IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


'දුකා'ගේ සොඳුරු ආඥාව

2016-12-29-ent-98

අපේ ආරේ දේශීයත්වය, සංස්කෘතිය සිය ජීවිතයේ කලාව ලෙස කැටිකොට ගත් අපේකම එක්ක අපට මුණ ගැහෙන සොඳුරු මිනිසා වසන්ත දුක්ගන්නාරාල සඳැල්ල අපි අද කතාබහට එකතු කරගන්න හිතුවා.

2016-12-29-ent-95ඒකට සුවිශේෂී හේතුවක් තියෙනවා. වේදිකා නාට්‍ය කලාවත් එක්ක දුකා අමුතු තාලේ වැඩක් පටන් අරන් කියලා ආරංචි වුණා. මේ සියල්ලම එක්ක අපි ඔහුව කතාබහට එකතු කර ගන්නේ මේ විදියට.

 

නාට්‍යකරුවෝ ගෙන්නලා මොකක්ද කරන්න හදන වැඬේ කියලා කියමු?

මුලින්ම සංවාදයක් ගෙනියන්න තරම් වැඩසටහනක් ෂඔභ එකේ ඉරිදා උදේ කාලයේ නොතිබුණු නිසා චන්දන තිලකරත්න මහත්තයා මට ආරාධනා කළා අපි නාට්‍යකරුවන් එක්ක පැය දෙකක රසවින්දනාත්මක වැඩක් කරමුද කියලා. මටත් ඒක කිව්වාම ලොකු ආසාවක් ඇති වුණා. මම ඒක භාරගත්තා. මේ වැඩසටහන ඔය හැම වෙලාවෙම නළු නිළියො ගෙන්නලා විරිත්තන වැඩසටහන්වලට වඩා හාත්පසින්ම වෙනස් වැඩසටහනක්.

 

කොහොමද වැඩසටහනට ලැබෙන ප‍්‍රතිචාර?

මාස තුනයි වැඩසටහන පටන් අරගෙන. කියන්න සතුටුයි අපි වටා ලොකු පේ‍්‍රක්ෂක පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඒක සමීක්ෂණ වාර්තාවලින් පවා පෙන්නලා තියෙනවා.

ඇත්තටම මේකේ වෙන්නේ අපි හැම සතියකම ප‍්‍රධාන නාට්‍යකරුවෙක් ගෙන්නලා එයාගේ නාට්‍ය ජීවිතේ සහ නාට්‍ය ඉතිහාසය, අපි නොදන්න රසවත් තැන් සහ ඊට අමතරව ඒ නාට්‍යවලින් ජවනිකා කිහිපයක් අරගෙන සජීවී ලෙසම රඟපාලා අපි පෙන්වනවා. සජීවී රඟදැක්වීම සඳහා අපි තවත් නළු නිළි පිරිසකුත් ගෙන්වනවා.

 

වැඩසටහන ”සොඳුරු ආඥාව” නමින් නම්කරන්න හිතුවෙ ඇයි?

සුගතපාල සිල්වගේ පොත අනුව සොඳුරු ආඥාදායකයා කියන්නේ නාට්‍යකරුවන්ටනේ. ඒ නිසා මේ වැඩසටහනට සොඳුරු ආඥාව කියලා නම දාන්න හිතුවා. ලොකු කණ්ඩායමක් එක්ක කරන සොඳුරු වින්දනාත්මක වැඩක්නෙ.

 

මේ වගේ වැඩසටහනක් කරන්න හිතුණේ ඇයි?

