙන්නේ ඔය තේ වලින් නිසා ඔය මිලවත් හුග කාලයක් වෙනස් නොවී තිබේවා! ජයවේවා! (නි)

:       0       0

ශාන්ත Thursday, 07 November 2013 02:47 PM

තේ පැන් දින දින වැඩි වැඩියේ ,,,,, බීමෙන් සිරුරට සැප වැඩිවේ (නදී)

:       0       0

අමිල - කටුනායක Thursday, 07 November 2013 03:03 PM

ඒ උනත් ලංකා තේ වලට ලැබිය යුතු තැන වෙන සමාගම් නිසා නැති වෙනවා. අපේ ප්‍රතිරූපය නැවත ඇති කර ගත යුතුයි.ඉස්සර නම් ලංකාවෙ කොහු බත් හිටන් රට යවල තියෙනවලු. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 08 November 2013 08:33 AM

ඉර්ෆාන්, ස්තූතියි ඔබගේ දැනුවත් කිරීමට (නි)

:       0       0

කුමාර Thursday, 07 November 2013 09:52 PM

( ශාන්ත මහතා වෙත ) මාතලේ අපේ තේ වලට කිලෝ එකකට උපරිම ගෙවන්නේ රු 62.50 විතර . එකය් ගණන් ඇහුවේ . අලුතෙන් වැඩි වෙලාද දන්නේ නැහැනේ අපි නොදැනුවත්ව . (දී)

:       0       0

කුමාර Thursday, 07 November 2013 03:33 PM

උඩරට තේ කිලෝ එකක් කීයද ?? මාතලේ තේ කිලෝ එකක් කීයද ?? (ස)

:       0       0

චින්තක Thursday, 07 November 2013 10:19 PM

අපටනම් තාම ඔය කියන තරම් ඉහල මිලක් ලැබුනේ නෑ දැනට ලැබුන ඉහලම මිල රුපියල් 74 අමු තේ දළු කිලෝවකට තේ මිලත් මුහුදු රළ වගේ විටක වැඩි වෙලා විටෙක පහල මිලක රැදෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 142 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 273 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 614 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 359 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 538 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 513 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site