නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාට සේවා දිගුවක් ලබාදීමට එරෙහිව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති දයා ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම නොවැම්බර් 11 වැනිදා විභාගයට ගැනීමට නියමිතය. බුවනෙක අළුවිහාරේ, අනිල් ගුණරත්න සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නියෝජ්‍ය පොලිස්පති ගාමිණි ගුණරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම නීතියට පටහැනි බවත්, එමඟින් තමාට හිමිවිය යුතු උසස්වීම් නොලැබෙන බව හා ඉන් තම මූලික අයිතිවාසිකම් කඩවන බවද දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති දයා ගුණවර්ධන මහතා කියා සිටී.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දකුණේ උප පොලිස්පතිගේ පෙත්සමට අවසර
නිම්මි Thursday, 13 August 2015 06:25 AM
මෙයයි වෙනස! (නි)
වසන්ජය Wednesday, 12 August 2015 08:25 PM
පැමිණිල්ල සාධාරණ බවක් පෙනෙනවා (නි)
විජේසුන්දර Wednesday, 12 August 2015 08:30 PM
මම හිතන්නේ එතුමා කියන දේ හරි. මේකෙන් එතුමාට අසාධාරණයක් වෙන හැඩයි (නි)
දිලුපා Thursday, 13 August 2015 02:33 AM
එතකොට අර තවත් කෙනෙකුට මීටපෙර 6 වරක් දුන් සේවා දිගුව ගැන මේ උදවිය උනන්දු නොවුණේ ඇයි? (නි)
ඇසළ Thursday, 13 August 2015 02:37 AM
අවුරුදු 60 ක් ගිහිල්ලත් විශ්‍රාමය දිගු කරනවා කියන්නේ දේශපාලන දිගුකිරීමක් කියලයි අපි නම් හිතන්නේ. (නි)
පද්මිණි Thursday, 13 August 2015 03:46 AM
සාධාරණ අයදුමක් (ම)
ඉන්දික Thursday, 13 August 2015 03:54 AM
මේවා පහුගිය ආණ්ඩුවෙන් කරන කොට ඒවාට විරුද්දව කැහපු අය කෝ දැන් (ම)