මේක ලොකු හිඩසක් තිබුණ දෙයක්. අපේ ලංකාවේ හැම කලාවකටම විසිරිලා ඉන්නේ වේදිකාවෙන් අපු අය. ගායනය පැත්තෙන් ඇරෙන්න සියලූ ප‍්‍රාසාංගික කලාවල, සිනමාවේ, ටෙලි නාට්‍ය වැනි රසවින්දනාත්මක ක්ෂේත‍්‍ර කිහිපයේම ඉන්නේ වේදිකාවෙන් බිහිවුණ අය. නාට්‍යකරුවෝ කියලා ගෙන්නන ගොඩක් අය සිනමාවේ, ටෙලි නාට්‍ය කලාවේ ජනප‍්‍රිය තරු. රසික ප‍්‍රජාව මේ තරුවලට ආසයි. ඒ නිසා එයාලගේ දක්ෂතා සජීවීව දකින්න තමයි සොඳුරු ආඥාව කරන්නේ. තවදෙයක් අද ගොඩක් වැඩසටහන්වලට කලාකරුවෝ ගෙන්නලා අහන්නේ කන්න ආස මොනවද? ගාන සබන් මොනවද? කියලනේ. මේ වැඩසටහන ඊට හාත්පසින්ම වෙනස්. මේක බොහොම විනෝදයෙන් වේදිකා නාට්‍යවල සුන්දර මතකය එක්ක ගත කරන පැය දෙකක්. ගොඩක් වැඩසටහන්, පවත්වන්නේ සල්ලි දීලා අහන්න, බලන්න, එස්.එම්.එස්. මනාප දෙන තරගයක් වගේ. ඒත් අපි මේක කරන්නේ මිනිසුන්ට රසවිඳින්න.

 

මේ විදිහට නාට්‍ය කරුවො ගෙන්නලා පේ‍්‍රක්ෂකයාට දෙන්න හදන්නේ මොකක්ද?

රසය සහ ගුණය, ගොඩක් වැඩසටහන්වල රසය තිබුණාට ගුණය අඩුයි. මේක නාට්‍ය හා රංග කලාව උගන්වන වැඩසටහනක් නෙවෙයි. අද ගොඩක් අයට වේදිකා නාට්‍ය ගිහින් බලන්න වෙලාවක් නැහැ. ඒවා දැකලා නැති අයට කොටස් වශයෙන් හරි මේ වැඩසටහන් බලන්න පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි නාට්‍ය හා රංග කලාව කියන විෂය ආචාර්ය උපාධිය දක්වා කරන දරුවන්ට මේ වැඩසටහනින් හොඳ දැනුමක් ලබා ගන්නත් පුළුවන්.

 

වැඩසටහන අතරතුර වෙච්චි රසවත් තැනුත් ඇති නේද?

ඇත්තටම වැඩසටහන විකාශය වන හැම දවසක්ම කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ වැඩසටහන සජීවීව යන නිසා මම සතියේ මුණ ගැහෙන නාට්‍යකරුව සමග කලින්, සාකච්ඡුා කරලා තමයි එදාට මුණ ගැහෙන්නේ. සමහර නාට්‍යකරුවො ඉන්නව පුදුම අමතකවීම් වෙනවා. ඒ වගේ පසුගිය දවසක මාර වැඩක් වුණා.

”දවසක් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගේ ගෙදර ගිහින් පොඩි මදුවිතකුත් පානය කරලා වැඩසටහන කෙරෙන විදිය ප්ලෑන් කරලා එදාට එනකොට නාට්‍යයට අවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයකුත් සහ පොත් කිහිපයකුත් එතුමාට මතක ඇතුව ගේන්න කියලා කිව්වා. මදුවිතේ සැරටද මන්දා හැම එකකටම ”හරි හරි” ”හරි හරි” කියලා පොරොන්දු වුණා. ඔන්න ඉතින් වැඩසටහනට ආවා. වැඩසටහන කරගෙන යන අතරතුරදී ජයන්ත ගේන්න කියපු බඩු කෝ කියලා ඇහුවාම එකින් එකටම කියපු එකම වචනේ තමයි ”මළා මතක නැති වුණානේ කියන වචනය. වැඩසටහන නතර කරන්න බැහැනේ. කොහොමින් කොහොම හරි යන්තන් එදා වැඩසටහන ඇදගෙන ගියා. ඒ වගේ අමතක නොවන සිදුවීම් අතරේ හරි සුන්දර මතකයනුත් තියෙනවා.

 

එහෙනම් කියමුකෝ සුන්දර කතාවකුත්?

