IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘දකුණු කොරියා ලාංකිකයනට ආරක්ෂාව දෙනවා‘

උතුරු කොරියාව, දකුණු කොරියාවට හා ජපානයට පහරදීමේ තර්ජනය ඇති බවත් මිසයිල නැගෙනහිර වෙරළේ ස්ථාන ගත කර අවසන් බවත් යුරෝපා මාධ්‍ය අද උදෑසන වාර්තා කළේය.

ඒත් සමගම උතුරු කොරියාව කියා සිටියේ දකුණු කොරියාවට පහර දෙන බවයි.

මෙය හුදු වගාඩම්බර කතාවක් විය හැකියැයි නිරීක්ෂකයෝ කියති.

ශ්‍රී ලාංකිකයෝ විසිපන් දහසකට අධික පිරිසක් මේ වනවිට දකුණු කොරියාවේ රැකියා කරති. යුදමය වාතාවරණයක් ඇතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප විදේශ ලේකම්ගෙන් විමසීමක් කළෙමු.

විදේශ සේවා නියුක්ති කාර්යංශය ඒ පිළිබඳව ක්‍රියා කරනු ඇති බවත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් මතුවුවහොත් ජනාධිපති හා විදේශ ඇමැති උපදෙස් පිට තම අමාත්‍යංශය විදේශ සේවා කාර්යංශයට උපරිම සහයෝගය ලබා දෙන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.

දකුණු කොරියාවේ සේවයේ නියතු  සියලු දෙනාගේ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති බව ඔහු කියයි.

මුල් රැකියා ස්ථානයන්ගෙන් පැන ගොස් නීති විරෝදීව එරට තුළ විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සේවය කරති. ඔවුන් පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නොමැති බව එරට ශ්‍රී ලාංකියෝ පිරිසක් පැවසූහ.



අදහස් (0)

‘දකුණු කොරියා ලාංකිකයනට ආරක්ෂාව දෙනවා‘

දිනේෂ් Saturday, 06 April 2013 06:43 AM

කොහොම වුණත් අපි ගැන මීට වඩා ටිකක් වැඩිපුර විදේශ සේවා කාර්යංශය හොයනවා නම් තමයි හොද. හදිසියක් වුණොත් අපි කොහොමද මෙහෙන් පිට වෙන්නේ. (නි)

:       0       0

මෝරා Saturday, 06 April 2013 06:47 AM

මමත් දකුණු කොරියාවේ වැඩ කරන්නේ. ඇමෙරිකා, ඉරාන, කොරියා කතා කොහොම කිවුවත් .... මිනිස්සුනේ, මේ ලෝකෙට යුද්ධ නම් එපා (නි)

:       0       0

මහේෂ් Saturday, 06 April 2013 06:56 AM

රටක් හුදකලා කරලා කොන් කිරීමෙන් ඔය තත්ත්වය ඇති වන බව දකුණූ කොරියාව ඇතුළු සියලු බටහිර ගැතිකම් කරන රටවල් තේරුම්ගත යුතුවෙනවා. (නි)

:       0       0

වරුණ Friday, 05 April 2013 01:43 PM

අපේ කට්ටිය හිරවෙනකල් අන්තිමට දන්නේ නැතිවෙයි (නි)

:       0       0

දුල්ෂාන් Friday, 05 April 2013 06:16 PM

ඇත්තටම මෙහෙ එහෙම ලොකුවට යුද වාතාවරණයක් තවම නැහැ. මම හිතන්නේ ඇමෙරිකාව ජපානය දකුණු කොරියාව රටවල් තුන සමගම හැප්පෙන එක උතුරු කොරියාවට ලෙහෙසි වෙන්නේ නැහැ, යුද්දයක් ඇති උනොත් එක ලෝකෙටම බලපානවා යුද්දයක් ඇති නොවේවි අපි ප්‍රර්ථනා කරනවා. (නදී)

:       0       0

සදුනි Friday, 05 April 2013 01:46 PM

යුද්ධයක් කිසි කලෙක නොවේවා! එසේ වුණොත් අපේ රටේ ආර්ථිකය මුලුමනින්ම ඉවරයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 07:32 AM

