IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දකුණු කකුලේ ආබාධයට වම් කකුලට සැත්කමක්

දකුණු පාදයේ  දණහිසේ අබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවකගේ වම් පාදයට ශල්‍ය කර්මයක් කර ඇතැයි දැරියගේ පියා පේරාදෙණිය  පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පිළිමතලාව විජේතුංග මාවතේ පදිංචි නවවැනි වසරේ ඉගෙනුම ලබන දැරිය කුඩා කල සිටම දකුණු පාදයේ දණහිස ළඟ ගැටිත්තක් තිබුණු බවත් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය 20 වැනිදා පේරාදෙණිය රෝහලේ 16 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ද පසුව ඇය ශල්‍ය  කර්මයකට භාජනය කරන ලද බවත්  එයින් පසු දැරිය වාට්ටුවට ගෙනෙන විට දැක ඇත්තේ දකුණු පාදය වෙනුවට වම් පාදයේ ශල්‍ය කර්මයක් කර ඇති බවත්ය.

වෛද්‍ය වරයාගෙන් ඒ පිළිබඳව විමසා ඇතත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ 3 වැනිදා දකුණු පාදයට ශල්‍යකර්මය කරන බවයි. 

පේරාදෙණි රෝහලට ඇතුළත් කර සැත්කමට ලක් කල දැරියගේ වෛද්‍ය පරික්ෂණ අනුව වම් කකුලේද රෝගි තත්වය ඇති බව පේරාදෙණි ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩබිලිවු.ඡේ හේරත් මහතා  කියයි.

දැරියගේ ඇටවල අසාමාන්‍ය වර්ධනයක් ඇති බවත් රෝහලේදි ලක්කළ පරික්ෂණ වලදි වම් කකුලේද එම රෝගි තත්වය ඇති බවට තහවුරු වි ඇති නිසා වෛද්‍යවරයා වම් කකුලද සැත්කමට ලක් කර වම් කකුලේ ඇට වල සියුම් කොටස් රසායානාගාර පරික්ෂණ සදහා යොමු කර ඇති බවත් මෙම දැරිය කුඩා කළ සිටම ප්‍රතිකාර කල විකලාංග රෝග පිලිබද විශේෂඥ වෛද්‍යවරයා විදේශ ගත වි ඇති බවත් ලබන මස 8 වෙනිදා මෙරටට පැමිණීමෙන් පසු අවසන් තිරනයක් ගන්නා බවත්  මෙම සැත්කමට ලක්වු දැරිය සදහා රෝහලෙන් කිරිමට ඇති සියලු වෛද්‍ය පහසුකම් ලබා දිමට කටයුතු කර දිමට සියලු පහසුකම් ලබා දෙන බවත් පියාට පැවැසු බවත් රෝහල් අධ්‍යක්ෂ වරයා පැවැසිය.



අදහස් (0)

දකුණු කකුලේ ආබාධයට වම් කකුලට සැත්කමක්

සෑම් Wednesday, 02 March 2016 06:07 AM

අඩුම තරමින් කළ යුතු ශල්‍යකර්මය මොකක්ද , කරන්නේ කොහෙද කියන එක බලන්නේවත් නැද්ද? (ම)

:       0       0

රිහාන් Wednesday, 02 March 2016 06:14 AM

ගුරාටත් අකුරු වරදිනවා (ම)

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 02 March 2016 06:22 AM

දැන් දරුවාගේ පියාට කියයි දෙකේම අසනීපයක් තිබුණා කියලා (ම)

:       0       0

සිරි Wednesday, 02 March 2016 08:21 AM

සයිටම් එකේ ළමයි වෛද්‍යවරු වුණොත් නේද මෙහෙම දේවල් වෙනවා කිව්වෙ. මේ දොස්තර කොහෙන් පාස් වෙච්ච කෙනෙක්ද කියල බැලුවොත් හොඳයි. (ම)

