IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දංකොටුවේ ව්‍යාපාරිකයා ඇතුළු පහක් සැකපිට

දංකොටුවේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට දංකොටුවේ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනෙක් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දංකොටුව බුජ්ජම්පොළ ඉරබඩගම ප්‍රදේශයේ කොස්හේන මාර්ගයේ ගිනි ගත් රියේ මියගිය පිරිස අතර වෑන් රථය අයත් කල්බදු සමාගමේ රියදුරකු වන ‘නේවි කපිල‘ නොහොත් පන්නල මාකඳුරේ කපිල බණ්ඩාර හා මාකඳුරේ දෙයියා ද තවත් පුද්ගලයකු ද මියගිය පිරිස අතර සිටිතියි පොලිස් අරංචි කියයි.

ඉන් සිව් දෙනෙක්ම එම ව්‍යාපාරිකයා ළඟ සේවය කළ අය බව කියති. වෑන් රථයේ දී මිය ගිය අය ලෙස නේවි කපිල, පෑලියගොඩ නීල්, කටානේ ක්‍රිෂාන්ත සූප්පුවා සිටි බවට පොලිසිය සැක කරයි.

ව්‍යාපාරිකයාගෙන් මාස්පතා කප්පම් කෑ පිරිසක් සිටි බවද සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා (28) මාරවිල පොලිසියට බාර වීමෙන් පසු වැදගත් තොරතුරු රැසක් ම සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත. කොන්ත්‍රාත්කරුවකු ද බව කියන ව්‍යාපාරිකයාගෙන් රුපියල් 40,000 ක කප්පමක් මාස්පතා මාස හයකට වැඩි කාලයක් ලබාගෙන ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

යකඩ පොලු පහරින් මැරුම් කෑ බව කියන පස් දෙනා මරණයට පැයකට දෙකකට පමණ පෙර මත්පැන් සාදයකට හවුල්කරවා ගත් අයකුගේ තොරතුරු ද පොලිසියට ලැබී ඇත. මුලින්ම මැරුම් කන්නට ඇත්තේ වෑන් රියදුරා බවත් ඒ අවස්ථාවේ වෑන් රියේ කැසට් යන්ත්‍රය උපරිම හඬින් වාදනය වූ බවත් කියති. සියලු සිරුරු ගිනි තැබීමට පෙට්‍රල් දමන්නට ඇතැයිද කියති.

රහස් පරීක්ෂක කණ්ඩායම් හයක් මේ සම්න්ධයෙන් පරීක්ෂණ පවත්වයි.        

මෙය  ගම්පහ ප්‍රදේශයේ පස් කැපීමේ ජාවාරමක් සිදුවීමකට සම්බන්ධ බවට සැකයක් තිබුණත් ඒ හා සම්බන්ධ වැඩිදුර තොරතුරු කිසිවක් නැතැයි පොලිස් නිලධාරියෙක් පවසයි.

නේවි කපිලට විරුද්ධව නඩු හයක් පවතින බවත් පන්නල පොලිසියේ ඔහුට විරුද්ධව ස්ත්‍රී දුෂණ දෙකක් සම්බන්ධ පැමිණිලි තිබෙන බවත් පොලිසිය පවසයි.    

දැඩි ලෙස පිළිස්සු තිබු සිරුරු මේ වන විට මීගමුව මහ රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කොට ඇති අතර මළ සිරුරු කිසිවෙක් හඳුනා නොගැනීම නිසා සඳදා (14) පශ්චාත් මරණ පරික්ෂණය පැවත්වීමට නියමිත බව මීගමු රෝහල් අරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඝාතනය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බව පොලිසිය සැක කරයි.

van_201631368



අදහස් (0)

දංකොටුවේ ව්‍යාපාරිකයා ඇතුළු පහක් සැකපිට

සමන් කුමාර Sunday, 13 March 2016 07:43 AM

බොහොම සන්තෝසයි (බ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 13 March 2016 07:51 AM

සිරිමල් මහත්මය - මමත් ඔබේ අදහස් හා එකගයි. මෙවැනි මූල්‍ය ආයතන ඔවුන්ගේ වාහන පවරාගැනීම් සඳහා පාතාල සහ නමගිය අපරාධකරුවන් තමා භාවිත කරන්නේ. වාරික 1ක් හෝ 2ක් ගෙවීම් හිඟ වන අවස්ථාවන්හි ඒ ගෙවීම් පාරිභෝගිකයගෙන් ලබා ගැනීමට වෙනත් විකල්පයක් සෙවිය යුතුයි. (බ)