ලෝකේ බොහොමයක් රටවලට ගොස් රැකියා කරලා එවන මුදල් වලින් තමයි ලංකාවේ විදේශ විනිමය පියවා ගන්නේ. යුද්ධයක් වෙනවා නම් අපේ රටට මුදල් එවන අපේ අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වෙනවා නේද? අපේ ආණ්ඩුව කඩිනම් පියවරක් ගත යුතුයි. (නි)

:       0       0

පාල Friday, 05 April 2013 01:51 PM

මට පුදුමේ කියන්නේ මෙච්චර අපේ කොල්ලන්ට රස්සා දීපු දකුණු කොරියන් ආණ්ඩුවට ගහනවා කියනකොට ඊනියා ඇමරිකන් විරෝධියෝ සතුට ප්‍රකාශ කරන එක.(ස)

:       0       0

සුධීර Friday, 05 April 2013 01:45 PM

ඇමරිකවටයි,කොරියවටයි ගහනවා කියන කොට අපේ රටේ ඉන්න අය සන්තෝෂ වෙනවා. මේකෙන් අනතුරේ වැටෙන්න් අපේ අය විතරක් නෙමෙයි, අපේ අපනයනෙන් 36% මිලට ගන්නේ ඇමරිකාව. (නි)

:       0       0

වල්පිට Friday, 05 April 2013 01:56 PM

හැකි ඉක්මනින් යුද්ධය පටන් ගන්න. උතුරු කොරියාවේ ශක්තිය පෙන්වන්න. (නි)

:       0       0

දිසානායක Friday, 05 April 2013 01:53 PM

ලංකාවේ කයිවාරු ගහන අය දෙපයින් ඉන්නේ අපි මේ රටවල හම්බකරලා එවන සල්ලි නිසයි. (නි)

:       0       0

උපුල් Saturday, 06 April 2013 09:15 AM

මේ වගේ රටවල් අල්ලාගෙන තමයි කවදා හරි ලංකාවට ගහන්නෙත්. මෙයාලා ඔක්කොම ඡන්දය දුන්නේ අපට විරුද්ධවනේ. (නි)

:       0       0

ආරියසිරි යසන්ත Friday, 05 April 2013 07:03 PM

අපිත් කොරියාවේ ඉන්නේ ජොබ් ටික නැති උනොත් මාසෙකට රු කෝටි 30 කට වඩා පාඩු වෙනවා රටේ ආර්ථිකයට.(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Saturday, 06 April 2013 10:52 PM

එක එක්කෙනා කියන සුන්දර කතා වලට රැවටෙන්නේ නැතුව තමාගේ ආරක්ෂාව තමන් සපයා ගත්තොත් කෝකටත් හොඳා (නි)

:       0       0

රාණී Friday, 05 April 2013 07:19 PM

වල්පිට කියන්නේ සේනාවේ කෙනෙක් වගේ. කියන්නෙම මොංගල් කතා.(නදී)

:       0       0

රෝහිත Friday, 05 April 2013 07:27 PM

හදිසියේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණොත් එහේ ඉන්න ලාංකිකයන්ට මොකද වෙන්නේ? කො‍හොමද ලංකා රජය එයාලව බේරගන්නේ? (නි)

:       0       0

විහඟ Friday, 05 April 2013 02:40 PM

මේ උතුරු කොරියාව ,ඉරානය ,වෙනිසියුලාව වගේ ලෝකෙටම හිසරදයක් වෙච්ච රටවල් ටික මට්ටු කරන්න ඕනි. වල්පිට මහත්තයෝ නිකන් වැඩකට නැති කතා කියන්න එපා .(ස)

:       0       0

සිසිර Friday, 05 April 2013 02:47 PM

අපේ සිංහල මිනිස්සුන්ට යුරෝපීය, ඇමෙරිකා , ඕස්ට්‍රේලියා වැනි රටවලට යන්න දෙනවනම් අපේ රට තවත් දියුණු වේවි. (ස)

:       0       0

කුසුම් Friday, 05 April 2013 02:43 PM

මගේ පුතත් ඉන්නේ දකුණු කොරියාවේ, ඉතින් ප්‍රවෘත්ති අහනකොට ගොඩක් බය හිතෙනවා. විදේස සේවා නියුක්ති කාර්යංශයෙන් මම ඉල්ලා සිටින්නේ තත්වය බරපතල නම් හැකි ඉක්මනින් අපේ ලම්යි සියලු දෙනාම ලංකාවට ගෙන්වන්න කියලා. යුද්දයක් ඇති නොවේවායි මම ප්‍රාර්ථනා කරනවා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 07 April 2013 01:37 AM

