IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දික්කුඹුර විදුහලේ විදුහල්පති අත්අඩංගුවට

රත්තොට දිකුකුඹුර විදුහලේදී අඹ ගසකින් වැටී සිසුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ  විදුහල්පතිවරයා  අද සවස  සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලීසිය කියයි.

ඉකුත්  සිකුරාදා (27)  පාසල්වත්තේ අඹ  ගසකින් ඇද වැටී බරපලත තුවාල ලබා මිය ගිය මාතලේ රත්තොට දික්කුඹුර විද්‍යාලයයයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු කසුන් බුද්ධික රණතුංග සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් කිහිප දෙනකුගෙන් ලබා ගත් සාක්කි මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු හෙට (01) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

දික්කුඹුර විදුහලේ විදුහල්පති අත්අඩංගුවට

යොහාන් Tuesday, 01 July 2014 11:03 AM

පාසැල් තුල වන සියලු අනතුරු වලට විදුහල්පති වරුන් ගාවගන්න එපා . නමුත් ඔවුන්ට වගකීමක් ඇත. සිද්දිය සිදුවන වෙලාවේ විදුහල්පති සිටියේ පින්නවල නම් වගකීම ඇත්තේ වැඩ බලන විදුහල්පතිට නොවේද ? (නදී)

:       0       0

ජනක් Tuesday, 01 July 2014 11:06 AM

මෙතුමා හිටියේ පින්නවලනේ. (නදී)

:       0       0

පද්මිණි Tuesday, 01 July 2014 11:33 AM

පොලිසිය අත්‍ අඩංගුවට ගන්නේ සැකය උඩ. මේ අඹ කාලෙ නේද? මේ ළමයට කලින් නියම කරලා පින්නවල ගියා වෙන්ට බැරිද? (ස)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 01 July 2014 11:48 AM

පින්නවලට සුද්දෝ එනවා හෝ ගාලා..අපි කොහොමද දන්නේ සතුන්ට අඹ දානයක් දෙන්න ගියාද ? ඉස්කෝලේ වත්තේ අඹ සුද්දන්ට විකුණන්න ගියාද ? කියලා. (ස)

:       0       0

මානගේ Monday, 30 June 2014 09:46 PM

මේ සිද්ඩිය වෙද්දී මෙතුමා හිටියේ පින්නවල කිව්වා නේද? (දී)

:       0       0

දිමුතු Monday, 30 June 2014 10:40 PM

දැන්නං ගුරුවරුන්ගෙ කල්කිරියාව අන්තිමයි. (දී)

:       0       0

නිලන්ක Monday, 30 June 2014 11:30 PM

මේ ළමයාට අඹ කඩන්න ගහට නඟින්න කියලා තියෙන්නේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටිගල Tuesday, 01 July 2014 01:04 PM

විදුහලේ වගකිවයුතු කෙනෙක් මේ දරුවා ගසට නග්ගලා. වැටුනට පස්සේ බිම ලේ පැල්ලම් තිබිලා. අඹ එකතු කරන්න ගෙනා කූඩයත් අසල කැලෑවකට වීසි කරලා. ඒ නිසා විදුහල්පති අත් අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කරන එක තමයි කරන්න තියෙන්නේ. අනික් බලා සිටි ළමයි කියාවි හරියටම වුණේ මොකක්ද කියලා.(දිල්)

:       0       0

වසන්ත Tuesday, 01 July 2014 12:16 AM

දැන් ඉන්න ගොඩක් විදුහල්පතිවරුන් ගැන කතාකරලත් වැඩක් නැහැ (නි)

:       0       0

පිටිගල Tuesday, 01 July 2014 12:23 AM

පාසල් වත්තේ තිබෙන ගස් ටික කපා දමමුද? මේ ළමයා බලහත්කාරයෙන් කවුරුන් විසින් හෝ ගහට නැග්ගුවාද? විදුහල්පති සැකපිට අත්අඩංගුවට ගන්න හේතුව මොකක්ද? (නි)