:       0       0

ෂෙහාන් අමරසිංහ Sunday, 13 March 2016 07:55 AM

මෙතන කොමෙන්ට්ස් දාපු අයවැඩි හරියක් මේ ගැන ආණ්ඩුවට වචනයක් කියලන.බලන්න තිබ්බ ඉස්සර මෙහෙම වුනහම මහින්දයි ගෝඨයි පට්ට ගහපු හැටි.දැන් වෙනස ලැබිලානේ තියෙන්නේ, බලන්නකෝ අවුරුද්දක් යනකොට තව. (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 13 March 2016 07:56 AM

තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් ඉන්න රටේ පලවෙනි වතාවට දෙයියකුත් පාතාලේට සහභාගි වුණේ කොහොමද? (බ)

:       0       0

බණ්ඩාර Sunday, 13 March 2016 08:35 AM

යල්පැනගිය නීතිය ඉවත්කර අපරාධකරුවන්ට අරාබි නීතියට සමාන නීතියක් ගෙන ආයුතුය. අප අපේ දියණිය,බිරිඳ අපරාධකාරයන්ගෙන් රැකගන්න දැඩි මානසික වෙහෙසක නිරතවන්නේ මේ යල්පැනගිය නීතිය නිසාය (නි)

:       0       0

සරත් Sunday, 13 March 2016 08:32 AM

අවිගත්තෝ අවියෙන්ම නැසුනේ ඉස්සර. දැන් අවිගත්තෝ දේශපාලකයෝ රකිති (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Sunday, 13 March 2016 05:18 PM

අපේ හිමිවරුන් ජාතිය සහ ආගම වෙනුවෙන් සටන් කිරීම මඳකට නවතා, අපේම සිංහල බෞද්ධයන් වන එහෙත් අධම ලෙස ජීවත්වන අය යහමඟට ගැනීමට කටයුතු කරනවා නම්, මේ වගේ දේවල් අවම කරගත හැක (නි)

:       0       0

සුසන්ත Monday, 14 March 2016 04:40 AM

පිනැස් කාරයො අහිංසක මනුස්සයන්ට කරන අසාධාරණකම් වලට පාතාලය හවුල් කරගන්නවට හොදවැඩේ (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 13 March 2016 08:41 AM

මේකද දැන් ලංකාවේ තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය? අනේ රටකට ගිය කල! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 13 March 2016 08:42 AM

කාංචන, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනා ඇත්ත කීවාට. (බ)

:       0       0

මිලින්ද Sunday, 13 March 2016 08:54 AM

වාහනේ තුල මියගිය මිනිස්සු කර ඇති දේ අනුව ප්‍රතිපල ඉක්මනටම ලැබී ඇතත් මේ අය මෙසේ ඉක්මනින් අතුරුදහන් කරවීමෙන් සමහර දුෂිත දේශපාලකයන්ගේ යම් ක්‍රියා වල සාක්ෂිද වැලලෙන්න පුළුවන්.(හේ)

:       0       0

බෙනට් Monday, 14 March 2016 04:47 AM

ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක හැම නගරයකම සිදුවෙනවා .. මේක නවත්වන්න ක්‍රමයක් මේ රටට ඕන ..මාළු කඩේ , මස් කඩේ , එළවලු ලෑල්ල , බස් නැවතුම්පොළ , රෙස්ටුරන්ට් එක වගේ පොඩි තැන ඉඳල ඉහලට යනකම්ම මේ කප්පම් කෑම තියෙනවා .. කප්පම් කාරයන්ව පොලිසියෙන් දන්නවා වුනත් අල්ලන්නේ නැත්තේ ඔවුන් සියලු දෙනාම අනිවාර්යෙන්ම දේශපාලකයෙක්ගේ ගෝලයන් නිසයි (බ)

:       0       0

ශ්‍රිලාල් Sunday, 13 March 2016 08:55 AM

පොලීසි වලට වැඩ අඩු කිරීමටත්, හිරගෙවල් වල තදබදය අඩු කිරීමටත්, මහජනයාට මොවුන්ගෙන් තිබෙන හිරිහැර නැතිවීමටත් මොවුන් අතට තවතවත් ආයුධ සැපයිය යුතුයි. එතකොට ඔවුන් අතරම ප්‍රශ්න ඉවර කරගනීවි. රජයට විශාල මුදලක් ඉතිරිකර ගත හැකියි. රටටත් සැනසීමක් ඇතිවේවි.(හේ)

