IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දකුණු අාසියාෙව් රත්තරන් ජල දහර

2016-12-01-ent-15

නාවලපිටිය ස්ටේෂම පහුවුණා. ඊළඟට තියෙන ස්ටේෂන්වලින් අමතක වෙන්නේ නෑ ඉඟුරැඔය ස්ටේෂම. ඒකට හේතුව තමයි මේ ස්ටේෂම තියෙන්නේ මහ කැලයක් මැද. ඉස්සර බලපු අප්‍රිකානු චිත්‍රපට මතක් වුණා. දවසක ගියොත් බලන්නකෝ. කොහොම හරි මේකට පස්සේ තමයි ගල්බොඩ ස්ටේෂම. අද අපි එතන බහින්න ඕන මොකද අපි බලන්න යන ඒ අපූරැ ඇල්ල, ගල්බොඩ දිය ඇල්ල තියෙන්නේ මේ ස්ටේෂම ආසන්නයේ. ගල්බොඩ ස්ටේෂම අමතක වෙන එකක් නෑ. 

2016-12-01-ent-05මොකද මැද පාලමක් හා පාලම දෙපැත්තේ බිම් ගෙවල් දෙකක් එකපාරටම දකින්න ලැබෙන්නේ මෙතෙන්දි. හරි එහෙනම් අපි බහිමු අද බලන්න යන ගල්බොඩ ඇල්ල බැලීමේ බලාපොරොත්තුවෙන් මෙතනින්

දුම්රිය ස්ටේෂම පහුකරලා යන්න කලින් යමක් ලියන්න ඕනෑ. ඒක තමයි දකුණු ආසියාවේ හොඳම ජල උල්පත විදියට සැලකෙන ජල උල්පත තියෙන්නෙත් මේ ගල්බොඩ දුම්රිය ස්ථානය පිටුපස. අතීතයේ ඉඳලා නුවර කලාවියේ ආණ්ඩුකාර බංගලාව ඇතුළු රජයේ බලවත් තනතුරැවලට ජලය සපයලා තියෙන්නේ මේ කියන උල්පතෙන්. ගල්බොඩට ආසන්නම නගරය වටවල. ඔබ දන්නවා ඇති වටවල කියන්නේ ලංකාවේ වැඩිම වාර්ෂික වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශය. ඉතින්, මේ මහ පොළොව ජල සම්පතෙන් ආඪ්‍යයි.

ගිය සතියට ඉස්සෙල්ලා සතියේ අපි ඔබට ගෙනාපු සුදු ගඟ ඇල්ල දිය ඇල්ල ගැන ලියද්දී අපි කිව්වා ඒ ඇල්ල පහුකරලා තමයි මේ ගල්බොඩ ඇල්ලට එන්න ඕනෑ කියලා. දුම්රියේ ගිහින් මේ ඇලි දෙකම බලන්න පුළුවන්. ගල්බොඩ දුම්රිය ස්ථානයෙන් බැහැලා තව කිලෝමීටර් එක හමාරක ඉතර දුරක් පයින් යන්න ඕනෑ දිය ඇල්ල දකින්න. ඒ යන මාර්ගය වැටිලා තියෙන්නේ තේ වත්තක් මැදින් හා ලැයිම් ගම්මාන කිහිපයක් මැදින්ගතව කාරණයක් තියෙනවා. මේ ඇල්ල අසලටම සාමාන්‍ය ජිප් රථමාර්ගයක් තියෙනවා. ෆෝවීල් රථයකින් එන්නට පුළුවන්. ඒ පාර වැටිලා තියෙන්නේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය හරහා. අපි යන දවස් වෙද්දි මේ දුම්රිය මාර්ගය හරහා යන්න දුන්නේ නෑ. එතන ආරක්ෂක ගේට්ටුවක් නැතිවීම හා දෙපැත්තෙම තියෙන වංගු නිසා වාහනයක් ඒ හරහා යද්දි කෝච්චිය ආවොත් පෙන්නේ නැති හින්දා වෙන්නට ඕනෑ. ආසන්න අතීතයේම ත්‍රී රෝද රථයක් කෝච්චියට යටවුණාලු. ඒ නිසා දැනට ගල්බොඩ ඇල්ල තියෙන්නේ බාහිර ලෝකයෙන් හැංගිලා වගේ. සංචාරකයින්ට යන්න පුළුවන් එකම ක්‍රමය පයින් යන එක විතරයි.

ගල්බොඩ ඇල්ල පිහිටලා තියෙන්නේ ජලපෝෂණය තදින්ම දැනෙන ප්‍රදේශයක පහළ නිම්නයේ. ඒ නිසා වසරේ බොහෝ කාලවලදී මේ ඇල්ල පොහොසත්. ඒ පොහොසත්බව නිසාම අපි වෙනත් ඇලි බලන්න ජලය වැඩිකාලයේ යන්න කියද්දී මේ ඇල්ල බලන්න යන්න කියන්නේ ජලය අඩුකාලයේදි. සාමාන්‍යයෙන් අගෝස්තුව වගේ වියලි දේශගුණයක් සහිත කාලයක යන තරමට හොඳයි. නැතිනම් ඇල්ල පුරා අතිශය දරැණු ලෙස කඩා හැලෙන ජලධාරාව නිසා ඔබට එහි සුන්දරත්වය විඳින්නට වරම් නොලැබෙන්න ඉඩ තිබෙනවා. කොහොම වෙතත් ඇල්ල පහළින් පරිස්සමට නාගන්න එහෙමත් පුළුවන්. හැබැයි හොඳින් පිහිනන්න බැරිනම් ඇල්ල පාමුලට යන්න එපා කියලා තමයි කියන්න වෙන්නේ.

 

ප්‍රසාද්

 

2016-12-01-ent-16
2016-12-01-ent-14
2016-12-01-ent-13
2016-12-01-ent-12
2016-12-01-ent-11
2016-12-01-ent-10
2016-12-01-ent-09
2016-12-01-ent-08
2016-12-01-ent-07
2016-12-01-ent-06



අදහස් (0)

දකුණු අාසියාෙව් රත්තරන් ජල දහර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 533 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4170 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1968 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8691 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1473 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40084 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site