යුද්ධයක් ඇති වුණොත් දකුණු කොරියාවේ ඉන්න අපේ මිනිස්සුන්ට වෙන්නේ අනාත කඳවුරුවල දුක්විඳින්න. එහෙම නැත්නම් , මැරුම් කන්න. (නි)

:       0       0

දේව් Sunday, 07 April 2013 01:30 AM

අමතක කරන්න එපා කුවේට් සහ ලෙබනන් යුද්ධ වලදී ලංකාවේ අය‍ මුහුණ දුන්න බිහිසුණු අත්දැකීම්. (නි)

:       0       0

ප්‍රේමලාල් Saturday, 06 April 2013 11:36 AM

කොරියාවේ සිටින ලංකාවේ අය බය විය යුතු නැහැ. (නි)

:       0       0

රජින්ද Friday, 05 April 2013 02:48 PM

න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල උනොත් කොහොමද අපේ අයව රැකගන්නේ කියමු බලන්න?(නදී)

:       0       0

වල්පිට Sunday, 07 April 2013 06:40 AM

හැකි ඉක්මනින් යුද්ධය පටන් ගන්න. පවිටු මිනිසුන් සිටින මේ ලොව විනාශ විය යුතුයි. (නි)

:       0       0

සුධීර Saturday, 06 April 2013 01:02 PM

එකට තුබුන මේ රට බෙදන්න ඇමරිකාව වගේම රුසියාවත් හවුල් උනා. අපේ ඇමරිකන් විරෝදින්ට රුසියාව පෙනෙන්නේ නෑ. පුදුමේ කියන්නේ ඇමරිකාවට හේත්තු උනා කොටස දියුණු උනා. රුසියාවට හේත්තු උනා කොටස නන්නත්තාර උනා. මේ ලෑස්ති වෙන්නේ තමන්ගේ ඒකාදිපති වැඩේ රැකගන්ට කරන වෑයම.(නදී)

:       0       0

නන්දලාල් Friday, 05 April 2013 08:32 PM

මමත් ඉන්නේ දකුණු කොරියාවේ. යුද උණුසුමක් තවම නැතිවුණාට අවදානම ටිකක් වැඩිවෙලා . හැම දෙනාම එක්ව යුද්ධයක් කිසිදිනක ඇති නොවේවා කියා පතමු. (නි)

:       0       0

මාලක Saturday, 06 April 2013 12:57 PM

හොරකම්,වංචා,දුශනේ, නොකර ඇමරිකාවට කඩේ ගිය කිසි රටකට වැරදිලා නෑ. උදාහරණ දකුණු කොරියාව,සින්ගපුරුව,ජපානේ,මැලේසියාව රුසියාවට කඩේ ගිය එක රටක් ගොඩ ගියේත් නෑ. (ස)

:       0       0

දේව් Saturday, 06 April 2013 01:13 PM

දකුණු කොරියාවේ ඉන්න ලංකාවේ අය සමහරක් කියනවා යුද උණුසුම තියනවා අපි දැන් යන්න සුදානම් කියල කියනකොට තව අය කියනවා මුකුත් උණුසුමක් නැහැ කියල . මොකක්ද මේකේ ඇත්ත... (ස)

:       0       0

ර.ම.ගාමිණී Saturday, 06 April 2013 01:32 PM

මේ යුද්දේ කවම දවත් වෙන එකක් නොවේ...ඔය සේරම රටවල් දන්නවා යුද්දයක් උනොත් වෙන්නේ මොකක්ද කියන එක..මේක එහෙම පිටින්ම ඇමෙරිකාව උසි ගන්නල කරන්න හදන නෑදෑකමක්..එත් කොරියා රටවල් දෙකෙන් එකක්වත් මේ කට අහුවෙන්නේ නැහැ...(ස)

:       0       0

සදුනි Friday, 05 April 2013 09:02 PM

දකුණු කොරියාවේ ඉන්න අපි යුද්දෙට බයක් නැහැ කොරියානුවෝ තනි කරන්නෙත් නැහැ.(නදී)