:       0       0

සේරම් Sunday, 13 March 2016 09:07 AM

පුදුමයි හිටපු එක්කෙනා 'මාකදුරේ දෙයියා ' අදහපු නැති එක ,,,,,,(හේ)

:       0       0

සකුන්තලා Monday, 14 March 2016 04:56 AM

මිනිසුන්ට කල්බදු ක්‍රමයට වාහන ලබාදී වාරික ගෙවීමට නොහැකිවූවිට මෙවැනි පාතාලයන් ලවා වාහනය පැහැරගන්නා කල්බදු සමාගමේ නමත් සඳහන් කරන්න. මොකද මෙවැනි අපරාධකාරී පුද්ගලයින්ට මිනිස් ජීවිත ගැන කිසිම හැගීමක් අනුකම්පාවක් නැහැ. ඔවුන් යොදවන කල්බදු ගෝඩ් ෆාදර්ල ගැනත් සමාජය දැනුවත් විය යුතුයි. (බ)

:       0       0

උපාලි Sunday, 13 March 2016 05:57 PM

මහින්දවාදීන් මේක තනිකරම මේ ආණ්ඩුවේ වැරැද්දක් හැටියට දකිනවා. මහින්දවිරෝධීන් මේක ඒ කාලේ ඉඳලා ආ දෙයක්ය කියනවා. මහත්වරුනි, මේ වගේ, සමහරවිට මීට වඩා බරපතල, මිනීමැරුම් අපරාධ වසරකට වරක් හෝ වාර්තා නොවෙන රටක් මේ ලෝකේ තියෙනවා නම් පෙන්වන්න. අපරාධ අවම කරන්න මිසක් නවත්වන්න පුළුවන් රටක් නැහැ. (නි)

:       0       0

සුනිල් Sunday, 13 March 2016 09:23 AM

මේක පාතලේ අතරේ වෙච්ච ලොකු සීන් එකක්.(හේ)

:       0       0

සුනිල් Sunday, 13 March 2016 09:14 AM

මේ නියම සැකකරුවන්මද?(හේ)

:       0       0

මුන්සීර් Sunday, 13 March 2016 09:43 AM

අපරාධකරන අයට නිදහස දෙන්නම එපා (බ)

:       0       0

දස්කොන් Monday, 14 March 2016 10:32 AM

දන් කාලය හරි...සියලුම ලාංකිකයන්ගේ සහ පිට රටින් එන කට්ටියගේ ඇගිලි සලකුනු එක්ක සියලු දත්ත පරිගණකගත කරන්න (බ)

:       0       0

ඩෙන්සිල් Sunday, 13 March 2016 11:02 AM

මාෆියා කල්ලි නෙමෙයි. ෆිනෑන්ස් මාෆියාව.ෆිනෑන්ස් කාරයෝ මිනිස්සුන්ගේ ලේ උරාබිබි අපරාධකාරයෝ ළං කරගන කරන අපරාධ (බ)

:       0       0

බන්දුල Sunday, 13 March 2016 11:18 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 March 2016 11:21 AM

මේවා පාතාලය සම්බන්ධ වුන පෞද්ගලික මරාගැනීම් , වර්තමාන රජය මේවට සම්බන්ධ වෙන්න තරම් මෝඩ නැහැ , මොකද පරණ අය කරපු කෙලි දැන් එලි වෙන නිසා (බ)

:       0       0

උපුල් මාලදිවයින Sunday, 13 March 2016 11:29 AM

මහින්ද සෞදි ... දෙයියන්ටත් දැන් පාතාලයෙන් බේරිලා ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. එ්කයි දැන් දෙයියොත් පාතාලයට එකතුවෙලා තියෙන්නේ. ඇත්තටම දැන් හැම තැනකම පාතාලය රජ කරනවා. හැබැයි කිසිම පාතලයකුටවත් නිදහස් මරණයක්නම් ඉතිහාසයේ උරුම වී නැත. ඔවුන් එලොව යන්නේ තව පාතාලයෙක් හෝ හදිසි අනතුරකින් හෝ පොලිසිය අතින්මයි. මේ බව පාතාලයන් හෝ ඔව්න්ට කිරිපොවල රකින දේශපාලුවන් / ව්‍යාපාරිකයන්ට නොතේරෙන එකයි පුදුමේ. (බ)

