IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දකුණු කොරියා රැකියා ජාවාරමට නීතීඥයකුත් හවුල්

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාව වෙබ් අඩවියක් හදා දකුණු කොරියාවේ රැකියා දෙන බව කියමින් රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන තිදෙනාට නීතීඥවරයකුගේ ද සහාය ලැබී ඇතැයි රහස් පොලිසියට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේය.

පානදුර ඊබ්‍රහිම් පාරේ සමන්තිලක දර්ශන උද්‍යාන නොහොත් මොහොමඩ් වසීර්, කළුබෝවිල කවුඩාන පාරේ සිත්ති නසීමා නිෂාම්දීන් හා කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ විශ්ව තරංග ෆොන්සේකා මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

ඔවුහු යළි ලබන 16 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

පළමුවැනි සැකකරු කොළඹ කොල්ලුපිටිය ගාලු පාරේ කේ එල් සී ප්ලේස්මන්ට් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනය මගින් මේ වංචාව කර ඇතැයි ද, පළමු වැනි හා දෙවැනි සැකරකුවන් ළඟ තිබී රුපියල් ලක්ෂ 50ක් සොයා ගත්තේයැයි ද රහස් පොලිසිය අධිකරණයට කීවේය.

රහස් පොලිසියේ පරිගණක අපරාධ පරීක්ෂණ අංශයේ පරීක්ෂක ආර් එම් එච් කේ රත්නායක මහතා අධිකරණයට පැවසුවේ රැකියා අපේක්ෂකයකු වන ගම්පොළ ඩබ්ලිව් ටී සඳරුවන් රුපියල් ලක්ෂ හත හමාරක් සැකකරුවනට ගෙවා තිබිය දී තවත් රුපියල් හය ලක්ෂයක් වෙනුවෙන් ඔහුගේ දේපොළ සම්බන්ධයෙන් එම නීතීඥවරයා  ඔප්පුවක් ලියා ඉඩම එම ආයතනයට පවරා වංචනික ක්‍රියාවක් කර ඇති බවයි.

මේ අතර මෙම නඩුවේ සැකකාරියක වන කොටිකාවත්ත වෙළෙඳ සංකීර්ණයේ එස් ඩී ටී ක්‍රිස්ටීන් දිල්හාරි අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ සහාය බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

දකුණු කොරියා රැකියා ජාවාරමට නීතීඥයකුත් හවුල්

පෙරේරා Thursday, 02 October 2014 05:48 PM

අද රටේ ඉහළම තැන්වල සිට පහළම තැන් දක්වාම ජාවාරම්වල කතා අහන්න ලැබෙනවා. (නි)

:       0       0

උපාලි Thursday, 02 October 2014 06:43 PM

නිල ඇඳුමින්, ටයි කෝට් වලින් සැරසී ඉන්න අපරාධකාරයින් අපේ සම්ප්‍රදායික හොරුන්ට වඩා දහස් ගුණයක් වැඩිබවත්, භයානක බවත් නිතරම සිහිපත් කළයුතුයි. (නි)

:       0       0

සේරම් පැරිස් Friday, 03 October 2014 10:01 AM

බහුතර කළු කෝට් කාරයන් හුදෙක් මුදල් මත පමණක් ක්‍රියා කරන , මුදල් වෙනුවෙන් ඕනෙම කැත වැඩක් කරන කොටසක් , ඔවුන්ට මානුෂික හැඟීම් නැත , මොකද මානුෂික පැත්තට වඩා මුදල් මත මනස ක්‍රියාත්මක බැවින් , එහෙත් ඉඳ හිට මනුස්ස ගති ගුණ තිබෙන නීති වේදීන් අතලොස්සක් ඉන්නවා. (ස)

:       0       0

බමුණු ආරච්චි Friday, 03 October 2014 12:46 AM

අපේ රටේ වන ලොකු වංචා වලට බොහෝවිට නීතීඥවරයකු හවුල් වෙනවා මම දැක තිබෙනවා. (නි)

:       0       0

නිලක්ෂි Friday, 03 October 2014 04:26 AM

අසරණයන් රවට්ටලා සල්ලි ගන්න මේ වගේ කපටියන්ට මේ රටේ තියෙන දඩුවම් මදි (නි)

:       0       0

නිශාන්ත Friday, 03 October 2014 04:41 AM

එක අතකින් නොහිටියා නම් තමයි පුදුම. දැන් මේකටත් කියාවි එවැනි ඔප්පු ලියන්න වෘත්තිමය අයිතියක් තියනවා කියලා. හැබැයි ඔහොම කරන අයට ස්වාභාවිකව දඬුවම් ලැබෙනව‍ා. (නි)

:       0       0

සෑම් Friday, 03 October 2014 05:06 AM

මේ විදියේ වැඩ කරන අය නීතිඥ නොව, "නීතිගඳ" විය යුතුයි. (නි)

:       0       0

රන්ජිත් Friday, 03 October 2014 05:14 AM

ප්‍රේමරත්න මහත්තයා කියන විදිහට ඔක්කොම නීතිඥවරුන් මේ ගණයට තමා වැටෙන්නේ. ඇති දේ නැති කිරීමත් නැති දේ ඇතිකිරීමත් මේ අයගේ රස්සාව. (නි)

:       0       0

හේරත් Friday, 03 October 2014 05:25 AM

කෝ මේ කළු කෝට් කට්ටියගේ ඉහළ වගකිවයුත්තන්? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 03 October 2014 05:40 AM

කෝ අර කළු කෝට්කාරයින්ට ආවඩපු අය? (නි)

:       0       0

ප්‍රේමරත්න Thursday, 02 October 2014 01:19 PM

අහිංසකයින්ගේ මුදල් වංචා කරන මෙවන් අධමයින් එල්ලා මැරියයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 23 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 40 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 131 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 251 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 201 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site