:       0       0

සිසිර Saturday, 06 April 2013 02:15 PM

සෙන්තිග් ,, නුබට යන්න තියෙන රට ඉතියෝපියව නැත්නම් තමිල්නාඩුව.. (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 05 April 2013 03:49 PM

ලංකාවේ විදේශ සේවා එක ගැන නම් විශ්වාස කරන්න අමාරුයි.(නදී)

:       0       0

සරත් Saturday, 06 April 2013 03:13 PM

අපේ රටේ පවතින තත්වය හැම කොරියවකටම වඩා භයානකයි. පිට රටවල් ගැන හිතන්න ඉස්සර වෙලා අපේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවද කියල කවුරුත් හිතල බලන්න... අපි හැමෝම අන්දයෝද මන්ද (ස)

:       0       0

සෙන්තිල් Friday, 05 April 2013 09:55 PM

මේ 25000ම අනිවාර්යයෙන්ම සිංහලුන් වෙන්න ඇති. (නි)

:       0       0

සෙන්තිග් Friday, 05 April 2013 10:01 PM

සිසිර, නුඹ කියන්නේ යුරෝපය, ඕස්ට්‍රේලියාව වගේ රටවලට නුඹලාගේ සිංහලුන්ව පමණක් යවන්න කියලාද? (නි)

:       0       0

වල්පිට Friday, 05 April 2013 04:08 PM

මට ඕන රටක් මට ඕන හැකි ඉක්මනින් ලෝකය විනාශ වෙන්න. තමන් ගැන විතරක් හිතන මිනිස්සු තමන් පමණයි සැප විදින්න ඕන කියා හිතන මිනිස්සු ඉන්න ලෝකයක් විනාශ විය යුතුයි. එවිට ඔක්ක්කොම එකට ගිලෙනවා එතකොට දෙනේවි.(නදී)

:       0       0

වීරසිංහ Friday, 05 April 2013 04:09 PM

වල්පිටල වගේ අයට කන්න දෙන්නේ මෙරටෙන් කොරියාව වගේ රට වලට ගිහින් වැඩ කරන කොල්ලෝ. කොටින්ම කිවොත් කොරියාවේ ආණ්ඩුව. මේ ලෝකේ දැන් එකට එක සම්බන්ද වෙලා. ලංකාවේ අපනයනෙන් තනිකරම 36%මිලට ගන්නේ ඇමරිකාව.(නදී)

:       0       0

රූපා Friday, 05 April 2013 04:11 PM

ඉරාකෙට ගහන කොට මේ රටේ හිටපු මුස්ලිම් විරෝදියෝ හුරේ දැම්ම. දැන් ඇමරිකන් විරෝදියෝ හුරේ දානවා. ඇමරිකාවට ගැහුවොත් වැටෙන්නේ අපේ වෙළදාම. නැතිවෙන්නේ අපේ රස්සා. කවදද මේවා ඉගනගන්නේ. යුද්දයක් වෙන්න එපා.(නදී)

:       0       0

නීලා Friday, 05 April 2013 04:12 PM

න්‍යෂ්ටික යුද්දෙකදී ඉවර වෙන්නේ එක රටක් නෙවේ මුළු පැත්ත පළාතම ඉවර වෙනවා. අනික බල ලෝබියෙක් එක රටක් අල්ලාගෙන නිකන් ඉන්නේ නැහැ. අපේ රටේ ඊනියා ඇමරිකන් විරෝදියෝ කන්නේ බත්ද.(නදී)

:       0       0

සරත් Friday, 05 April 2013 10:31 PM

මිනිස්සුන්ගේ අදහස් වලට පුද්ගලිකව පහර ගහන්න එපා.කාටවත් ලෝකේ වෙන දේවල් වෙනස් කරන්න බැහැ. වෙන දේ බලා ඉන්නවා මිසක. (නි)

:       0       0

ජෝයි Friday, 05 April 2013 04:20 PM

මට තේරෙන්නේ නැත්තේ අපේ අය ඇමරිකාවට බැන බැන ඇමරිකාවට හේත්තු වෙලා දියුණු වෙච්ච වෙනත් රටවලට රස්සාවල් වලට බඩගානවා.(නදී)

:       0       0

නිමලා Friday, 05 April 2013 04:22 PM

ඇමරිකාවට බැන බැන ඇමරිකාවට හේත්තුවෙලා දියුණු උන වෙනත් රටවල රැකියාවල් වලට බදවාගනවා වෙනුවට අපිම ඇමරිකාවට හේත්තු උනොත් නරකද.(නදී)