:       0       0

පිරිස් ඉතාලි Sunday, 13 March 2016 11:37 AM

බෙන්තර මහේෂ් ඔබ හරියට හරි නිල් කොල හැම ඒකාම වග කියන්න ඕනේ මෙරට පාලනය කළ(බ)

:       0       0

සුකිරි Monday, 14 March 2016 06:29 AM

පොලිසියත් බාර් වලින් මගුල් ගෙවල් වලින් කප්පන් කති. දේශපාලකයොත් කප්පන් පාගා කති.ආණ්ඩුවේ නිලදාරියොත් පාගා කප්පන් කති.විදුහල්පතිලත් අල්ලස් කප්පන් කති.ඇතැම් පන්සල්වල හාමුදුරුවොත් දාන කප්පන් කති පාතාලෙත් කප්පන් කති. අහෝ ලංකාව...(බ)

:       0       0

සිල්වා Sunday, 13 March 2016 11:53 AM

මේකට තමා ඉල්ලපු යහපාලන වෙනස කියන්නේ (බ)

:       0       0

දේවි Sunday, 13 March 2016 11:50 AM

නිදහසින් පසු ජනතාවගේ සාරධර්ම ශීඝ්‍රයෙන් පිරිහෙන්න පටන් අරගෙන. උතුරේ හා දකුණේ ඇතිවුණ ත්‍රස්තවාදය මිනිසුන් මරණ එක ඉතා සුළු දෙයක් බවට පත් කළා (බ)

:       0       0

අනුර Sunday, 13 March 2016 12:15 PM

පස් දෙනාම අපරාධකරුවන් එතකොට ඝාතකයන් මෙම ඝාතනය නිසා අපරාධකරුවන් නොවන්නේද මෙම ඝාතනය සමාජ සුබවාදී වෙන්න පුළුවන් (බ)

:       0       0

සම්පත් Sunday, 13 March 2016 12:32 PM

වැරදිකරුවන් අත්අඩංගුවට ගත්තාට පසු ඔවුන් නිවැරදි කරුවන් බව පෙනේනම් පමණක් ඇප දෙන්න ඕනේ. නැතිනම් බිය සැක කිසිවක් නොමැතිව තවත් අපරාධ කරන්න මෙයාලා ඉදිරිපත් වෙනවා. මේ නීති වෙනස් වියයුතුයි. (බ)

:       0       0

ගුණවර්ධන Sunday, 13 March 2016 12:32 PM

අපරාධ කරුවන්ට නිදැල්ලේ හැසිරෙන්න බැහැ කවදා හෝ ජීවිතවලින් හරි වන්දි ගෙවන්න වෙනවා එක තමයි වෙන්නේ කෙසේ හෝ ලංකා පොලිසියට මගේ ප්‍රණාමය හිමිවෙනවා. (බ)

:       0       0

ජයා Sunday, 13 March 2016 12:47 PM

සෞදි නීතිය තමයි අප රටටත් හරි යන්නේ (බ)

:       0       0

ඩිල්ෂාන් Monday, 14 March 2016 01:51 AM

දේශපාලුවන් පාතාලයට ආරක්ෂාව සපයනවා. දේශපාලුවන්ගේ බලය අඩුකරනතුරු මේ තත්වය වෙනස් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 13 March 2016 05:54 AM

ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් වලට සම්බන්ධ නම් මෙවැනි අපරාධකරුවන් ඇයි ඇපමත මුදා හරින්නේ? බිය සැක කිසිවක් නොමැතිව තවත් අපරාධ කරන්න මෙයාලා ඉදිරිපත් වෙනවා. මේ නීති වෙනස් වියයුතුයි. (නි)

:       0       0

අනූ Sunday, 13 March 2016 06:08 AM

ෆස්රුල් ගෆූර් - ඔයා හරි මේ නීති වෙනස් වෙන්න ඕනේ වැරදිකරුවන්ට ඇප නොදී දැඩි දඩුවම් දෙන්න ඕනේ යලි වැරදී නොකරන්න (බ)

