IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා ඉනිමක සහ ලකුණු 118 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව අද (14 වැනිදා) සමත් විය. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් දකුණු අප්‍රිකානුවෝ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත්හ.
පළමු ඉනිමේදී ලකුණු 426 ක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා පිලේ පළමු සහ දෙවැනි ඉනිම පිළිවෙලින් ලකුණු 131 කට සහ 177 කට සීමා කළේය‍
සම්පූර්ණ විස්තර සිංහලෙන් කියවන්න
http://sinhala.wisdensrilanka.lk/  වෙබ් අඩවියට පිවිසෙන්න



අදහස් (0)

දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්

දිසා Saturday, 14 January 2017 08:27 PM

අහෝ ලංකාවේ ක්‍රිකට් වලට ගිය කලක්! ලෝකේ හැම ක්‍රිකට් ක්‍රීඩා කරන රටක්ම ඉදිරියේ අපි ලංකාවේ කියන්න තරම් ආඩම්බරයක් අපේ ක්‍රිකට් වලට තිබුණා. ඒක මෙතෙක් කාලයක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ඉතාමත් අමාරුවෙන් ගොඩනඟාගත් එකක්. අද මේ රටේ දේශපානය ක්‍රිකට් වලට රිංගීම නිසා ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරන නුසුදුස්සන් නිසා අපේ රටේ ක්‍රිකට් අවුරුදු ගානක් ආපස්සට ගෙන ගිහින්. සම සමව සිටි රටවල් සමඟ නින්දාසහගතව පරාජය වෙන තැනකට ඇවිත්. (නි)

:       0       0

ගගන Saturday, 14 January 2017 09:03 PM

ඔව් මානෙල්, තව අවුරුදු 20 ක්වත් යන්න වෙනවා ජය ලබන්න. එතකොට ඔයා සහ මම දෙන්නම නැතිවෙලා පොළව යට ඉඳලා තමා බලා ඉන්න වෙන්නේ. (නි)

:       0       0

කරුණාපාල Sunday, 15 January 2017 02:24 PM

කුමාර් සංගක්කාරලව ක්‍රිකට් පිටියෙන් එලව ගත්තු උඹලට ඔහොම වෙලා මදි? ජයග්‍රහණයේදී ඔලුවේ අන් එන ජාතියකට කවදාවත් ඉදිරියට යන්න බැහැ. එහෙම උන්ට අනාගතයකුත් නැහැ. (බ)

:       0       0

විජේපාල Sunday, 15 January 2017 04:16 PM

ඉනිමක පරාජයෙන් බේරෙන්න ලකුණු 300 කට වඩා ගන්න තියෙන වෙලාවක ඕවර 42 ට ලකුණු 177ක් ගහන කණ්ඩායමක් ලෝකේ ඉන්නවා නම් ඒ ශ්‍රී ලංකා කණ්ඩායමම විතරක්ම වෙන්න ඇති. (නි)

:       0       0

ලහිරු Sunday, 15 January 2017 12:13 AM

මානෙල් එහෙම ජයවේවා කිවුවේ දකුණු අප්‍රිකාවේ කොල්ලන්ටද? (නි)

:       0       0

සත්‍යයා Sunday, 15 January 2017 12:33 AM

මම නම් හිතුවා දැවැන්ත ජයග්‍රහණයක් අරගෙනම ලංකාවට එයි කියලා. ඒත් ප්‍රතිඵල පේනවනේ.... (නි)

:       0       0

අමිත් Sunday, 15 January 2017 12:48 AM

මේ ආණ්ඩුව ආ දවසේ ඉඳලා තරඟ ටික පරාදයි. රටත් බංකොලොත් (නි)

:       0       0

ගාල්ලගේ Sunday, 15 January 2017 02:23 AM

ආපහු එමු එහෙනම් නේද? මොනවා කරන්නද? (නි)

:       0       0

මොහාන් Sunday, 15 January 2017 05:25 PM

රුවන්, අගමැතිද තේරීම් කමිටුවේ ඉන්නේ. (නි)

:       0       0

මොහාන් Sunday, 15 January 2017 05:26 PM

චමල්, දිනනකොට ආණ්ඩුව ලකුණු දාගන්නවා නම් පරදිනකොට එ්කේ වගකීමත් ආණ්ඩුව ගන්න ඕනෑ. (නි)

:       0       0

රොෂාන් Sunday, 15 January 2017 04:08 AM

ඔව් විජේපාල, ඒක ඇත්ත. අපේ අයට වේග පන්දුවට මුහුණ දෙන්නම බැහැ. ලංකාවට අාවම දඟපන්දු යවන්නන්ට පමණක් යෝග්‍ය තණතීරු හදලා තරඟ දිනනවා. පිටරටකට ගියාම වේග පන්දුවලට මුහුණ දෙන්නත් බැහැ. (නි)

:       0       0

නලින් Sunday, 15 January 2017 04:40 AM

පැරදුනාම ගල් ගහන්න එපා. හැමදාම දිනන්න බෑ. සමහර කාල වලදී සමහර කණ්ඩායම් වලට ක්‍රීඩකයින්ට මෙහෙම වෙනවා. ආසියාවේ රටවල් වල මිනිස්සුන්ට ඕනේ තමන්ගේ කණ්ඩායම හැමදාම දිනන්නයි. (බ)