:       0       0

ආනන්ද Friday, 05 April 2013 10:48 PM

ඕස්ට්‍රේලියාවට යන්න උඩ ගෙඩි දෙන අයට මේවා පෙනෙන්නේ නැද්ද ? අනේ මෙහෙම මිනිස්සු ! (නි)

:       0       0

දයා Saturday, 06 April 2013 05:11 PM

මම නම් අපේ රටේ විදේශ සේවා කාර්යංශය ගැන කතාකරන්නවත් කැමති නැහැ. (නි)

:       0       0

සම්පත් Friday, 05 April 2013 11:53 AM

තෝරු මෝරුන්ගේ වැඩ වලින් අපටයි පාඩුව මේකෙන්.. (ස)

:       0       0

මාලක Friday, 05 April 2013 11:47 AM

මුල් රැකියාවෙන් පැන ගිහින් නීති විරෝධීව ඉන්න අය ගැන වග කියන්නේ කොහොමද? (ස)

:       0       0

ඇසල Friday, 05 April 2013 11:57 AM

මගේ අයියා ඉන්නේ දකුණු කොරියාවේ. මම එයත් එක්ක මේ ගැන කතා කළා. එයාලා කියන විදියට මේ ගැන එහෙ මිනිසුන්ට කිසිම තැකීමක් නැහැ. එයාලගේ වැඩ කටයුතු සාමන්‍ය පරිදි කරගෙන යනවා. උතුරු කොරියාව මිට කලිනුත් කිව්වා දකුණු කොරියාවේ සෝල් නගරේ නැති වෙන්නම යුධ ප්‍රහාර එල්ල කරනවා කියලා. ඒ උනාට කිසිම දෙයක් උනේ නෑ. ඒ කට්ටිය කියන්නේ උතුරු කොරියාව නිකන් බය කරන්න කියන කතා කියලා. කොටින්ම කිව්වොත් ලංකාවේ මිනිස්සු ඔය ගැන දක්වන උනන්දුව තරම්වත් එහෙ මිනිස්සු මේ ගැන දක්වන්නේ නෑ. මිට කලින් සැරයක් දකුණු කොරියාවට අයිති දුපතකට පහර දුන්නා. ඒත් ජන ජීවිතය බිඳ වැටුනේ නෑ.(නදී) එනමුත් මගේ පෞද්ගලික අදහස නම් උතුරු කොරියාව, ඉරානය වගේ අන්තවාදී,ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙන රටවල් මට්ටු කල යුතුය.

:       0       0

චතූ Friday, 05 April 2013 10:46 PM

එක එක අයගේ අදහස් වෙනස්. ඒත් ඇත්ත නම් කොරියාවේ සේවය කරන අපේ සොයුරු සොයුරියෝ හීන ගොඩක් සැබෑ කරගන්න ගොඩක් දුක් විදිනවා. මෙහෙ ඉන්න අයට ඒ ගැන වැටහීමක් නැහැ. මම නම් ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාටම කරදරයක් නැතිව සේවය නිමකර එන්න ලැබේවා කියා යි . තෙරුවන් බෙලෙන් යුද්ධයක් ඇති නොවේවා! (නි)

:       0       0

ජයේ Friday, 05 April 2013 12:01 PM

කොල්ලනේ පුළුවන්නම් උඹලා ඕස්ට්‍රේලියාවට පැනපල්ලා සරණාගතයෝ විදියට.(නදී)

:       0       0

පාල Saturday, 06 April 2013 05:25 PM

මේ රටවල් දෙක බෙදන්න ඇමරිකාව වගේම රුසියාවත් වග කියන්න ඕනෑ. හැබැයි දකුණු ඇමරිකාවට හේත්තු වෙලා දියුණු වුණා. (නි)