:       0       0

උපුල් මාලදිවයින Sunday, 13 March 2016 06:11 AM

ගොඩක් මෙවැනි අයට දේශපාලන සහාය තියෙනවා. නැතිනම් ලොකු සල්ලි කාරයන්ගේ අතකොලු. ඔවුනට ඇප ලබාගන්න එක අපිට වඩා ලෙහෙසියි. අනිත් එක අද කාලේ වෙන අපරාධ වල හැටියට රිමාන්ඩ් එකෙත් දැන් ඉඩ මදි ඇති ගොඩක් කට්ටිය තියාගන්න. ඉතින් පුළුවන් තරම් ඇප දීල ගෙදර යවන එක ලෙහෙසි ඇති. (බ)

:       0       0

සිල්වා බර්ලින් Sunday, 13 March 2016 03:09 PM

අපරාධ අඩු වෙනවා ඉක්මනින් ක්‍රමවත්ව නඩු අහනවා නම් ,(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 06:16 AM

ඔය වගේ අපරාධකරන උන් මරන්න ඕන නියම ක්‍රමය ඕක තමයි.නීතියක් හරි හැටි ක්‍රියාත්මක නොවෙනවානම් මොනවා හෝ විකල්පයක් තිබිය යුතුයි. සමහර අපරාධ කාරයෝ හිරේ හිටියත් ඔව්න්ට ඕන දේවල් එළියේ සිද්ධ වෙනවා. ඕක තමයි ක්‍රමය. සමහර දේශපාලකයෝ සුප්පුව කටේ ගහලා පැටව් එළියට දාපුවම් ඕවා විඳවන්න වෙන්නේ අහිංසක මිනිස් සමාජයට. (බ)

:       0       0

ඉන්දික Monday, 14 March 2016 02:18 AM

ඉස්සර සුදු වෑන් වලට බයවුණා. දැන් සුදු වෑන් තියෙන අයටත් බයවෙන්න වෙලයි තියෙන්නේ (නි)

:       0       0

පද්මිණී Sunday, 13 March 2016 06:22 AM

තමන්ගේ ලෙයින් උපන් දියණියන් දුෂණය කරලා සොබා දහමෙන් ගැලවෙන්න බැහැ. (බ)

:       0       0

සිරිමල් Sunday, 13 March 2016 06:32 AM

මෙතන සිදුව තිබෙන මරණ වලට වඩා දෙයක් ගැන බලධාරින්ගේ අවධානය යොමුවෙන්න ඕනෑ. මුල්‍ය ආයතන පමණක් නොව ප්‍රසිද්ධ බැංකු සෑමඑකක්ම පාහේ ඔවුන්ගේ වාහන පවරාගැනීම් සඳහා පාතාල සහ නමගිය අපරාධකරුවන් පාවිච්චි කිරීම වහාම නවත්වන්න ඕනෑ (නි)

:       0       0

බටගල Sunday, 13 March 2016 06:41 AM

දැන් එය සිදුව අවසානයි. මින් ඉදිරියටවත් මෙවැනි අවාසනාවන්ත සිද්ධි සිදුවීම වැළැක්වීමට කටයුතු කිරීම නොවේද කළයුත්තේ? (නි)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 13 March 2016 06:32 AM

මෙවැනි සමාජයක් නිර්මාණය වීම කෙරෙහි මූලිකවම වගකිවයුත්තේ මෙතෙක් රටේ පාලන තන්ත්‍රය මෙහෙයවූ පාලකයන්ය. තමුන්ගේ මඩිය තරකර ගන්නට විනා ජනතාවගේ ආර්ථික හා සාමාජීය වටපිටාව යහපත් කිරීමට දේශපාලනය දිශාගත කළේ නැත (නි)

:       0       0

ඉමේෂ් Monday, 14 March 2016 08:08 AM

සාධාරණය මේ අයුරින් ඉටුවීම ගැන සතුටුයි. (බ)

:       0       0

රකිත් Sunday, 13 March 2016 06:32 AM

අනේ දෙවියනේ! මොනවාද මේ සිද්ධවෙන්නේ? මේ පළිගැනීම මෙයින් නවතීවිද? (නි)

:       0       0

රන්ජිත් Sunday, 13 March 2016 06:41 AM

මේවාට මොනවගේ උත්තර දෙන්න ඕනෑද කියලා මට නම් තේරුම් ගන්න බැහැ. අපි මෙහෙම ගිහින් කොහේ නවතීවිද? (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 13 March 2016 06:41 AM

පේනවා නේද අපරාධකරුවන් නිදැල්ලේ සිටිවිට සිදුවෙන දේවල්? (නි)