එක් වැඩසටහනක් අතරතුරේ නාට්‍ය ජවනිකාවකට වසන්ත විට්ටච්චිට වේදිකාවට එන්න තිබුණා බීමත් චරිතයකින්. අපි කියන තැනට කලින් වසන්ත බීමත් චරිතයෙන් වේදිකාවට ආවා. ඒ වෙලාවේ මම ”බීගෙන එනවා මෙතන කියලා” කැමරා රාමුවෙන් එළියට තල්ලූකරලා නැවත සාකච්ඡුාවට ගිහින් නියම තැනදි වසන්තව වේදිකාවට ගත්තා. ඒක අපිට දැනුණේ නැති වුණාට පේ‍්‍රක්ෂකයා ඒක හොඳට දැකලා. පසුගිය සතියේ මම සීගිරියේ පැත්තේ ගිය වෙලාවේ පේ‍්‍රක්ෂකයෙක් මගෙන් ඇහුවා අර වසන්ත විට්ටච්චි මහත්තයා නිතරම බීලානේද ඉන්නේ කියලා. මම කිව්වා ඉතින් රසවත් මිනිස්සුනේ බොනවා ඇති කියලා. ඒ රසිකයා මට කියනවා නෑ නෑ එදා වැඩසටහනට උදේම ඇවිල්ලා තිබුණේ බීලා නේද කියලා. මට එතකොටයි සිද්ධිය මතක් වුණේ. ඒ වගේ ගොඩක් අය හිතලා තියෙන්නේ වසන්ත ඇත්තටම බීලා ඇවිල්ලා කියලා. ඒ වගේ හරි සුන්දර කතා වගේම මඩ පාරවල් සිද්ධි ගොඩක් තියෙනවා. වසන්ත බීපු චරිතය රඟපාන්න ගිහින් ඇත්තට බීලා කියලා මඩපාරකුත් වැදුණා.

 

දැන්ට නාට්‍යකරුවෝ කීදෙනෙක් විතර ගෙන්නලා තියෙනවද?

දැනට නාට්‍යකරුවෝ දහතුන්දෙනෙක් ගෙන්නලා තියෙනවා. ඉදිරියේදී විශේෂ වැඩසටහනක් කරනවා අපි අතරින් හදිසියේ වෙන්වෙලා ගිය වේදිකාවේ ආලෝකය විජය නන්දසිරි මහත්මයා අනුස්මරණය කරලා දේවිකා මිහිරාණි ඔහුගේ පුත‍්‍ර රත්නය ඇතුළු පිරිස ගෙන්වලා. ඔහු රඟපෑ නාට්‍ය ගැන කතා කරන්න. ඒ වගේම ලංකාවේ ඉන්න ප‍්‍රකට නාට්‍යකරුවන් සියල්ලම ඉදිරියේදී සොඳුරු ආඥාවේ ඉඩකඩ දෙන්න අපි සූදානමින් ඉන්නවා.

 

නාට්‍ය ගැන කතාකරද්දී වර්තමානයේ නාට්‍ය ගැන කතා නොකරම බැහැ එහෙම නේද?

ඇත්තටම ඔව්. කියන්න සතුටුයි වසර කිහිපයක ඉඳලා ගත්තම අද වෙනකොට නාට්‍ය කලාවේ ප‍්‍රගුණතාවයක් තියෙනවා. රාජිත දිසානායක, ධර්මප‍්‍රිය ඩයස්, සරත් කොතලාවල, ජයන්ත චන්ද්‍රසිරි හොඳ නිර්මාණ රාශියක් බිහිවෙලා තියෙනවා. ඒ අතර මෙලෝ රහක් නැති නාට්‍යත් තියෙනවා. බහුතරයක් ගත්තම 70, 80 දශකයේ වගේ නාට්‍ය ශාලාවල දැන් සෙනග ඉන්නවා. ඒ වගේ චිත‍්‍රපටි, ටෙලිනාට්‍ය තරුණ පරම්පරාව සහ ප‍්‍රවීණ අය වේදිකාවේ දකින්න ලැබීමත් සතුටක්.

ඒ වගේම අලූතින් වේදිකාවට එන පරම්පරාවේ අති දක්ෂතා පිරිසකුත් ඉන්නවා. ඒ අයගේ පුංචි පුංචි දුර්වලකම් තිබුණත් මම ඒ තරුණ දරුවන්ගේ නරක පැත්ත දකින්න, විවේචනය කරන්න කැමති නැහැ. අපේ නාට්‍ය කලාවට දක්ෂ පරපුරක් ඉන්නවා ඉදිරියේදී නාට්‍ය කලාවට හොඳ කාලයක් උදාවේවි කියලා විශ්වාසයි.

 

නදීශා අතුකෝරළ

 

2016-12-29-ent-97
2016-12-29-ent-96



අදහස් (0)

'දුකා'ගේ සොඳුරු ආඥාව

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 2 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 224 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5040 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4193 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6817 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 947 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site