:       0       0

ලංකාශ්‍රී Wednesday, 02 March 2016 08:36 AM

මගෙත් දතක අමාරුවකට ඊළඟ හොඳ දතට ස්නායු මරණ ප්‍රතිකර්මය වැරදෙමකින් සිදුකර තිබුනා ඊළඟ දවසේ අමාරුව අඩු නැති නිසා දත් දොස්තර අනෙක් දතටත් නැවත ප්රෙතිකර්ම කලා. පෞද්ගලික නිසා ලොකු මුදලකුත් ගෙවන්නට සිදුඋනා. (ර)

:       0       0

උපාලි Wednesday, 02 March 2016 08:43 AM

ඒ මහත්තුරුන්ට මේ දවස්වල තියෙන වැඩවල හැටියට කකුල් මාරු වෙන එක ගැන කලබල වෙන්න ඕන නැහැ. (ර)

:       0       0

අජිත් Wednesday, 02 March 2016 09:24 AM

වම් පාදයේ සැත්කම කිරීමට රෝගියාගේ හෝ බාරකරුගේ අවසරය ගත්තද? එසේ නොවී නම් මෙය වෛද්‍ය ආචාරධර්ම කඩකිරීමක් සේම, නොසැළකිලිමත් වෛද්‍ය ශල්‍යකර්මයකි. වෛද්‍යවරයා අවංකවම වරද නොපිළිගනී නම්, දෙමාපියන් හට ඉහත වැරදි සඳහා ස්ථිර ලෙසම වන්දි ලබාගත හැකිය. වෛද්‍ය සභාව හා උසාවිය මෙවැනි වංචනික මිනිසුන්ගෙන් රෝගීන් රැකගැනීමට වහාම ඉදිරිපත් වියයුතුය. අත්වැරදී සිදුවීම පිළිගත හැකිවුවද, වංචනික ලෙස රෝගීන් රැවටීමට සමාව නොදිය යුතුය. (නි)

:       0       0

මාක් Wednesday, 02 March 2016 04:40 AM

අනේ මන්දා. දවසින් දවස ලංකාව එපා වෙන වැඩ තමයි තියෙන්නේ (බ)

:       0       0

රුවන් පානදුර Wednesday, 02 March 2016 04:40 AM

මාතෘකාව දැකල මං නම් හිතුවේ පානදුර ඉස්පිරිතාලේ කියල, පානදුර ඉස්පිතාලේනම් එහෙම වෙන එක නම් සමාන්‍යයි (බ)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 04:48 AM

" පය බරවායට පිටිකර බෙහෙත් බඳනා සේ " ධර්මසේන හිමියන් කිවුවේ මේ ගැන වෙන්නැති. (බ)

:       0       0

සමන් Wednesday, 02 March 2016 04:58 AM

මෙන්න ලංකාවේ දොස්තරලගේ වැඩ .රටේ වෙන දේවල් වලට දොස්තරලා විරෝධතා පානවා. දොස්තරලා ,දොස්තරලගේ වැඩ හරියට බලාගන්න .රට පාලනය කරන්න ඡන්දයෙන් පත්වූ අය‍ට දෙන්න (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 02 March 2016 05:16 AM

ඉන්දියාවේ දොස්තර කෙනෙක්ද? (නි)

:       0       0

ලලීන්ද්‍ර Wednesday, 02 March 2016 05:17 AM

මීට සුදුසු දඬුවමත් උසාවිය මඟින් ලබාදෙන්න. (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 02 March 2016 05:23 AM

සමන්, රට පාලනය කරන්න දීලා නිකන් බලාහිටියොත් රටක් නැතිවෙන නිසයි උගත් දොස්තරවරු වීදි බහින්නේ. (නි)

:       0       0

කසුන් Wednesday, 02 March 2016 05:28 AM

දකුණු කකුලේ කලින්ම ශල්‍යකර්මය කරන්න හිතෙන්න ඇති. පව් අර පුංචි එකාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ජනහිත Wednesday, 02 March 2016 05:33 AM

ඕකනේ අපේ අය සිංගප්පුරු යන්නේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 02 March 2016 05:57 AM

කණ්ණාඩියකින් බලාගෙන වෙන්න ඇති මේක කරන්න ඇත්තේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 519 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 503 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1496 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1130 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 440 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site