IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දකුණේ පිරිස් ප්ලේන්ටි බාගයට හුරු වෙති

(ධර්‍මදාස සිරිවර්ධන)

දකුණේ ඇතැම් තේ  කඩවලින්  ප්ලේන්ටි භාගයක් ලබා ගැනීමට බොහෝ පිරිස් පුරුදුව සිටින බව වෙළෙඳහල් හිමියෝ පවසති.  තේ එකක මිල රුපියල් 50ක් වන අතර රුපියල් 25ක් දී ප්ලේන්ටි භාගයක් මිලට ගැනීමට ඇතැම් පිරිසක් කටයුතු කරයි.

වැඩි වශයෙන්ම දිනපතා එකම ගනු දෙනුකරුවන් පිරිසක් පැමිණෙන ඇතැම් ඇඟලුම් කම්හල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල ආපනශාලාවලද මෙම ක්‍රමය බහුලව දක්නට ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක ආපන ශාලා හිමිකාරියක් මෙසේ කීවාය.

මම මේ රස්සාව කරන්න වෙලා සෑහෙන කාලයක් වෙනවා. ඇත්තෙන්ම මහත්තෙයෝ මේ වගේ කාලයක් නම් එයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. ඔය ලස්සනට ඇඳල ආවට ඇතැම් නෝනල මහත්තුරු බනිසක් කාල ඇල්වතුර වීදුරුවක් බීල බඩ පුරව ගන්නව. කෑම එකක් කාල තේ බොන අය අඩුයි. සමහරු හැලපයක් අරන් හයට විතර කඩල කහට බීල යනවා. 

අපි කන හැටි ලිපා දනී. කියනව නේ. ඒක තමයි කියන්න තියෙන්නෙ. ඉස්සර මේසෙ වාඩිවෙලා දිග ඇරගෙන කාපු බත් එක අද කන්නෙ කොලයෙන් වට කරගෙන වහගෙන. හරියට මල්වර වෙච්ච ගෑනු ළමෙය නාවන කොට වගෙයි. හතර වටේම වහගෙන.

දැක්කම දුක හිතෙනව. කාහොම හිටපු මිනිස්සුද? ඕකයි මහත්තෙයෝ ඇත්ත. අපටත් දැන් කිසිම දෙයක් නිකං දෙන්න බෑ. ඉස්සර එහෙම දුන්න.

 



අදහස් (0)

දකුණේ පිරිස් ප්ලේන්ටි බාගයට හුරු වෙති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 22 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 255 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 362 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 861 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 294 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 575 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25453 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site