හම්බන්තොටදී පුරා දින හතක් පැවැති පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙල අද (14)රාත‍්‍රියේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති වර්ණවත් සමාප්ති උළෙලත් සමග අවසන් විය.
දෙවැනි දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙල ලබන 2013 වසරේ මාලදිවයිනේදී පැවැත්වීමට නියමිතය. දෙවැනි ක‍්‍රීඩා උළෙලේ සත්කාරක රට වන මාලදිවයින් ඔලිම්පික් කමිටු සභාපති ඊබ‍්‍රයිම් ස්මයිල් සහ මාලදිවයින් ක‍්‍රීඩා අමාත්‍ය හසන් ලතීෆ් යන මහත්වරුන්ට ක‍්‍රීඩා උළෙලේ ධජය
නිලවශයෙන් බාර දුන් අවස්ථාවට සමාප්ති උළෙලේ විශේෂ ස්ථානයක් හිමිවිය.
මාලදිවයින් ක‍්‍රීඩිකාවන්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් බෙර වාදනය කරමින් අපේ ජාතිය යන තේරීම ගෙනෙන ‘මීරාජේ’ නැමැති නර්ථනය ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.
සමාප්ති උළෙලට ද ත‍්‍රිවිද හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය එකතුව වර්ණවත් නර්ථන සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර පසුව ඉදිරිපත් කළ මල්වෙඩි සංදර්ශනය හම්බන්තොට අහස් කුස වර්ණවත් කළේය.
සමාප්ති උළෙල ඇමතූ ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කමිටු සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු පැවසුවේ 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරත්වය සඳහා ලබන නොවැම්බර් මස 11 වැනිදා ශාන්ත කිඞ්ස්හිදී පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනිවාර්යයෙන් ජය ලබා එය හම්බන්තොට පවත්වන බවයි.
ඉන්දියාව රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනා ගනිමින් පළමු ස්ථානය දිනා ගත්තේය. පාකිස්තානය රන් පදක්කම් පහක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21 වන ද
පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්‍රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රි
ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල වර්ණවත් උළෙලත් සමග අවසන් වෙයි