:       0       0

සත්‍යා Tuesday, 01 July 2014 02:07 AM

පාසැල් කාලය තුළදී ළමුන්ව ආරක්ෂා කිරීමේ නීතිමය ක්‍රියාදාමයකට විදුහල්පතිවරුන් ඇතුළත් වෙනවා. දැන් දැන් අසන්නට ලැබෙන දේවල් වලට අනුව තත්ත්වය බොහොම කණගාටුදායකයි. (නි)

:       0       0

නිර්මාල් Tuesday, 01 July 2014 03:08 PM

විදුහල් පති වරයාගෙන් වරදක් සිදුවී ඇති බව පේනවා වගකීම පැහැර ඇරලා (දී)

:       0       0

කුමාර Tuesday, 01 July 2014 03:13 AM

කවුරු වැරදිදි කවුරු හරිද කියා අපි නොදනිමු. තීන්දුව ලැබෙනතුරු අපි බලාසිටිමු (නි)

:       0       0

නිමල් Tuesday, 01 July 2014 03:08 PM

ගුරුවරුන්ට අාගමික නායකයින්ට සමාජයේ වැදගත් අයට බනින විට දොස් කියන විට පරෙස්සම් වන්න. බාල පරපුර ඔවුන් විශ්වාස කරන ඒක ඔවුන්ට ගරු කරන ඒක නැති වූ දාට කාට කාටත් දෙවියන්ගේම පිහිට යි. මම නම් ඒවැනි අයෙගන් වරදක් වූ විට පුද්ගලයා මිස නිලය තනතුර විෙව්චනය කරන්නෙ නැහ. ඒ් මගේ දරුවන් යහමග යවන්න පුලුවන් ඔවුන්ට විතරක් නිසා. (දී)

:       0       0

කමනි Tuesday, 01 July 2014 06:18 AM

නිවසින් පිටත්වන දරුවා පාසැල තුළ සිටින කාලය තුළ ඔහුගේ වගකීම පැවරෙන්නේ පාසැල් ප්‍රධානීන්ට. (නි)

:       0       0

මහේෂ් Tuesday, 01 July 2014 08:17 AM

දැන් ඉන්නෙ කර්නල්ලානෙ, දිසාපාමොක්ලා නැහැ. (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 01 July 2014 07:14 PM

නොදනිමි කාගේ දොසා (දී)

:       0       0

රංග Tuesday, 01 July 2014 09:03 AM

කාට හරි දොළ දුකක් හැදුනද ? (නදී)

:       0       0

කුමාර Tuesday, 01 July 2014 09:12 AM

කව්ද දන්නෙ ලමයා හොරෙන් ගහට නැගලාද, ගුරු උපදෙස් පිට ගහට නැග්ගද කියලා. හරියට කාරණා නොදැන ප්‍රතිචාර දාන අය (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 July 2014 09:17 AM

අගක් මුලක් නොදැන මේවට හු මිටි දෙන්න දෙන්න දන්නේ නැහැ. නමුත් ගුරුවරුන්ටම දොස් පවරන එකත් සාදාරන නැහැ නේද. (නදී)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 01 July 2014 09:47 AM

දැන් පාසැල් වල විනය නීති පිරිහිලා. අපේ පාසැල් කාල වකවානු දිහා බලපුවහම දැන් ඉන්න ගුරුවරු ගැන කලකිරීමක් විතරයි අතිවෙන්නෙ. අපේ පාසල් වත්තෙත් හොදට පිරිනු ගිරා අඹ ගහක් තිබුනා. අපට ගහ දිහා බලන්නත් තහනම්. උදෙන්ම අවිල්ලා වැටුනු අඹ ගෙඩියක් අහුලා ගත්තොත් මිස.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 241 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1931 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 226 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 876 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1006 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1228 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37579 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24767 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site