:       0       0

චමල් Sunday, 15 January 2017 05:07 AM

මැච් පරදින එකටත් ආණ්ඩුවට බනින රටක් මේක. අනේ මෙහෙම දූපත්වාසීන්. කවදා මොළෙන් හිතන්න පුරුදු වෙයිද මන්දා (නි)

:       0       0

සමන් Sunday, 15 January 2017 05:12 AM

යහපාලන ආණ්ඩුවෙන් ඉගෙනගෙනද මන්දා ක්‍රිකට් ටීම් එකත්. ගහන ගහන ගේම් එක පරාදයි. අනාගන්නවා (නි)

:       0       0

මොහොමඩ් සෆ්රින් Sunday, 15 January 2017 05:43 AM

සිංහ රැළගේ නායකයා බැටළුවෙකු වූ විට මෙවැනි දේ සිදු වීම විමතියට කරුණක් නොව.අප කණ්ඩායමට නව නායකයකු නව මගපෙන්වන්නකු අවශ්‍යයි...(බ)

:       0       0

මේනු Sunday, 15 January 2017 08:17 AM

මැතිවුස්ට නායකත්වයෙන් යන්න කාලේ හරි වගේ. (බ)

:       0       0

හීන්පැල්ල Sunday, 15 January 2017 09:35 AM

ලැජ්ජයි මේවා ඇහෙනකොටත් (නි)

:       0       0

රූබි Sunday, 15 January 2017 09:32 AM

කණ්ඩායමේ සමහර තනතුරු ගැන තීරණයක් ගන්න කාලය හොඳටම හරි. (නි)

:       0       0

මානෙල් කුලසිංහ Saturday, 14 January 2017 02:31 PM

ජයවේවා අපේ කොල්ලන්ට කවදාහරි . නමුත් මේ ආණ්ඩුවේ ඉන්න ගෙම්බෝ එක්ක කරන වැඩ නම් හැමදාම පරජිතයි(අ)

:       0       0

ගුණසිරි Saturday, 14 January 2017 03:00 PM

ලැජ්ජයි ලංකාවේ ක්‍රිකට් ගැන කතාකරන්නත් (නි)

:       0       0

විජේපාල Saturday, 14 January 2017 04:28 PM

මේ විදියට පරදින්න මොකටද දෙවියනේ කෝටි ගණන් මුදල් නාස්ති කරන්නේ. එක ක්‍රිකට් ක්‍රීඩකයකුට මාසෙකට ලක්ෂ ගණන් පඩි ගෙවනවා නේද. මීට වඩා හොදයි නේද? දකුණු අප්‍රිකාවට පාසල් කණ්ඩායමක් යැවුවා නම් හොඳයි. මෙයාලට මේ විදියට ලැජ්ජාසහගත විදියට පරදින්න මෙච්චර පහසුකම් දෙන්න ඕනෑද. රට බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් කැපවුණු ආදරණීය රණවිරුවන්ට පඩි විදියට ගෙවන්නේ සොච්චමයි නේද (නි)

:       0       0

රුවන් Sunday, 15 January 2017 11:10 AM

ආණ්ඩුවට බනින එකේ තේරුමක් නැහැ. අගමැතිතුමා හොඳ කණ්ඩායමක් සංචාරයට තේරුවා. නමුත් අප්‍රිකාව වේගවත් තණතීරු හැදුවා. දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ අධික වේගයෙන් පන්දු යැවීම අපේ පරාජයට හේතුවයි (නි)

:       0       0

දිනේෂා Saturday, 14 January 2017 06:17 PM

පසුගිය රජයේ වැරදි නිසා තරඟ පරදිනවා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සේනක Sunday, 15 January 2017 12:14 PM

අපේ කණ්ඩායමේ දැන් ක්‍රීඩා කරන්නේ තරුණ නවකයෝ. ඒ විදේශ රටවල ක්‍රීඩා කරලා අත්දැකීම් එකතු කරගෙන පරිනත වෙන්න ඕනි. එකට තව ටික කාලයක් යාවි. මේ විවේචන කරන කට්ටිය අපිට ටෙස්ට් තත්ත්වය ලැබුන මුල් කාලයේ තරඟ වාර්තා අරන් බලන්න. අපි කොච්චර පසු ගාමීවද හිටියේ කියල. නමුත් 1996 දී අපි ලෝක සුරයොත් වුනානේ. අපි තුන් වතාවක් විතර සුරතාව අත ළඟටම ඇවිල්ල ගිලුහුනේ.තාම ද. අප්‍රිකාවට සහ එංගලන්තය ටත් බැරි වුනානේ ලෝක සුරයෝ වෙන්න. (බ)

:       0       0

රූපසිංහ Sunday, 15 January 2017 12:15 PM

පසුගිය කාලේ ක්‍රිකෙට් වල හිටපු උදවිය ඒ ඒ රටවලත් එක්ක ක්‍රිකෙට් ගහද්දි ගත්තු ණය නිසා ඒ ණය ගෙවන නිසා තවම බැරි වුනානේ ක්‍රිකට් සංවර්ධනය කරන්න ඒ නිසා අපි ක්‍රිකට් ගහද්දි නාගෙන පරදින්න හේතුව එකයි. (බ)

:       0       0

සෑම් Saturday, 14 January 2017 08:01 PM

ලංකාවේ ක්‍රිකට් වලට සහ ක්‍රීඩකයන්ට අසුභ කාලයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 19 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 168 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 866 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1441 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1824 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 250 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site