IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දකුණු මෝසම් රැළිය - 2012 සංජීව - රාහුල් ශූරතාව දිනති

සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජයේ මෙහෙයවීමෙන් කිලෝමීටර 536 ක දුරකින් යුත් දුෂ්කර ගමන් මාර්ගයක පැවැති දකුණු මෝසම් මෝටර් රථ රැළිය (2012) පිට පිට දෙවැනි වරටත් ජය ගැනීමට සංජීව අඹවත්ත සහ රාහුල් උලූවිට සමත්වුහ. මාතර සනත් ජයසුරිය ක‍්‍රීඩාංගණය අසළින් ආරම්භ වු මෙම රැුලිය අදියර තුනකින් සමන්විතවිය. වර්ණ ආරියදාස සහ නාලක ගුණවර්ධන දෙවන ස්ථානය දිනාගත් අතර දිසාන් ගුණසේකර සහ හරිත් සල්වතුර තෙවන ස්ථානය හිමිකර ගත්හ. පළමු අදියර මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගනයෙන් ඇරඹී උඩවලවෙන් අවසන් වූ අතර දෙවැනි අදියර පසුදා අලූයම 2.00ට උඩවලවෙන් ආරම්භ වී හම්බන්තොට නගරයෙන් අවසන් විය. එදිනම පෙරවරු 10.00 ට හම්බන්තොටින් ඇරඹුණු තෙවැනි සහ අවසන් අදියර තංගල්ල නගරයෙන් අවසන්විය. රියැදුරු සංජීව සිය සහායක රියැදුරු රාහුල් සමග තරගය ජය ගත්තේ ලකුණු 335 ක් පමණක් අහිමිකර ගනිමිනි. මෝටර රථ ධාවනය කරන රියැදුරන්ට දෙනු ලබන ලකුණු අනුව අවම ලකුණු සංඛ්‍යාවක් අහිමි කරගන්නා රැුළියේ ජයග‍්‍රාහකයා වෙයි. ජේ. පේ‍්‍රමතුංග සහ සමිත සිරිවර්ධන (ලකුණු 788) ආධුනික ඉසව්ව ජය ලැබුහ. එම ඉසව්වේදී වජිර කුමාර සහ සුරංග බුද්ධික (ලකුණු 812)  දෙවැනි ස්ථානය ද, රජිත් උලූවිට සහ අමිල සපුකොතන (ලකුණු 1260) තෙවැනි ස්ථානයට ද පත්වුහ. ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වු මෙම රැුලියට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ රන්න 212 සම අනුග‍්‍රාහය දැක්වීය. අවසන් තරග ප‍්‍රතිඵල: 1. සංජීව අඹවත්ත (රියැදුරු) සහ රාහුල් උලූවිට (සහායක රියැදුරු) - ලකුණු 335 2. වර්ණ ආරියදාස (රියැදුරු) සහ නාලක ගුණවර්ධන (සහායක රියැදුරු) - ලකුණු 370 3. දිසාන් ගුණසේකර (රියැදුරු) සහ හරිත් සල්වතුර (සහායක රියැදුරු) - ලකුණු 394 4. ප‍්‍රසන්න රණසිංහ (රියැදුරු) සහ ජයන්ත කරුණාසේන (සහායක රියැදුරු) - ලකුණු 632 5. ඩබ්.ජේ.පේ‍්‍රමතුංග (රියැදුරු) සහ සමිත සිරිවර්ධන (සහායක රියැදුරු) - ලකුණු 788 6. එන්. රොද්‍රිගෝ (රියැදුරු) සහ ඇන්ඩි‍්‍රයාස් ඒ. ක්ලූස් (සහායක රියැදුරු) - ලකුණු 794 7. එන්. වජිර කුමාර (රියැදුරු) සහ සුරංග බුද්ධික (සහායක රියැදුරු) - ලකුණු 812 8. එස්x කේx රංජිත් (රියැදුරු) සහ එස්xකේx මිතුන් ශානක (සහායක රියැදුරු) - ලකුණු 987 9. රිස්මින් රසීක් (රියැදුරු) සහ දක්‍ෂිණ අමරසිංහ (සහායක රියැදුරු) - ලකුණු 1087 10. සංජය සෙනරත් (රියැදුරු) සහ චන්දික අමරසිංහ  (සහායක රියැදුරු) - ලකුණු 1145සංජීව අඹවත්ත සහ රාහුල් උලූවිට සම්මාන ඇතැතිව......



අදහස් (0)

දකුණු මෝසම් රැළිය - 2012 සංජීව - රාහුල් ශූරතාව දිනති

චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:57 PM

අපිට කියන්නෙත් නැතුව තරග තියලා. අපි නැති නිසා දිනලා. පත්තරෙත් දාලා.... (නි)

:       0       0

ෆාරුක් Friday, 12 October 2012 11:13 AM

සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 28 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 75 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1817 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 493 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site