දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. මැතිවරණ කටයුතු වෙනුවෙන්, දකුණු අප්‍රිකාවේ අද නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මැතිවරණ පැවැත් වූයේ, ඉදිරි පස් වරක කාලය සඳහා නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම, පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත නව ජාතික සභාවක් පිහිටුවීම සහ ප්‍රාන්ත මට්ටමින් ව්‍යවස්ථාදායකයන් තෝරා ගැනීම සඳහාය.
1994 දී වර්ණභේදවාදය තුරන් වී, නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ අප්‍රිකානු ජාතික කොංග්‍රසය බලයට පත් වී රජයක් පිහිටුවීමෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන හත් වැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය යැයි එරට මාධ්‍ය පවසයි.
වසර 30 ක් තිස්සේ, දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගනිමින්, බලයේ සිටින්නේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයයි. කෙසේ නමුත් මෙවර අප්‍රිකානු ජාතික කොංග්‍රසයට පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගැනීම අභියෝගයක් වී ඇත. ඒ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජනප්‍රියත්වය අඩුවී ගොස් ඇති බැවිනි.
දකුණු අප්‍රිකාවේ ජනගහනය මිලියන හැට දෙකකි. ලියාපදිංචි ඡන්ද දායකයක් ගණන මිලියන 27.79 කි. ඡන්දය ප්‍රකාශ කිරීම අද (29) උදෑසන 7 ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වෙන්නේ රාත්‍රී 9 ටය.
ඡන්ද මධ්‍යස්ථාන 23,292 ක් ක්‍රියාත්මක වන බව දකුණු අප්‍රිකා මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය හොබවන්නේ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපති ධුරය ද හොබවන සිරිල් රැම්පෝසාය. රැම්පෝසා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ 2018 වසරේ සිටය. අප්‍රිකානු ජාතික කොංග්‍රසය පක්ෂ තුනක සන්ධානයකි.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දකුණු අප්‍රිකාවේ එක පොදියට මැතිවරණ
පිටරටවැසියා Wednesday, 29 May 2024 11:45 AM
ලංකාවේ නම් එක පොදියට මැතිවරණ සිතියම අකුලලා ඉවරයි. පළාත් සභා මැතිවරණයට ඇඩ්‍රස් නෑ... (ඒකනම් නැතුවත් කමක් නෑ).. පළාත් පාලන මැතිවරණයට සල්ලි නෑ. ජනපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකට ඕන නෑලු... අනිච්ඡා වත සංඛාරා...!