සති හය හමාරක දීර්ඝ සංචාරයක් සඳහා දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව ගිය ශී‍්‍ර ලංකා පිල තරගාවලියේ පළමු තරගය වන තුන්දින තරගයට අද මුහුණ දෙයි. දකුණු අපි‍්‍රකානු ආරාධිත පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගය බෙනෝනි හිදී පැවැත්වේ.ටෙස්ට් තරග තුනකට, එක්දින තරග පහකට සහ විස්සයි-20 තරගයකට සහභාගි වීම සඳහා දකුණු අපි‍්‍රකාවට ගොස් සිටින, තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත්, ශී‍්‍ර ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ප‍්‍රකාශ වන්නේ එතරම් සුබවාදී දේ නම් නොවේ. ඊට හේතුව වී ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගාවලි කිහිපයකදීම එක දිගටම ලද පරාජයන් වැලයි. ශී‍්‍ර ලංකා පිලේ අවසන් ටෙස්ට් ජය වාර්තා වන්නේ වසර 2010 ජූලි මාසයේදී ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදීය. එදා මෙදාතුර ශී‍්‍ර ලංකා පිල ටෙස්ට් තරග 14 කට සහභාගි වී ඉන් තරග 4 ක් පරාජය වී ඇත. වසර නවයකට පසුව ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකාවේ සංචාරයක යෙදෙන ශී‍්‍ර ලංකා පිල එහිදී පැවැති ටෙස්ට් තරග 7 කින් හයක්ම පරාජය වී තිබේ. දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති එක්දින තරග 17 කින් ශී‍්‍ර ලංකා පිල ජයගෙන ඇත්තේ තරග 5 ක් පමණි. මේ අතර ශී‍්‍ර ලංකා පිලේ වත්මන් ශක්තිය සම්බන්ධයෙන් තක්සේරුවක යෙදෙන දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයකු වන කෙප්ලර් වෙසල්ස් පවසන්නේ වත්මන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් වුවත් සමත් වන බවයි. වෙසල්ස් වැඩිදුරටත් පවසන්නේ ලබන වසරේදී පැවැත්වෙන දකුණු අපි‍්‍රකානු පිලේ එංගලන්ත සංචාරය සහ ඕස්ටේ‍්‍රලියානු සංචාරය වැනි වඩාත් අසීරු ව්‍යායාමයන්ට පෙරාතුව, දකුණු අපි‍්‍රකානු පිලට තරුණ කී‍්‍රඩකයන් හඳුන්වා දීමට හොඳම අවස්ථාව වන්නේත් මෙම තරගාවලිය බවයි. කෙසේ වෙතත් වෙසල්ස්ගේ මේ ප‍්‍රකාශය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් ඇවිස්සීමට තරම් වී තිබේ. ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන පවසන්නේ ‘පීඩිතයන්’ ලෙසින් තරගාවලියට අවතීර්ණ වීමට තමන් වඩාත් කැමැත්තක් දක්වන බවයි. ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු” යයි මහේල ජයවර්ධන පැවසීය. වේග පන්දු යවන්නන් වන සමින්ද එරංග, නුවන් කුලසේකර සහ ධම්මික ප‍්‍රසාද් තුවාල ලබා සිටින හෙයින් ශී‍්‍ර ලංකා පිල මෙවර තරගාවලියට සහභාගි වන්නේ ඉදිරි පෙළ පන්දු යවන්නන් නොමැතිවය. සුරංග ලක්මාල් ආබාධයන්ට ලක්වූ වේග පන්දු යවන්නන් අතරට එක්වූ අලූත්ම සාමාජිකයා වී සිටී.කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ ශක්තිය වන්නේ පිතිකරුවන්ය. දකුණු අපි‍්‍රකාවට එරෙහිව ටෙස්ට් ශතක 5 ක් ලබා ඇති මහේල ජයවර්ධන සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වන ලකුණු 374 ලබාගත්තේද දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව එස්. එස්. සී. පිටියේදීය. එම තරගයේදිම කුමාර් සංගක්කාර ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත් විය.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයා ශී‍්‍ර ලංකා කණ්ඩායම අවතක්සේරු කරයි
පුන්යසිරි Friday, 09 December 2011 10:51 PM
ගහන ගහන තරඟය ලෝකෙම හිනස්සවමින් පරාද වෙනවා
දුලීප ඉද්දමල්ගොඩ Saturday, 10 December 2011 01:21 AM
වැරදි නිවැරදි කරගෙන ඉදිරියටම යන්න..
දුලීප ඉද්දමල්ගොඩ Saturday, 10 December 2011 01:22 AM
අපිට මොනව හරි කරන්න තියනවා
lankikaya Saturday, 10 December 2011 02:35 AM
අඩු තක්සේරු එපා...
පද්මසිරි Saturday, 10 December 2011 08:26 AM
ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියල කෙප්ලර් වෙසල්ස්ට අමතක වෙලා වගේ. තරගයක ජය පැරදුම කියන්නේ කොහොමද තරගය ආරම්භ වෙන්න කලින්. අපේ අලුත් වේග පන්දු යවන්නන්ගේ දක්ෂකම් එයාල දැකගනිවී එයාලගේ රටේදීම. මහේල ඔබගේ පිළිතුරට මගේ සුබපැතුම්. ඔබ සහ සංගක්කාර පිළිතුරු දෙවි කියා සිතනවා කෙප්ලර් වෙසල්ස්ගේ අව තක්සේරුවට. ඔබ සැමට ශක්තිය ලැබේවා