:       0       0

විල්සන් Sunday, 13 March 2016 06:48 AM

දැන් සියල්ල අවසානයි කියලා සමහරු හිතාගෙන ඇති. නැහැ. මේ ආරම්භය පමණයි. (නි)

:       0       0

චාමර Sunday, 13 March 2016 06:40 AM

අර "බඹර වළල්ල" වගේ නිර්මාණ බලලා හරි මේ මිනිස්සු තේරුම්ගන්න ඕනෑ මෙහෙම දේවල් වලින් අන්තිමට වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

රොෂාන් Monday, 14 March 2016 03:03 AM

මේ මියගිය අයට මගේ නම් අනුකම්පාවක් ඇතිවෙන්නේ නැහැ. මක්නිසාදයත් මේ පුවත අනුව මේ සියලු දෙනාම නමගිය අපරාධකාරයින්. (නි)

:       0       0

විජේතුංග Sunday, 13 March 2016 06:56 AM

අපි මෙතන මොනවගේ අදහස් පළකළත් රට දිනෙන් දිනම යන අගාධයෙන් නැවත ගොඩ එන එක නම් බොරු (නි)

:       0       0

සම්පත් Monday, 14 March 2016 08:08 AM

මෙතන සිදුව තිබෙන මරණ වලට වඩා දෙයක් ගැන බලධාරින්ගේ අවධානය යොමුවෙන්න ඕනෑ. මුල්‍ය ආයතන පමණක් නොව ප්‍රසිද්ධ බැංකු සෑම එකක්ම පාහේ ඔවුන්ගේ වාහන පවරාගැනීම් සඳහා පාතාල සහ නමගිය අපරාධකරුවන් පාවිච්චි කිරීම වහාම නවත්වන්න ඕනෑ. (ර)

:       0       0

නිර්මල Sunday, 13 March 2016 06:52 AM

මහින්ද හිටියත් මේ සිද්ධවෙන දේවල් වළක්වන්න බැහැ. යමක් සිදුවෙන්න තිබෙනවා නම් රජයකින් එය නැවැත්වීමට නොහැකියි (නි)

:       0       0

කාංචන Sunday, 13 March 2016 06:57 AM

මේ අය ඇතුළේ තිය‍ාගන්නත් බැහැ. මොකද දේශපාලකයෝ පොරකනවා මේ අය බෙදාගන්න. ඕක තමයි ඇත්ත. (නි)

:       0       0

සෞදි සරත් Sunday, 13 March 2016 07:07 AM

පක්ෂ පාට නැතුව බැලුවහම කාටත් පැහැදිලියි දැන් රට යන විදිය. එය ඉතාම බියකරුයි (නි)

:       0       0

රමිල අසිරි Sunday, 13 March 2016 06:59 AM

මොන විදියකින් හරි සිදුවිය යුතු දේ ඒ ආකාරයට සිදුවෙන බව නම් පෙනෙනවා (නි)

:       0       0

අශේලි Sunday, 13 March 2016 07:10 AM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති කියලා කියන්නේ නිකන් නෙමෙයිනේ (නි)

:       0       0

සුදේශ් Monday, 14 March 2016 03:33 AM

මෙහෙම අයට ලැබෙන්න ඕන දඩුවම මේක තමයි. නැත්තම් මේ අයට නීතියෙන් දඩුවම් නෑ. මේ වගේ ඉන්න අනෙක් කප්පම් කාරයන්ටත් හොද පාඩමක්. (ර)

:       0       0

ජනිත් Sunday, 13 March 2016 07:17 AM

ඉතින් එහෙම හරිද? එතකොට අර සුදු වෑන් කිය කියා මොරදුන්නේ...? කොහොම වුණත් එ්කත් වැරදියි මේකත් වැරදියි. මේ වගේ දේවල් වලට උල්පන්දම් දීම තවත් අපරාධ වැඩිවෙන්න උදවු කරනවා. (නි)

:       0       0

ගයාන් සෙනරත් Sunday, 13 March 2016 04:26 PM

සෞදි නීතිය ඕනෑ අය එහෙට යන්න. මෙහෙ තිබෙන රෝම ලන්දේසි නීතියද අහෝසි කර බෞද්ධ නීති පද්ධතියක් ගෙනඑන්න. ඒ බෞද්ධ හර පද්ධති වලින් මෙවන් අපරාධ ඉතා පහසුවෙන් වැළැක්විය හැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 369 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 430 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 704 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 549 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 387 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 722 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site