:       0       0

ගාමිණී Friday, 05 April 2013 04:45 PM

මම දැනට කොරියාවේ 04 වන අවුරුද්ද ගෙවන්නේ .මෙහෙ කිසිම යුද උණුසුමක් නැහැ තවම. කිසිම කෙනෙක් යුද්දයක් එනවා කියල කියන් නෑ. මෙහෙට එන හැමෝගෙන්ම මුල් මාසේ පඩියෙන් රු .60000.00 පමණ මෙහෙ රජයෙන් කපාගන්නවා ආපසු යාමේ ගුවන් ගමන් ගාස්තු සඳහා. .ඒ නිසා අපිට ඕන වෙලාවක අපේ සේවය අවසන් කර නැවත ලංකාවට එන්න පුළුවන්.(නදී)

:       0       0

ඩේවිඩ් Friday, 05 April 2013 11:32 PM

ඩේලි මිල් එක කියවල බලන්න අර කොරියාවේ ජෝන් මුන් බබා කියනවා පිට රට අයගේ ආරක්ෂාව ගෙන වගකියන්නේ නැහැ කියල .එයා සදාම් කෙනෙක් වෙන්න හදනවා වගේ මට නම් පෙනෙනෙනේ . (ත)

:       0       0

ජයා Friday, 05 April 2013 11:34 PM

ආසියාකරයේ සැම දෙනා එකා මෙන් ඉන්න ඕනෑ වෙලාවක කරන වැඩේ නම් බරපතල දෙයක්. (නි)

:       0       0

ජීවන් Friday, 05 April 2013 04:54 PM

වල්පිට, මේ වගේ ආර්ථික ක්‍රමයක් ඇතුලේ ඔහේ දැන හෝ නොදැන ඔහේට කන්න අදින්න දෙන්නෙත් කොරියාවේ වැඩ කරන කොල්ලොයි කොරියන් ආණ්ඩුවයි. (නදී)

:       0       0

රවී. Friday, 05 April 2013 11:35 PM

දැනට මම ද කොරියාවේ සේවය කරනවා. මෙහෙ ලොකු යුධ උණුසුමක් පෙනෙන්න නැහැ. සියලු දෙනාම පුරුදු පරිදි එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා. එහෙත් මුළු ලෝකයම තමන් යටතට ගන්න දගලන ඇමෙරිකාවට, උ.කොරියාව වගේ කෙලින් ඉන්න රටවල් තියන එක හොදයි කියලා මට හිතෙනවා. නැත්නම් ඇමෙරිකාව ලෝකය අල්ලේ නටවාවී. (නි)

:       0       0

සුරංග Saturday, 06 April 2013 06:46 PM

බොහොම සාමාන්‍ය විදියට මෙහෙ මිනිස්සු වැඩ කරගෙන යනවා.මම නම් හිතන්නේ උතුරු කොරියාව බොරුවට කෑගහනවා. කවදාවත් යුද්ධයක් ඇති නොවෙන්න ඕනෑ, අපි හම්බ කරගෙන කාපු රට විනාශ වෙනවා දකින්න ගොඩක් අකමැතියි. කවදාවත් එහෙම විනාශයක් වෙන්න නම් එපා. (නි)

:       0       0

පාල Friday, 05 April 2013 04:55 PM

උතුරු කොරියාවේ අර අවුරුදු 28ක කොලුවා අපේ වල්පිට වගේම මන්ද මානසික දරුවෙක්.(නදී)

:       0       0

පරා Friday, 05 April 2013 11:58 PM

අපි උතුරු සහ දකුණු කොරියානුවන්ට උදව් කරමු. (ත)

:       0       0

මුතුකුඩ Saturday, 06 April 2013 12:06 AM

එහෙම වුණොත් කට්ටියට සෞදි තමයි යන්න වෙන්නේ එහේ එහෙම නැති නිසා. (ත)

:       0       0

නුගේ Friday, 05 April 2013 04:57 PM

වල්පිට වල් කතා කියන්න එපා කට තිබුණු පලියට. මමත් ඉන්නේ දකුණු කොරි යාවේ. අපි එවන සල්ලි වලින් ශ්‍රිලංකාවේ අර්ටිකය ගොඩනැංවෙන බව දන්නේ කැද්ද? දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් යුද්ධයක් නොමවේවා.(නදී)

:       0       0

දානි Friday, 05 April 2013 01:04 PM

මම ඉන්නේ කොරියා වල. පුදුම උණුසුමක් තියෙන්නේ මෙහේ. අපිත් ඉතින් ලංකාවට යන්න බඩු ලෑස්ති කරගෙන ඉන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 113 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 596 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 651 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 259 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 722 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2009 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38637 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site