IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දකුණු අප්‍රිකා යුද නැවක් කොළඹ වරායේ

දකුණු අප්‍රිකා නාවික හමුදාවේ ස්පිඕන්කුප් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා මේ මස 12 වැනිදා කොළඹ වරායට පැමිණිමට නියමිතය.

1994 වසරේ දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රික රජය පත්වීමෙන් පසු එරටට අයත් යුද නෞකාවට ශ්‍රී ලංකාවට සේන්දුවන ප්‍රථම අවස්ථාව මෙය බව නාවික හමුදාව කියයි.

ඉන්දියාවේ විශාකපට්නම් හා ගෝවේ පැවැත්වෙන 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට හා නාවික අභ්‍යාසයට සහභාගිවී නැවත දකුණු අප්‍රිකාව බලා යන අතරේ මෙම ස්පිඕන්කුප් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙන බව නාවික හමුදාව පවසයි.

මෙම නෞකාව කොළඹ වරායේ රැඳී සිටින කාලයේ නාවික හමුදා පුහුණු නිලධාරීන්ට මෙම නෞකාව නැරඹීමට අවස්ථාව හිමිවන බවද පැවසේ.

නෞකාවේ අණ දෙන නිලධාරී කපිතාන් එම්.ඒ.බවුචර් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට නියමිතය.

එම නැවේ දිග මීටර 121කි. (අඩි 397) පළල මීටර 16.34 කි. ඉපිළුම් ගැඹුර මීටර් 5.95කි. (අඩි 19.5) වේගය පැයට නොට් 30කි.

ඔත්තු බැලීමේ රේඩාර් සතුරු යුද නැව් හඳුනා ගැනීමේ තාක්ෂණය, බාධක වළක්වා යාත්‍රා කිරීමේ සෝනා තාක්ෂණය (දිය යට බාධක හඳුනාගැනීම) සහිත මේ නැවේ මිලි මීටර් 75 කාල තුවක්කුවක්, මිලි මීටර් 35 ද්විත්ව බැරල් කාලතුවක්කු දෙකක්, මිලි මීටර් 20 කාල තුවක්කු දෙකක් හා ගුවන් යානා දෙකකින්ද සමන්විතය. ප්‍රහාරක යානා දෙකකට ද එහි ඉඩ ඇත.

NAVY-SHIP-201629



අදහස් (0)

දකුණු අප්‍රිකා යුද නැවක් කොළඹ වරායේ

සමන් ජයවර්දන දකුණු අප්‍රිකාව Tuesday, 09 February 2016 09:42 AM

ස්පොයින්කොප් හිල් පිහිටා තිබෙන්නේ මම ජිවත් වන ලේඩිස්මිත් නගරයේ සිට කිමි 38 ඈතින් පිහිටි 1900 දී බ්‍රිතාන්‍ය හමුදාව සමග විශාල සටනක් පවතී ස්ථානයක් එම සිද්දිය පසුබිම් කරගෙන මේ නැවට නම තබා ඇත්තේ (අ)

:       0       0

ගමගේ Tuesday, 09 February 2016 09:53 AM

මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්වේද (කෞ)

:       0       0

සරත් Tuesday, 09 February 2016 10:05 AM

බලා ගෙන ඔතන ගලක් ඇති මෙහෙමත් බොරු කිඅල රැවැට්ටුවනේ මහජනයා (බ)

:       0       0

සුරන් Tuesday, 09 February 2016 10:27 AM

එක දිගට යුද නැව් ලංකාවට එන්නේ ලංකාව බය කරන්නද? (ර)

:       0       0

සරත් සෞදි Tuesday, 09 February 2016 10:23 AM

බලාගෙන ගලක් තියෙනවලු. (ර)

:       0       0

උදාරත් Tuesday, 09 February 2016 10:51 AM

මේක හොඳ නැවක් (ම)

:       0       0

ලලිත් Tuesday, 09 February 2016 11:07 AM

මෙයාල ඉඳල හිටලා හරි ඇවිත් යන එක හොඳයි. (ර)

:       0       0

සංක Tuesday, 09 February 2016 11:15 AM

සරත් ගල් තියෙන්නේ හම්බන්තොට නේද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 427 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 910 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 589 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 928 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1396 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 579 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site