දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී අද (4 වැනිදා) පැවැත්වීමට නියමිතය තිබූ පළමු වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කල්දමන ලදි. වයිරසය අසාදනය වූ ක්‍රීඩකයා කවුරුන්ද යන්න දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් විසින් හෙළිදරව් නොකරන ලදි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මේ බව ප්‍රකාශ කළේ තරගය ආරම්භ වීමට පැයකට පමණ පෙරය. දිවා/රාත්‍රී තරගයක් වූ මෙම තරගය අද පස්වරුවේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ සහ එංගලන්ත / වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාගේ පී.සී.ආර්. පරීක්ෂණය කරන ලද්දේ බ්‍රහස්පතින්දා ඔහුගේ කණ්ඩායමේ අවසන් පුහුණු සැසියෙන් පසුවය. එහෙත් එහි ප්‍රතිඵල වාර්තාව පැමිණ ඇත්තේ අද උදෑසනය.
මෙම තරගය කල් දැමීම “කණ්ඩායම් දෙකේම, තරග නිලධාරීන්ගේ සහ තරඟයට සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසායි” යයි ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වේ.
නවතම තත්ත්වය අනුව දෙපිට අතර පළමු තරගය ලබන ඉරිදා පාල් හි දිවා තරගයක් ලෙසින් පැවැත්වේ. දෙවන තරගය සඳුදා නිව්ලන්ඩ්ස් හි දිවා/රාත්‍රී තරගයක් වන අතර, බදාදා නිව්ලන්ඩ්ස් හිදී තවත් දිවා/රාත්‍රී තරඟයක් සමඟ තරගාවලිය අවසන් වේ.
මෙම මාලාව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ලෝක කුසලාන සුපිරි ලීගයේ කොටසකි.
- 213
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකුට කොරෝනා වැළඳීමෙන් එක්දින තරගය කල්දමයි
siri Saturday, 05 December 2020 12:18 PM
අම්මෝ මම බය වුණු තරමක්... මම හිතුවේ අද අපේ රට මුහුණපා ඇති මේ අසීරු කාලසීමාවේ අපට ලැබුණු හොඳම දේ හැටියට සලකන්න පුළුවන් වන "ලංකා ප්‍රිමිය ලීග්" තරඟා වලියට මොනවා හරි නස්පැන්තියක් වුණාවද්ද කියලයි.